හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් කොළඹ ෆොන්සේකා මාවතේ විපක්‍ෂ නායක කාර්යාලයේදී අද උදෑසන පැවැත්විණ.

රටේ ආගමික සහජීවනය නංවාලීම සඳහා අලූත් වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ අරමුණින් මෙම සාකච්ඡාව පැවැත්විණ.

ත්‍රෛයිනායික මහා නාහිමිවරුන්ද, කතෝලික, ඉස්ලාම් හා හින්දු ආගමික නායකයින් සමග ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු විවිධ දේශපාලන පක්‍ෂ නායකයින් සමග ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිනිය කීවාය.

එජාප නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන් වන මංගල සමරවීර, තිස්ස අත්තනායක, රුවන් විජයවර්ධන හා රවී කරුණානායක යන මහත්වරු නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සමග මෙම සාකච්ඡාවට එක් වූහ.

්‍