හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමග එකතුවන්නේදැයි එසෑණ කළ විමසුමකදී පිළිතුරු දුන් එම පක්ෂයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියනුයේ සුරා කෑමට ලක් වු රට බේරා ගැනීමේ කාර්යයේදී තම පක්ෂයට ඇය සමඟ එක්ව ක්‍රියාකළ හැකි බවයි.
‘එතුමියට පක්ෂයක් නැහැ’. එතුමියගේ අනුගාම්කයන් මෙවන විට අපිත් සමග ඉන්නේ. ඇයට අවශ්‍ය තමන්ගේ පක්ෂය බේරාගන්නයි. අපිට අවශ්‍ය සුරාකෑමෙන් අගාධයට වැටි තියෙන මේ රට බේරගන්නයි. මේ හෑමදෙම කරන්න වෙලා තියෙන්නේ කාට විරුද්ධවද? අන්න එතනදි ඇය අපි සමග සහයෝගයෙන් වැඩ කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතුමිය සමග ගියොත් තියන ටිකත් නැති වෙනව (අ)
සරෝජ්, ඉස්සර වික්ටර් අයිවන් චෞර රැජින කියලා පොතක් ලිව්වනම් අද සිද්ද වෙන ගසා කාම ගැන පොත් 100 ක් ලියන්න පුළුවන්. අනික වික්ටර් අයිවන් චෞර රැජින පොත ලියලත් තවම ජීවතුන් අරතර ඉන්නවා. අද ලිව්වානම් මෙලහකට විකටර් අයිවන්ගේ ඇට කටුවත් හොයා ගන්න ලැබෙන්නේ නැහැ.(නදී)
දෙගොලෝම දේශපාලන අනාථයෝ.(අ)
ෆොන්සේකා මැතිතුමනි, වැටී බිඳුන රන්තලියක කැබලි ටික අහුලා ගන්න. (නි)
නියමයි. දෙන්නත් එක්ක එකතු වෙලා රට බේරා ගන්නකො. දුෂණ වංචා නැති , අපරාද නැති ,සර්ව සාදාරන සමාජයක් බිහි කරන්නකෝ. මිනිස්සු අතරේ එහෙම ජීවත් වෙන්න පුළුවන් රටක් දෙන්නත් එක්ක බිහි කරනකම් අපිත් ඉතින් බලාගෙන ඉමු. (නි)
එතුමියට පක්ෂයක් හෝ අනුගාමිකයන් කිසිවෙක් අද නැත.ඔබතුමාට පක්ෂයක් පමණක් ඇත.හිටපු අනුගාමිකයෝ කිසිවෙක් අද ලග නැත (නි)
දෙන්නාම දැන් කුණු ගොඩේ. එල්ලෙන්න වැල් නැතිව ඉන්නවා (අ)
ලංකාවේ යුද්ධය අවසන් කරන විට සිටි යුධ හමුදාපතිවරයා හා ජනතාවගේ බහුතර ඡන්දයෙන් දෙවරක් තේරී පත්වූ හිටපු ජනාධිපතිනියගේ එකතුවීම ඉතා ශ්‍රේෂ්ඨ දේශපාලන නායකත්වයක පෙර නිමිත්තක් ලෙස දක්නට පුළුවන් නිද්‍රාශිලී විපක්ෂ දේශපාලන නායකත්වය හේතු කොට ගෙන දුෂණයෙන් පිරි ,නිතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන ඒකාධිපති පාලනයකට නතුවී ඇති ලංකාව ,විනයකින් තොර ආශ්චර්යයක් කරා යන ගමනේ සැබැ විනයකින් යුතු ආශ්චර්යයක් කරා ගමන් කිරීමට අවශ්‍ය නායකත්වය ගැනීමට ඔබ දෙපලට ශක්තිය ,දිරිය ලැබේවා !(අ)
සම්පත්, ඔබට දෙමළ කොටින්ගෙන් කරදරයක් වෙන්නෙ නැතුව ඇති.මොකද ඔවුන් ගව ඝාතනය නොකරන නිසා. (නි)
සුදත් බ්‍රෙෂියා,ඔබගේ අදහසට මමත් 100% ක්ම එකගයි (නි)
