IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


චන්ද්‍රිකා උපකරණයි ලූනු බීජයි රේගු දැලේ

විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියකින් තොරව බැංගලෝරයේ සිට මෙරටට ගෙන ආ චන්ද්‍රිකා ග්‍රාහක හැටක්  සහ එම උපකරණ කොටස් දෙසීයක් සමග ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නීති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

මීට අමතරව සැකකරුගේ තවත් ගමන් මල්ලක තිබී  ලූනු බීජ කිලෝග්‍රෑම් පනහක්ද අත්අඩංගුවට ගෙන ඇත.    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ ආරක්ෂන  හෝ ශාඛ නිරෝදායන අනුමැතිය නොමැතිව එම ළුනු බීජ මෙරටට ගෙන්වා ඇති බව රේගුව කියයි.

සැකකරු නිතර නිතර ඉන්දියාවට යන එන කොළඹ පදිංචි 43  හැවිරිදි  ව්‍යාපාරිකයෙකි.

ඔහු  අද අළුයම  දිවයිනට පැමිණ ඇති අතර රේගු නිලධාරීන් විසින් ඔහු අත තිබු ගමන් මළු හතරක්  පරික්ෂා කිරීමේදී මේවා සොයාගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ස්ටැන්ලි සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී සමන් බාලසුරිය මහතා ඇතුළු රේගු නිලධාරීහු සිදුකරති.   

 



අදහස් (0)

චන්ද්‍රිකා උපකරණයි ලූනු බීජයි රේගු දැලේ

සෙනරත් Sunday, 05 January 2014 12:58 AM

අපේ රේගු නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව ගැන අපි මේ දින වල ආඩම්බර වෙමු. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 04 January 2014 04:01 PM

මෙයාල මොකටද මේ එන්න හදන්නේ ? (නදී)

:       0       0

ද සිල්වා Saturday, 04 January 2014 04:56 PM

පිට රටින් ගෙන එන ලුනු බිජ වලට අයකරන බද්ධ නැති කරා නම් මේ ජාවාරම් අඩුවෙනවා.(නදී).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site