හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ගෝලීය හින්දු බෞද්ධ සමුළුවට සහභාගී වූවාය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී, විවේකානන්ද් ජාත්‍යන්තර පදනමේ අධ්‍යක්ෂක එන්. සී. විජ් හා අෂීන් න්යානිස්සර හිමියෝද එයට එක්වූහ. ජපාන අගමැති ෂින්සෝ අබේ සමුළුවට එක්නොවී වීඩියෝ තාක්ෂණය ඔස්සේ සමුළුව ඇමතීය.
හිටපු ජනපතිනිය මෙම සමුළුවට සහභාගී වන්නේ දේශිකාවක වශයෙනි. හින්දු හා බෞද්ධ ආගමික ධර්මයන්හි ඇතුළත් විවිධ ජන කොටස් අතර සංහිඳියාව, සමගිය හා සාමය ඇති කිරීම සඳහා වන කරුණු අධ්‍යයනය කර සාමය සඳහා වන දර්ශනයක් නිර්මාණය කිරීම මෙම සමුළුව පැවැත්වීමේ අරමුණයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමියගේ වටිනාකම, දැන උගත්කම ගැන සහ ඇය ජාත්‍යන්තරයේ විවිධ සමුළු සහ වැඩ සටහන්වලට සහභාගී වී පවත්වන සමහර දේශන ගැන අපේ රටේ සමහර මෝඩයින්ට කිසිම තේරුමක් නැහැ. ඔහේ කටමැත දොඩවනවා. (අ)
ආ.......මෙයා බුද්ධාගමේද අපි දන්නේ දැන්නේ.......? (අ)
හොඳයි (අ)
මේ අයගෙන් මොන දේශනාද? (අ)
අම්මෝ....නියම කෙනෙක් තමා සාමය ගැන බෞද්ධ හින්දු දර්ශන ගැන කතා කරන්න අපෙන් යන්නේ. (බ)
මොකක්ද දන්නෙ නැහැ කළ කතාව? (නි)
අපි ජාති ආගම් වශයෙන් නොබෙදී ජීවත්වෙමු (නි)
ආගම් අතර සහයෝගයක් කලාපයේ තිබෙන එක හොඳයි. ආසියාවේ ගොඩක් මිනිසුන් ආගම කුලය වත්කම් අනුව බෙදිලා වෙන්වෙලා ඉන්නේ. රටක දියුණුවට මේ හැමදෙයක්ම බලපානවා. යුරෝපය සහ ඇමරිකාව මේ විදියට හිතන්නේ නැහැ. (නි)
මේ රටේදි නම් කරන කියන දේවල් වලින් අපිට තේරෙන්නේ එයාට හරියට කේන්තියන බවයි. (නි)
සියළු ජාතීන් එක්ව කටයුතු කිරීමයි වැදගත් (නි)
ඇත්තෙන්ම හොඳ දෙයක් (නි)
සමහරුන්ට නම් ඉතින් මේකත් වැරදියට පේනවා ඇති (නි)
අරමුණ නම් ඉතාම හොඳයි (නි)
තිලක්-ඩුබායි ට මගේ උත්තමාචාරය (අ)
ඔබතුමිය මේ කරන්නේ ඉතාම වැදගත් වැඩක්. (නි)
තිලක් ඔය හරි , ? එතුමිය තමයි වෙසක් පෝය දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් කලේ . බාමියන් බුදු පිළිම විනාශ කරනකොට ලෝකෙට ඇමරිකාවට බලපෙම් කලේ .මේ රටේ ඉන්න මිනිස්සු මේවා නොදන්නවට ජාත්‍යන්තරය ඒවා දන්නවා .ඒ නිසයි එතුමියට මේ වගේ ආරාධනා ලැබෙන්නේ .(අ)
මෝධි හොඳකලාපීය නායකයෙක් (අ)
සුබ ගමන්! (නි)
රටවල් අතර සහයෝගයෙන් වැඩකිරීම වැදගත් (නි)
රටට යහපතක් වෙනවා නම් එච්චරයි (නි)
ලෝකයට අලුත් ප්‍රවේශයක් (අ)
මට නම් කිසිම දෙයක් කියන්න හිතට එන්නේ නැහැ (නි)
ආ! ඒක තමයි එහෙනම් ලංකාවේ නැත්තේ.... (නි)
මම නම් ඇයට පුද්ගලිකව අකමැතියි (නි)
ආ මේ මෝඩිත් ඉන්නේ.... (නි)
බෞද්ධ කම ගැන කතා කරන්න නියම බෞද්ධ ප්‍රතිපත්ති ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඕන. (අ)
ඔබ දිනේවා මැතිණියනි! (නි)
ඔබගේ කටයුතු සාර්ථක වේවා! (නි)
බෞද්ධකම නියෝජනය කරන ඔබ ගැන සතුටුයි (නි)
මිනීමරලා,පිරිත් නුල් සීයක් විතර බැඳගෙන,මල් වට්ටිය අරගෙන පන්සල් ගානේ යන අයට වඩා මෙතුමිය සිය ගුණයක් හොඳයි. (නි)
වෙලාවට ගියාද දන්නේ නැහැ. (නි)
ඔබතුමියට දෙවි පිහිටයි! ඔබ දිනේවා මැතිණියනි! (නි)
බෞද්ධකම නියෝජනය කරන ඔබ ගැන සතුටුයි (නි)
,තිලක්-ඩුබායි මහත්මයා කීවාසේ,මෙතුමිය අතේ නූල් සීයක් විතර බැඳගෙන,ඒ මදිවාට වශී බෝලයක්ද මොකක්ද එකක් අතේ බැඳගෙන මෙවැනි වැදගත් සමුළුවකට ගිහින් ලෝකයා හිනස්සන තාලේ කෙනෙක් නොවෙයි.....ඔබතුමිය ගිය කාර්ය සපල වේවායි පතමි.....! (අ)
මෝඩිල දෙන්නෙක් එකතැනක සිටීමත් අසිරිමත් දෙයක්. (අ)
මෙතුම්ය පවුලේ අයට තැන දුන්නේ නැ දරුවන්ට ඕනි ඕනි විදිහට දේවල් කරන්න දුන්නේ නැ කෑදර කම නෑ බලේ තිබුණට ඔය අනික් අය වගේ හොඳෙ ඇයව අදටත් ජාත්‍යාන්තරය පිලිගන්නවා (අ)
ඇත්තෙන්ම හොද වැඩක් කලයුතු දෙයක් (අ)
තිලක් මෙයාගේ හොද කොහෙන්ද දන්නේ නැහැ දැක්කේ ලෝකේ ඉන්න කුහක ප්‍රතිපත්තියක් නැති ඉර්සියාවෙන් හා පලිගැනීමෙන් පෙලන රටකන මෙයාට ආගම තියනවද (අ)