එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක හිටපු අගමැති සහ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගෙන් පසුව බණ්ඩාරනායකවරුන්ගෙන් අත්තනගල්ලට සේවයක් සිදුවුණේ නැතැයි විශේෂ ව්‍යාපෘති ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා නිට්ටඹුව මල්වත්තේ දී පැවැසීය.
‘සිරිමාවෝ මැතිනියගෙන් පසුව අත්තනගල්ල පාලනය කළේ අනුර. අනුරගෙන් පසුව අත්තනගල්ලේ ක්‍රියාත්මක වුණේ චන්ද්‍රිකාගේ අණසක. මේ රට අවුරුදු 11ක් පාලනය කරපු නායිකාව බිහි වුණේ අත්තනගල්ලෙන්. ‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රිකා මැඩම් තමා හමුදාවට පඩි වැඩි කලේ (දිල්)
ඇමති තුමාට මුල අමතක වෙලා වගේ (දී)
සහතික ඇත්ත. චන්ද්‍රිකා අත්තනගල්ලට සැලකිය යුතු දෙයක් කලේ නැ. තියෙන්නේ නිට්ටඹුව සහ වේයන්ගොඩ කියන ටවුන් දෙක විතරයි. අපේ ගම වේයන්ගොඩ. මෙලෝ රහක් නැ.මොනවත්ම ලොකු දෙයක් කලේ නැ. හම්බන්තොට හදල තියෙන හැටි දැක්කම අපේ පැත්තෙත් ජනාධිපති කෙනෙක් හිටිය නේද කියල හිතෙනවා. (දී)
අනේ මන්දා මේ ගොල්ලෝ කතා කරන්නේ කටින්ද?? (දී)
ඔබතුමා නොකිව්වට ඒ ගැන මුළු රටම දන්නවා. අත්තනගල්ලට විතරක් නෙවෙයි මුළු රටටම මොනවාද කලේ කියා. (දී)
කැතයි හොදේ(දී)
ඔය කාගෙන්වත් රටට සිද්ධ වුන යහපතක් නැහැ. 1948 තිබුනටත් වැඩිය පහල තමයි තවම. පාරවල් ලොකු උනාට කසිප්පු, කුඩු, මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ. මංකොල්ල, මැර කම් ජඩකම්, වැඩිවෙලා. රට, ජාතිය, ආගම, අනතුරේ. තව අවුරුදු 25ක් මේ යන විදිහට ගියොත් සිංහල බෞද්ධ රට අන්තරස්දහන වෙලා තියෙයි . බොරුද හැබැටම?
කන්න දීපු අත හපා කනවා කියනේ ඕකට තමයි (දී) .
ඔව් මේ කතවනන් ඇත්ත. වේයන්ගොඩට ගියහම ත්රෙනවා මොනවද කරේ කියල. මෙලෝ දෙයක් නැ. යන්තන් මේ ආණ්ඩුවෙන් විතරයි ගුවන් පාලම හරි හැදුවේ (දී)
දැන් මොකටද ඔය පරණ කුණු හලා ගන්නේ (දී)
වැඩ නොකළ නිසා තමා ජනතාව එයාව ප්‍රතික්ෂේප කලේ , එහෙයින් අනිත් අයත් කයිවාරු අඩුකර රටට ජනතාවට වැදගත් ලෙස වගකීමෙන් වැඩ කිරීමට සිතාගැනීම හොදය,....(දී)
යාපනේ බේරාගත්තේ එතුමිය, මල්ටි බැරල් ලංකාවට මුලින්ම ගෙනල්ල, අපේ රටේ මිනිස්සුන්ට මුල අමතක වෙනවා ඉක්මනට, එකයි කිසිම දියුණුවක් නැත්තේ
චන්ද්‍රිකා හිටියනම් එයා ළගත් වැදවැටෙනවා. මේ රටේ දේශපාලකයන්ගේ හැටි ඔහොම තමයි(දී).
