විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව බැංගලෝරයේ සිට මෙරටට ගෙන ආ චන්ද්‍රිකා ග්‍රාහක හැටක් සහ එම උපකරණ කොටස් දෙසීයක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
මීට අමතරව සැකකරුගේ තවත් ගමන් මල්ලක තිබී ලූනු බීජ කිලෝග්‍රෑම් පනහක්ද අත්අඩංගුවට ගෙන ඇත. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ආරක්ෂන හෝ ශාඛ නිරෝදායන අනුමැතිය නොමැතිව එම ළුනු බීජ මෙරටට ගෙන්වා ඇති බව රේගුව කියයි.
සැකකරු නිතර නිතර ඉන්දියාවට යන එන කොළඹ පදිංචි 43 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
ඔහු අද අළුයම දිවයිනට පැමිණ ඇති අතර රේගු නිලධාරීන් විසින් ඔහු අත තිබු ගමන් මළු හතරක් පරික්ෂා කිරීමේදී මේවා සොයාගෙන ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී සමන් බාලසුරිය මහතා ඇතුළු රේගු නිලධාරීහු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රේගු නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ගැන අපි මේ දින වල ආඩම්බර වෙමු. (නදී)
මෙයාල මොකටද මේ එන්න හදන්නේ ? (නදී)
පිට රටින් ගෙන එන ලුනු බිජ වලට අයකරන බද්ධ නැති කරා නම් මේ ජාවාරම් අඩුවෙනවා.(නදී).