මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරිපත් වීමට හදිසියේ තීරණයක් ගෙන ඇතැයි දේශපාලන ආරංචි කියයි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ලේකම් පී.දිසානායක මහතාද ඇය මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා සත්‍ය බවත් මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට ඉදිරිපත්වන්නේ නම් ඇයද ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කරනු ඇති බවත් පවසයි.
මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබෙන බවට පැතිරෙන ආරංචි අනුව ඇයද හදිසියේ ගත් තීරණයක් අනුව ශ්‍රීලනිපයෙන් තරග කිරීමට සූදානම් බව ප්‍රකාශ කර ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය පාලන කාලයේ රජයේ සේවකයෝ ගස් බැන්දා. ප්‍රාදේශීය සභාවේ ඉදන් ඉහලට සියලුම ආණ්ඩු පක්ෂයේ දේශපාලකයොත් ඔවුන්ගේ නෑදෑයෝ, හෙන්චයියෝ ඔක්කොම කොන්ත්‍රාත්,කොමිස් ,සියලු ජාවාරම් කරලා රට විනාශ කරල සල්ලි හෙව්වා. මේවට ඉහලින්ම රැකවරණ ලැබුනා. තම තමන්ගේ ප්‍රදේශවල දේශපාලකයන්ගේ සහ ගෝලයන්ගේ වත්කම් ඉහල ගිය වේගය අපි හැමෝම දන්නවා. නොරච්චෝල, මත්තල ගුවන් තොටුපල , හම්බන්තොට වරාය , සුගතදාස ධාවන පථය ආදිය රටේ මුදල් කෝටි දහස් ගණනක් විනාශ කල ව්‍යපෘති. මේවට අපත් අපේ දරුවනුත් පරම්පරා ගණනක් ණයයි නොවේද ? අපේ රටේ මිනිස්සු වචන වලින් රවට්ටන්න හරි ලේසියි. මේ පාලන කාලය කෙටි උනත් රජයේ සේවක වැටුප් වැඩිවීමත්, තෙල් මිල අඩුවීමත්,19 සංශෝධනය ආදිය රටේ මිනිස්සුන්ට විශාල සහනයක් ගෙන දුන්නා. රජයේ මාධ්‍ය බලන මිනිස්සුන්ට එපාවෙලා තිබ්බේ. ඒවා අසික්කිත විදිහට දේශපාලනීකරණය වෙලා තිබ්බේ. රුපියල් 2500 න් මාසයක් කාල ඇඳල ඉන්න පුළුවන් කියපු ඇමතිවරුන්ගේ කල්ලිය බලයට ගෙනල්ල ඉල්ලන් කන්න රටේ සමහර අයට තියෙන්නේ පුදුම උනන්දුවක් (නදී)
ඔබතුමිය පෙරේදා කියපු දේවල් අද මෙතන ලියා ඔබතුමිය ගේ තත්වයට අප වැටිය යුතු නැහැ. අවංකව ඔබතුමිය හිතනවා නම් මේ රටට හා තම පක්ෂයට සේවයක් කල හැකියි කියා අපි ඔබතුමියව ආදරයෙන් පිලිගන්නවා. මොන පක්ෂයට ආවත් රට වෙනුවෙන් වැඩ කරන්න ඔබට හැකි වේවා. නමුත් පුද්ගලික වෛර පිරි මහගන්න අනෙක් අපේක්ෂකයින්ට මඩ ගහන්න ගියොත් ඔබතුමියව ඡන්දෙට කලින්ම ප්‍රතික්ෂේප