කවුරු වුනත් කමක් නැහැ රට නිදහස් කර ගැනීමට ඉදිරියට එනවා නම් අපි සියලු සහයෝගය ලබා දෙමු (නි)
සියලුම දෙනා එකට එකතු නොවී මේ තත්ත්වයෙන් රට නිදහස් කර ගන්නවා කියන එකනම් ලේසි නැහැ. (නි)
මොන චන්ද්‍රිකා ගැනද ඔය කියවන්නේ? (නි)
ලංකාව නිදහස් වෙලා අවුරුදු 60 කදී ගත්තු ණය කන්දරාවෙන් බාගයක් මේ අවුරුදු 4-5 තුල අරන් තියෙනවා.මොනවා කරන්නද?තාමත් රටේ මිනිසුන් අන්ත අසරණයි. වේලක් හැර වේලක් කන මිනිසුන් මොන තරම් ඉන්නවද? මේවා හදන්න නම් ාජනෙරල් සරත් ෆොන්සේකාම බලයට අන්න ඕනෑ. (නි)
රන්ජිත් මහත්තයෝ, මතක තියාගන්න සරත් ෆොන්සේකා මහත්තයට හමුදාපතිකම දුන්නේ චන්ද්‍රකා නෙමෙයි කියලා (නි)
අංජන මෝඩයෝ දැන් රට කරන්නේ සුදනොද? පේනවා නේද පොඩි ළමයින්ට පවා ලිංගික අතවර කරන දේශපාලුවෝ බලයේ ඉන්නේ. (අ)
මෙතුමා ව ජනාධිපති කර ගත්තා නම් අද රට සහ අපේ අනාගත දරුවන්ගේ ඉදිරි අනාගතය සාර්ථක වෙන්න තිබුනා.දැන් උපදින දරුවත් ලක්ෂ 3.5 ක ණයක් අතේ මිට මොලවාගෙනනේ ඉපදෙන්නේ. (නි)
මෙතුමිය මොන තරම් ගසා කෑවා කියලා කිව්වත් එතුමිය ඇයගේ දරුවන්ට මහජන මුදලින් ලැම්බෝගිනි,ෆෙරෙර්රි, පොර්චේ කාර් ප්ලේන් එකේ ගෙනත් දීලා කියලා නම් අපි අහලා නැහැ. (නි)
ෆොන්සේකා මහත්තයෝ,හැකිනම් දයාසිරි මහත්තයාව ගන්න බලන්න. අපි කොහොමත් ඔබතුමා සමගයි. (නි)
චන්ද්‍රික මැතිනිය දෙවරක් ජනාධිපති වෙලා එයා බොහොම වැදගත් විදිහට ගෙදර යන්න ගියාට අනික් අයට නම් වැදගත් විදිහට ගෙදර යන්න ලැබෙන්නේ නැහැ වගෙයි (නි)
ලංකාවේ මිනුස්සු මෝඩයි කියල හිතල දේසපාලනය කරපු හැම එකම වැඩ වරද්දගත්ත මහත්තයෝ. එතුමියගේ අනුගාමිකයෝ ටික එජාපයට ගියා. ෆොන්සේකා දැන් යන්න තියෙන හොදම තැන අ යන්න ඉගෙනගන්න ළදරු පාසලකට (අ)
අනේ හොදයි ඒ කතා පුවතත් බලමුකෝ
" ලිහා බැලූ මල්ල තව ඔබනුය කුමට" (අ)
සේරටම කලින් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙන්න කියන්න. ඊට පස්සෙ බලමු රට හදන්න. (අ)
ඉන්දියාවත් එක්ක මැච් 1ක් දිනන්න නම් මොහු එන්නම වෙනවා.......... නායකත්වයට එතකම් හැම නායකයාම ඉන්දියවෙට බයයි ............ අපිට පොන්සේකාගේ නායකත්වයක් අවශ්‍යයි (අ)
මහත්තයා මොනවාද මේ කරන්න යන්නේ
චුම්බක දෙකක ඍන ආරෝපිත පැති දෙකක් විකර්ෂණය වෙනවා සේම එකම ගතිගුණ ඇති චරිත දෙකක් එකතු වෙන්න හදනවා කීම විහිළුවකි (නි)
ඔය දෙන්නට ලංකාවම ආසියාවේ නියම සශ්‍රිකත්වයේ ආශ්චර්යය කරන්න පහසුවෙන් පුළුවන්. ඔහොම යමු. (නි)
අයියෝ ෆොන්සේකා
. අගහරැ 7 ට හෙනහුරැ 7 ගැලපේද කියලත් නිකමටවගේ බැලුවනමි නොවැද හොද (අ).
