(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඝාතනය කිරීමට තැත් කිරීමේ චූදිතයින් බවට පත්වී බන්ධනාගාරගත වූ රැඳවියන් තිදෙනෙකු ඇතුළු දෙමළ සිරකරුවන් අට දෙනකුට ජනාධිපති සමාව පිරිනමා ඇත.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් විමසා එම එකඟතාවය ද සහිතව නිදහස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සකසා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකාවේ අධිකරණයකින් වරදකරු කරන ලද පුද්ගලයෙකුට සමාව ලබා දීම සම්බන්ධව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව මෙම සමාව පිරිනමා ඇත.
දෙමළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කිරීමට පියවර ගැනුණු අතර ඊට ප්‍රථම ඔවුන් පිළිබඳව පූර්ව තොරතුරු අධීක්ෂණයක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත ආරක්ෂක අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදු කර ඇත. එම එකඟතා වාර්තාව පිළිබඳ අධිකරණ අමාත්‍යවරයාගෙන් හා ඔහු මගින් නීතිපති වීමසීමෙන් අනතුරුව මෙම තීරණයට එළැඹ තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට සමාව දෙන්න හොද නැහැ දුන්න වැඩක් හරියට නොකරපු නිසා.
Very good job... please them if no any proper evidence
දෙමළ පක්ෂ විධායක ජනාධිපති කමට විරුැද්ධ නැත්තේ ඕක තමා. රනිල් බලේ රැක ගන්න ඕනිම දෙයක් කරනවා.
චන්ද්‍රිකා මැතිණිය ගැන මොන විවේචන තිබ්බත්, මේ තීන්දුව ගැන නම් ඇයට හිස නමා ආචාරය. වයිරයෙන් වයිරය නොසන්සිඳේ...
උඩතලවින්න ඝාතනය ඇතුලු මිනිමැරුම් රැසක් කල පුද්ගලයන් කිපදෙනෙක් පාර්ලිමේන්තුවෙ සිර දඬුවම් විඳිනවා ඔවුන්වත් නිදහස් කරන්න.
නියම ත්රස්තවාදීන් නිදහස් වන අතර වසන්තලා වැනි සත්‍ය වාදීන් ත්ර්ර්රස්තවාදීන් වී ඇත. රටකට ගිය කල