වේවි . ඔබතුමියගේ අවු 11 කාලේ ඔබතුමිය දැනෙන්නට කලේ එකම එක දෙයයි. අපේ ආරක්ෂක හමුදාවෝ යාපා අර්ධ දීපේ කොටු වෙලා ඉන්න කොට, ඉන්දියාව කිව්වා යුද ආධාර නම් බැහැ අවශ්‍ය නම් යාපනේ සිට කොලඹට ප්‍රවාහන පහසුකම් සල්සන්නම් කියලාා. කොලඹ ලොකු හෝටල් වල දෙස් විදෙස් මාද්‍ය වේදියෝ , කොමිස් කාක්කෝ බලා හිටියා මල මිනි සිය ගණන් කොලඹට ගේනවා දකින්න . එත් ඔබතුමිගේ දක්ෂ රාජතාන්ත්‍රි බාවය උපයෝගී කරගෙන චෙකොස්ලෝවකියා වෙන් මල්ටි බැරල් බර ආයුද ලංකාවට ගෙනත් අපේ හමුදාවන් බේරා ගෙන යුද්දය නව මාවතකට ගත් හැටි මේ ලක් වාසීන්ට අමතක නැහැ. එවන් ගෞරවනීය නායිකාවක් ඇයි මේ පුදගලික වෛර පිරි මහන්න දේශපාලනේට එන්නේ ? ඔබතුමිය ගම්පහින් දිනයි මොකද ගම්පහ ඉන්න ප්‍රගතිශීලී ජනතාව නිසා , හැබැයි ඒ බොහොම සරල ජයග්‍රහණයක්. කොහොම නමුත් ශ්‍රී ලනිපේ ගැන නොවේ රටට වැඩකරන්න ඔබතුමියට හැකිවේවා. අවංක සුබපැතුම් අප ගෙන් (නදී)
ඉන්දික මහත්තයා පහුගිය ආණ්ඩුව කාලේදී ඍධියෙන් පහළවුණාට අපි නම් ජේ ආර්ගේ සිරිමාවොගේ ප්‍රේමදාසගේ චන්ද්‍රිකාගේ කාල සීමාවන් පහුකරලා මහින්දගේ පාලන සමයට ආවේ.ඒ කාල සීමාවන් තුළ ඔයා ඔය කියන මහින්දගේ කාලේ දුටු සහ නොදුටු ගොඩක් දේවල් සමඟ මේ රට විශාලා නුවරක් වුණ හැටිත් නීතිය සාධාරණත්වය සමඟ ජීවිතයක වටිනාකම බල්ලට ගිය හැටිත් අපි දැක්කා.දුෂණ වංචා නැති සර්වසාධාරණ පිරිසිදු රජයන් අපි නම් ඉතිහාසයේ දැක්කෙත් නැහැ දකින්න ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ඒ අපි මේ පොළොවේ පයගහලා ජීවත්වෙන මිනිස්සු නිසා.මහින්ද මහත්තයාගේ පාලන කාලයේ කළ යම් යම් සංවර්ධන ව්‍යාපාර ඔබට උදාහරණ ලෙස ගන්නවත් ඉතුරුවෙලා තිබුනට ජේ ආර් ඇරෙන්න අනිත් අය විශේෂයෙන් ඔය එන්න හදන මැඩම්ලා කළ ඔහොම එක දෙයක් කියන්නකෝ පුලුවන් නම්. (නි)
අපි එයාව ගෙදර යවමු. (නදී)
එකත් හොද වැඩක් රට හදන්න ඔක්කොම පළපුරුදු කට්ටිය ඉන්න ඕනි සමහරැන්ට ඕනි පවල හදන්න එතකොට ගොඩනැගෙන්නේ එක්කාදිපති වියරුවක් ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිරිහිනෙවා බලය සීමිත කට්ටියක් ගාව තිබෙන හෙයින් ජනතාව වහල්ලු බවට ඉබේම පත්වෙනවා උගතුන් බුද්ධිමතුන් කොන්කර මෝඩයන් රටේ අනසක පතුරුවනවා ඒ තුලින් රටේ අනාගතය හිතාගත හැක (අ)????????