මම නම් අනුමත කරන්නේ නැහැ ඔබතුමාට ඔය කරන්න යන වැඩේ (දී)
සුදත් බ්‍රෙෂියා,ඔබතුමාට ලස්සන හීන පේනවා වගේ. (නි)
පොන්සේකා මහතා අපි රකිමු. අපිටත් රටටත් ජීවයක් දුන්නේ එතුමා. (නි)
දෙන්නාම ඉන්නේ ගිලෙන නැවක (දී)
මම නම් හොදයි කියන්නෙත් නැහැ නරකයි කියන්නෙත් නැහැ (දී)
ඔබ දේශපාලනයට එන්න එපා මහත්තයෝ (දී)
ඔය වැඩේ නම් කරන්න තියා හිතන්නවත් එපා
සුදත් ඔය මොනාද කන්නේ පොන්සේකා ඇවිත් ඔයාට පුන්නක්කු දෙයි බලාගෙන ඉන්න ඔයාගේ දවල් හීනෙ සබැ වෙනකන් යුද්දේ නතර කලේ කව්ද කියන්න ඔයාට වැඩිය මම හොදට දන්නවා මොකද මමත් යුද්ද කරපු නිසා (අ)
රග මඩල සුදානම්
ඒ නාට්‍යත් බලමුකෝ
දැන් ඉන්න විශ්වාසවන්ත නායකයා කියන දෙයත් බලමු එහෙනම් (නි)
මෙච්චර අලුත් ටයර් තියන කාලේ ඔන්න ඉතින් ඉල්ලන් කන්න හදන්නේ පරණ ටයර් දාගෙන එලවන්න ගිහින්. (අ)
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර 12 ක් රට සුරා කන්නේ නැතිව හෝදගෙන බීව. ලන්ඩන් වල මාලිගා හැදුව. මතක නැද්ද සරත් ෆොන්සේකා මහත්තයට හමුදාපති කමත් දුන්නේ (අ)
මහත්තයෝ ඔය පරණ හමස්කඩ යල්පැනපු මිනිස්සුන්ට එපා වෙච්ච අයට හේත්තු වෙලා නම කැත කරගන්නේ නැතුව ඔබ තුමාගේ දැක්මත් එක්ක ඔබ තුමා ඉදිරියට යන්න. අපි සහය දෙන්නම්.(අ)
තවත් පිස්සුවක් නටන්න යන්නේ දෙන්න එකතු වෙලා. (අ)
මේ ඔක්කෝටම පිසුසු වගේ මට පේන්නේ (අ)
එක්වන තැන....අතන... මෙතන.... අහුමුලුවල .(අ)
අයියෝ! අපි නම් ආයෙත් කාටවත් චන්දෙ දෙන්නෙ නැහැ නැහැ නැහැමයි (නි)
දෙන්නම් එකතු වෙලා අලුත් සින්දුවක් අදාල කියන්න යන්නේ තාලයක් නැති. (අ)
රට හූරන් කන එවුන්ට හෙන තමි ගහන්න තියෙන්නේ මහා ජනතාව බඩගින්නේ මැරෙනවා මුන් සුරසැප විදිනවා (අ)
මෙයට තියෙන්නේ පුද්ගලික තරහක්. ඉතින් කොහොමද රට බේරාගන්නේ පුද්ගලික තරහ හිතේ තියාගෙන. වෛයරෙන් වෛරය නොසන්සිදේ අවෛරයෙන් වෛරය සන්සිඳේ. මෙතුමා පන්සල් එහෙම යනවා නේද? මෙතුමා ගේ චරිත ලක්ෂණය අනුව සාකච්චා මගින් ප්‍රශ්න විසදන්න ඉගනගෙන නැ. මම මම මම... ඔක්කොම...අපි කියන වචනේ මෙතුමා ගාව නැ. ඉතින් කොහොමද රට බේරාගන්නේ???(අ)
කියන වචන ටික නම් ලස්සනට තියනවා කරන්න ගියහම ඕව අමතක වෙන එකනේ කරුමේ නේද (අ)
පුදුම උනන්දුවක් අපේ අයට තියෙන්නේ රට බෙර ගන්න මහත්තයෝ බල තණ්හාව තියෙන ඔය මොකා උනත් ඔය වගේ තමයි ඔය කොයි එකත් එන්නේ අපිට තියෙන ආදරේට නෙමෙයි කියන එක රටේ ජනතාව හොදාකාරව දන්නවා (අ)
