”දිරිය දරුවෝ ළමා පදනම” ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැවැත්වූ තෑගි බෙදීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජනපති බිරිය ශිරන්ති රාජපක්‍ෂ ඇතුළු පිරිසක් එතියි පැය ගණනක් උත්සවය පමා කිරීම නිසා ප‍්‍රකෝප වූ පිරිස් සංවිධායකයනට පහරදෙන්නට වූහ. තෑගි කොල්ලකෑහ. රැස්වීම අවසන්වනතුරු ආරාධිතයෝ නොපැමිණියහ. පන්දහසක් පමණ දෙනා මේ උත්සවයට ආහ. උත්සවය සංවිධානය කළ බව කියන හත්දෙනකු අත්අඩංගුවට ගෙන හතරදෙනකු පොලිස් ඇප මත මුදා හළ බව පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රිකා නම් මාමගෙ මලගෙදර ආවෙ නැහැත හැබැයි ඉස්සරත් ඔහොම තමයි. ඔක්කොම පරක්කුයි
චන්ද්‍රිකාගෙ වැඩ ගැනනනම් මතක් කරන්නවත් එපා.
අනේ.... වෙච්ච දෙයක්.. දේශපාලනේ නැතිව කරන වැඩවල ගුණාත්මකභාවය වැඩී
තෑගි එයාලගෙ නෙමෙයිනම් බෙදන්න එයාල මොකටද?
සංවිධායකයන් මෙය නොකෙරෙන වැඩක් බව දැන ගතයුතුව තිබුනා.
පොඩි අයගේ වැඩට මොන පොලිටික්ද?
උපුල් හරි, ඒ ක්‍රමය ආදර්ශයක් හැටියට ක්‍රියාත්මක කරන්න ඕන හැම කෙනෙක්ම.
එකත් එකටම දෙන්නට දෙන්න මූණ දෙන්න කැමති නැතිව ඇති.
අනේ මිනිසුනේ වැදගත් උත්සවවලට දේශපාලනය සම්බන්ධ නොකර ගමේ උගත් වැඩිහිටියන් සහ පූජ්‍ය පක්ෂය සම්බන්ධ කර ගත්තොත් නේද හොද? එතකොට ඒකෙන් ළමයිටත් සෙතක් වෙනවා...
දේශපාලනඥයො කවද්ද වෙලාවට වැඩ කළේ?
චන්ද්‍රිකා කෙසේවෙතත් ශිරන්තිනම් අධිවේගී මාර්ගය විවෘත්ත කරන්න ගිහින් ඇති..
හිටපු ජනාපතිනියගෙ පුරුද්දනෙ..ඕක ඉතින් කියන්නත් දෙයක්යැ.
අයියෝ.......... ඇයි එකසැරේ නයයි මුගටියටයි දෙන්නටම ආරාධනා කලේ...........?
ගහල මදි
මේක සංවිධායකගෙ වැරදි. ආරාධිත අමුත්තො කියපු වෙලාවට ආවෙ නැත්නම්, ඉන්න කෙනෙක්ට කියල පටන් ගන්න තිබුණා.
ඔතනත් රණ්ඩුවට හේතුව ගැමුණුද දන්නෙ නෑ.
දෙන්න එකට එන්ඩ කැමති නැතිව ඇති...
චන්ද්‍රිකා එතුමියගෙ මාමගෙ අවමගුලට යන්න ඇති. කොහොම වුණත් දේශපාලකයො පොරොන්දු රකින් නැහැ...
ළමා පදනමේ වැඩවලට මොකද දේශපාලනය?
ඔය කට්ටියගෙ හැටි