ඊයේ එකක් කිව්වා. අද තව එකක්. මොනවා වුනත් දේශපාලකයෝනේ. කටවල් කීපයක් ඇති. (බ)
එන්න මැඩම්, මෙදාගමන අමතක නොවන විදියට කාලා යන්න (නි)
ඔබ තුමිය රට පාලනය කළ කාලයේදී අපිට මතකයි උතුරට පෙඩරල් දෙන්න දගලපු හැටි.කොටියා හමුදා කදවුරු පිටින් විනාශ කරපු හැටි.අන්තිමට කිසිවක් සාර්ථක නොවූ විට උතුර අල්ලන්න ගොඩක් සෙබළුන්ගේ ජිවිත බිලිදෙමින් කොටි පලවා හැරීමේ මෙහෙයුම් කළ හැටි.ඉන්පසු ලංකාව පුරා පැතිරී තිබුන කොටි සංවිධානය අවසන් කළේ මහින්ද හිටපු ජනපතිගේ කාලයේයි. දැන් එතුමාට බාධා කරන්න හදන්නේ ඇයි? (බ)
චරිත් හොරෙක් නෙවේ චෞර රැජිනක් (බ)
මොකක්ද මේ වෙන්න යන්නේ කියලා හිතා ගන්නත් බෑ.(හේ)
චන්ද්‍රිකාගේ ඇමෙරිකන් කොන්ත්‍රාත්තුව තවම ඉවර නැහැ වගේ....(බ)
එන්න මැඩම් එන්න.ඇවිත් මේ රටේ මිනිස්සු තමන්ට සලකන්නේ තමන්ව පිළිගන්නේ කොහොමද කියන එක ප්‍රයෝගිකවම අත් විදලා ඊට පස්සේ ඔය කුහක කම් අත ඇරලා යන තැනකට වැඩක් කරගන්න මිනිස්සුන්ට තවත් පවු පුරවන්නේ නැතිව.ඔබ තුමී මහින්ද නාමය අතුගාල දාන්න දාන ඔය උත්සාහයෙන් අවසානයේ මිනිස්සුන්ගේ හු හඩ මැද අතුගවිලා යන්න සිදුවෙන්නේ ඔබ තුමියටමයි..(බ)
මේ වෙන දේවල් හිතාගන්නත් බැහැනේ. අපේ රටට මොනවා වේවිද මන්දා (නි)
පිවිතුරු යහපාල කියන නම මම මතක් කරන්නවත් කැමති නැහැ (නි)
මොනවා වුණත් චන්ද්‍රිකා මැඩම් හොරෙක් නොවෙයි (නි)
ජයවේවා මැතිණියනි! (නි)
වැඩිපුර පිරිසක් ඉල්ලන විට සුදුස්සා පත්වේ. (බ)
මැතිනියනි, රට කන පිස්සන්ට විරුද්ධව සටනක් දෙන එක හොඳයි. හොරුන්ට, තක්කඩින්ට, එතනෝල් වලට, කැසිනෝ ගෙනාවට විරුද්ධ වෙන්න. අපි ඔබ සමඟයි. (නි)
මොන කියන්නද රටම හිනස්සන්න එපා.(හේ)
ඇය මේ රටට හැමදාම කළේ මොනවද කියලා ජනතාව දන්නවා. (නි)
පිවිතුරු යහපාල හරි.ජේ ආර්ගේ සිරිමාවොගේ ප්‍රේමදාසගේ චන්ද්‍රිකාගේ කාලේ සිදුනොවු විශාල සංවර්ධනයක් අපට දකින්න ලැබුනා. කුඩු,එනතෝල් වලින්,හොරකම් වලින් රට සංවර්ධනය කිරීම ඒ කළ දේවල්වල උදාහරණ කිහිපයක් ලෙස දකින්න පුලුවන්.මැඩම්ලා කළ ඔහොම එක දෙයක් කියන්නකෝ පුලුවන් නම් නේද? (නි)
සමහරුන්ගේ ගෙවල් වල කිසිම කෙනෙක් හමුදාවේ ඉඳලා හරි, බස් බෝම්බයකට හරි මැරිලා නැති නිසා වෙන්න ඇති උඩබලාගෙන කෙළ ගහගන්නේ (නි)