තවත් නැතිවෙන්නද මේ දගලන්නේ? (නි)
‘එතුමියට පක්ෂයක් නැහැ’. එතුමියගේ අනුගාම්කයන් මෙවන විට අපිත් සමග ඉන්නේ. ඇයට අවශ්‍ය තමන්ගේ පක්ෂය බේරාගන්නයි. (අ)
කාලෙකින් මහත්තයා දැක්කේ
ජෙනරල්ගේ නායකත්වය අනිවාර්යයෙන්ම රටට අවශ්‍යයි.අදබලන්න රටේ නීතියක් තියෙනවද ? ගුරුතුමිය දනගස්සපු කෙනත් වයඹට දැම්මා.මිනිමරපු අය පාර්ලිමේන්තුවේ, ගස් බැදපු අය එළියේ. (නි)
දෙන්න එකතු වුනහම නියමටෙ තියෙයි (නි)
අපිට පුළුවන් ඉගෙන ගත්තු මනුස්සයෝ ටිකක් අපේ පාලකයෝ හැටියට පත් කරගෙන මේ රට හදන්න. දියවන්නාව හෝටලයක් කරන්න. මේක මම දකින හීනයක්... කවද එලිවෙයිද මන්ද...(අ).
එතුමියට අවුරුදු ගානක් බලයේ ඉන්නකොට ඔය වැඩ කරන්න තිබුනා. ෆොන්සේකා මහත්තයත් එක්ක එකතු වෙලා මොනවා කළත් දැන් වැඩක් නැහැ. (නි)
එතුමියට පක්ෂයක් නැහැල්ලු. නමුත් එතුමියට අවශ්‍ය වෙන්නෙ තමන්ගෙ පක්ෂය බේරා ගන්නලු. අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
බේරුවල බොක්කේදී එකතු වෙමු.(නදී)
අපි නම් කවදත් අපේ ජෙනරාල් තුමා සමගයි
යූ.එන්.පී. යේ අවුරුදු 17 ක බලපරාක්‍රමය සුනු විසුනු කල යකඩ ගැහැණියට,ජෙනෙරල් සරත් ෆොන්සේකා සමග එක්වී රට නිදහස් කර ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා! (නි)
ජයවේව වීර සෙන්පති ජෙනරාල් තුමෙනි.. දුෂණයට විරුද්ද අපි හැමෝම ඔබ සමගයි (දී)
දේශපාලනය ගැන කතා කරන්න මම කැමති නැහැ (දී)
සම්පත්, මම පලකලේ මගේ අදහස. ඔබට මෙනත් දෙයක් ලියන්න තියනවා නම් ඒක සංවර ලෙස මෙහි ලියන්න.නිකන් පරිඝනකයට මුවාවෙලා මෝඩ කතා ලියන්න එපා. ඔය විදිහට තප්පුලලා සැබෑ විරුවන්ට අපහාස කරන්න එපා හොඳද? අනික ඔබගේ ටිකිරි මොළයට මොන්ටිසෝරි අධ්‍යාපනය දෙන්න මට වෙලාවකුත් නැහැ. (නි)
දෙදෙනාටම තියෙන්නේ වෛරය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකාගේ කාලයට වඩා අද ශක්තිමත්. (නි)
චන්ද්‍රිකා කියන්නේ බියගුළු ගැහැනියක් නෙමෙයි.එස්සර නම කියන්ද්දීත් බය වෙන ජනාධිපතිවරුන් සිටියදී පවා රැස්වීම් තියමින් නොබියව ඉදිරියට ගිය යකඩ ගැහැනියක්. (නි)
අනේ ෆොන්සේකා මත්තයෝ, ඔබතුමාට මුල අමතක වෙලා වගේ. ගරු ජනාදිපතිතුමා තමයි ඔබතුමාට හමුදාපතිකමවත් දුන්නේ. තවම ෆොන්සේකා මහත්තයා කට නිසා නහින්න හදනවා (නි)
කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කළත් මේ රට බේරා ගන්න පුළුවන් සරත් ෆොන්සේකා මහත්තයට විතරම තමා (නි)
නැහැ රංගශානි රංගනයක් දාන්න යන්නේ.(නදී)
ඔබතුමාට අපි හරි ආදරෙයි. හැබැයි මේ වගේ වැඩ වලට නම් අපි කැමති නැහැ (නි)
අපි හිතුවේ යුද්දේ නතර කලේ දුටුගැමුණු රජ්ජුරුවෝ කියලයි .නමුත් ඒක නැවත කරන්න වුනා .ඉන්දියාවේ වෙන දේවල් වල හැටියට නැවතත් කරන්න වෙන්න ඉඩ තියෙනවා (නි)
ඔක්කොම එකයි. එාහම බලද්දී මහින්ද මහත්තයා කොච්චර හොදද? එතුමා යුද්ධය හරි ඉවර කළා (නි)
අපිට අතීතය නම් තාම මතකයි මැඩම් (නි)
දනුන කොහෙද? දූෂණ නැතිකරන්න ගෙදරින් ඉස්සෙල්ලම. යුද්දේ දික් කරන්න හදපු හැටි මතකයි. (අ)
අර එච්.එන්.බී සේප්පු වලින් ඡන්ද කාලේ මතුවුණු ඔබතුමාගේ සල්ලි කන්දරාව රටට දුන්නනම් රට ගොඩ.(නදී)
තවත් පිස්සුවක්. රට බේරගන්න මරු.(නදී)
එකතු වුනාට නම් කමක් නැහැ. නමුත් හොද ප්‍රවේශමෙන් (නි)
අනික් අයට පුන්නක්කු කවන්න යන බිය විරුවා දැනටමත් කන්නේ ඌරෝ ආහාරයට ගන්න කෑම බව හොඳට පේනවා. (අ)
කිවයුතු බොහෝ දේවල් තිබුනත් මුනිවත රකිනවා (නි)
දෙන්නගෙම පිටරට මුදල් බලාගන්නේ එක්කනේක්වෙන්නෙති දැන්.(අ)
චන්ද්රිකාවෝ කුලවමිය සිය 12 අවුරුදු පාලන කාලයටම කලේ ශ්‍රේෂ්ට තම රාජ්‍ය තාන්ත්‍රිකයා වූ දිවංගත ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමා දේසපාලනයට හඳුන්වා දීම පමණි.(නදී)
පොන්සේකා මහත්තයා, ගඟක මුහුදක ගිලෙන මොහොතක මොනවා අතට අහුවෙන දෙයක එල්ලෙන එක හොඳයි (නි)
දිරපු අතු වල එල්ලෙන්න ගියොත් බිම්ම තමයි (නි)
ඇයි ඔබට බැරි තනිවම කටයුතු කරන්න. එතන පිරිසිදු ඡන්ද තියේවි (නි)
වික්ටර් අයිවන් මහතා ලියපු චෞර රැජින පොත කවුරුත් කියවා බලන්න.. එසේම තව පොතක් තියෙනවා ' හඳුනා ගතහොත් ඔබ මා' කියා. එයත් කියවන්න (නි)
බණ්ඩාර හරි, එතුමියට පක්ෂයක් නැත්නම් මොනවා බේරාගන්නද මේ කතා? (නි)
සුදත් බ්‍රෙෂිය..ඔය දෙන්න එකතු වුනොත් රට කිරියෙන් පැණියෙන් ඉතිරෙයි ආයෙත්.ඔය නෝනා හිටපු අවුරුදු 12 රට කිරියෙන් පැණියෙන් ඉතිරිලා,වංචා දුෂණ නැති අට පෝයටම සිල් ගත්ත දේශපාලකයෝ රට පාලනය කළා මතකයි. (නි)
මේ තුමිය රට පාලනය කරපු කාලේ රටට මොනවද කලේ. එක සත පහක දෙයක් රට වෙනුවෙන් කලේ නැහැ. බොරුවට මිනි වලවල් හාර හාර හිටපු එක වැඩක්ද ? (අ)
එකකතු වෙන්න තිබුණු අවසථා ගොඩක් කල් පහු වේලා , කල්පාන්තරයක් බලගෙන්න ඉන්න වෙයි වගේ (අ)