වෛරී දේශපාලනය කවුරු කළත් ඒක වැරදියි. තමන් කළ ඒ වෛරී දේශපාලනය වැරැද්දක් ලෙස නොදකින මහින්දට ඒ ගැන කථා කරන්න සදාචාරාත්මක අයිතියක් නැති වුනත් හැම ආගමකින්ම කියවෙන ඒ දේ නොකරන්න කියල මේ රටෙි පුරවැසියො විදිහට අපට ඉල්ලා සිටින්න පුලුවන්. එයාගෙ මිනිහා මෙයාගෙ මිනිහා කියන සංකල්පය තියෙන තුරු කිසිම පක්ෂයක් ගොඩ යන්නෙ නෑ. ඒ වගේම ඒ පක්ෂෙ එකා මේ පක්ෂෙ එකා කියන සංකල්පය තියෙන තුරු කිසිම රටක් ගොඩ යන්නෙ නෑ. මේක තේරුම් නොගන්නතාක් කල් අපට ගොඩ ඒමක් නෑ (බ)
චන්ද්‍රිකා මහත්මිය යථාර්ථය පිළිගන්න ඕනෑ (නි)
එන්න මැඩම් එන්න.ඇවිල්ලා මේ රටේ මිනිස්සු තමන්ට සළකන්නේ, තමන්ව පිළිගන්නේ කොහොමද කියන එක ප්‍රායෝගිකවම අත්විඳලා බලන්න. (නි)
මට නම් මොකුත්ම හිතාගන්න බැහැ (නි)
අපි ඇය කෙසේ විශ්වාස කරන්නද? (නි)
දුෂිතයන් අතුගා දැමීමටත්, සංවිධානාත්මකව හු හඬ නැගීමට තරම් පහත් තත්ත්වයකට පත්වී ඇති දුෂිතයන්ගේ මැර දේශපාලන කල්ලී තුරන් කිරීමටත්, ප්‍රබල බලවේගයක් රටට අවශ්‍ය මොහොතකි. ඒ සඳහා රටට ආදරය කරන අවංක දේශපාලකයන් ඉදිරියට පැමිණීම සිදුවිය යුතු අතර ඔවුන් පිළිගැනීම ජනතාවගේ වගකීමය. (නදී)
ජගත්, කුඩු එතනෝල් මේ රටට ගේන්න පටන් ගත්තේ ජයවර්ධන කාලයේ ඉඳලා (නදී)
එන්න, නෝනා එන්න අපි දෙන්නම් ඔයාට (නදී)
පිවිතුරු යහපාල, ඔබ හරියටම හරි. ඇයි චන්ද්‍රිකා මහින්දට මේතරම් වෛර කරන්නේ? තේරුම් ගනීවි මිනිස්සු කොහොමද එයාව පිළිගන්නේ කියලා. (නි)
මහින්දත් එනවනම් චන්ද්‍රිකාටත් එන්න බැරි කමක් නැත. වත්මනෙහි ඇත්තේ බොරුව ඉස්මතු වීම වැලැක්වීම හා එයට එරෙහිව සත්‍ය ඉස්මතු කරලීමට තැත් කිරීම අතර බරපතල ගට්ටනයකි. ගොනාට අදින හා අන්දන හා ඇදවෙන වෙන අයුරු ඉදිරියේදී ඇස් පනා පිට දැකිය හැකිය (නදී)
තමන් කෑ කුණු වල රස දන්නා අය කෙසේ හෝ ඔවුන් නැවත බලයට ගෙනඒමට උත්සාහ දරනු ඇත. (නි)
මහින්ද ගෙන එන්නට වෙර දරන්නෝ බොහෝය, චන්ද්‍රකා ගෙන එන්නට සිටින්නේ කවුද? අහෝ දෙවුදත් නොදිටි මොක්පුර! (නි)
චන්ද්‍රිකා මැඩම් මහින්ද වගේ කෙනෙක්ට වෛර කරන්න ඕන නැහැ. අනු හතරේ මැඩම් අාවේ නැත්නම් මහින්දට ජනාදිපති කම නොවේ අදටත් විපක්ෂ මන්ත්‍රීවරයෙක් විතරයි (නදී)