මේ පරණ දේවල් ගැන අව්ස්සන්නේ වෙන වැඩ නැද්ද (දී)
පල ඇති ගහටලු වවුලොත් එන්නේ. බලය තියෙනකොට එහෙමයි නමුත් දැන් මෙහෙමයි. ඕක ඉතින් ඔය අයගේ හැටි ... හැබැයි ජන්ම හැටි නොවෙයි. තැන ලැබුනට පසුව හැටි.(නදී)
තමුන්ගේ පක්ෂේ හිටපු නායකයෙක් ගැන කතා කරන හැටිද ඔය. ඉතිහාසයම විකෘති කරමින් යන යුගයක් මේක.(නදී)
චන්ද්‍රිකා කල නොකළ දේ නොවෙයි දැන් ඔබ තුමා මොනවද මේ රටට කරලා තියෙන්නේ ? (නදී)
චන්ද්‍රිකාගේ කාලේ යුද්ධය දරුණුයි, සංවර්දනය ඇනහිටලා, බඩු මිල ප්‍රයෝගික මට්ටමක තිබ්බා...එත් දැන් යුද්දය ඉවරයි. චිනෙන් ආධාර අරන් ගජරාමෙට පාලම් බෝක්කු හදනවා...හැබැයි මිනිස්සුන්ට කන්න නැහැ.(නදී)
ඇමති තුමා කර ගන්නේ තමාගේ පව්ලේ අයටනේ. හිටපු අයත් කලේ ඒ ටිකමයි. ඇමතිතුමෝ ඕවා දෙනු පර හට තමා සම්මතයෙහි පිහිටා සිට.(නදී)
චන්ද්‍රිකා යුගයෙන් පස්සේ තමයි කොරියන් රස්සාවලින් ගහන හැටි හොයාගත්තේ. මැණික් ඉල්ලම් පහල කර දුන්න පොළවට ට වඳින්නේ නැතුව වෙන කොහේට වඳින්නද?(නදී)
අත්තනගල්ලට විතරක් ද රටටම කරපු සෙතක් නෑ .රටේ ජල සම්පත් විකුණන්න පණතක් එයා පෞද්ගලිකවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල හැටි අපට හොඳට මතකයි (අ)
දේශපාලකයෝ කියන්නේ රටට වැඩක් නොකර රටෙන් වැඩ කරගන්න පිරිසක්. (ත)
මොනවා වුනත් මැඩම් හොරකම් කලේ නැ.. (අ)
චන්ද්‍රික අත්තනගල්ලට කල දේවල් අත්තනගල්ල ඉන්න අය දන්නවා ඔබ තුමා ඔබ තුමාගේ පැත්ත බල ගන්න අනුන්ගේ පළාත් වලට පනින්නේ නැතුව.(නධී)
චන්ද්‍රිකා කලේ සැලැස්මක් නැති වැඩ. දැන් බැසිල් සැලැස්මක් ඇතිව වැඩ කරනවා ගම්පහටම. (නදී)
තමන්ට වේල හොයන් කන්න දුන්න ඇයට නම්බු දෙන හැටිද මහත්තයා.(නදී)
උගත් දේශපාලකයන් සිතන්නේ තමන්ගේ ගම ගැන නොව තමන්ගේ රට ගැන නිසා ඔහොම දේවල් වෙනවා. ලංකාවේ මහජනයාට ඒවා තේරුම් ගැනීමට තරම් උගත් කමක් නැහැ. එම නිසා ඊළඟ ඡන්දයේදී පරදිනවා. නිදහස් අධ්‍යාපනයේ පීයා වූ කන්නන්ගර මැතිතුමාට සිදු වූ දෙය ගැන හිතුවම අදහසක් ගන්න පිළිවන්. එකල බොහොමයක් මහත්මා දේසපාලනය කරපු අයට වැඩිකල් දේසපාලනය කරන්නට ලැබුනේ නැහැ. (නදී)
බීලා සූර් වෙච්ච මීයෙකුත් ඔයවගේ කතාවක් කිව්වලු පූසා නැති වෙලාවක.(නදී)
තමන්ට අත දුන්න පිරිස අමතක කරන එක ඔය දේශපාලකයන්ගේ පුරුද්දක්. රනිල් මහත්තය දේශපාලනේට ගෙනාපු පිරිසම අද එතුමාව එලවන්න හදනවා. චන්ද්‍රිකාගේ සාරිපොටේ එල්ලිලා හිටපු කට්ටිය අද එතුමිය දැක්කම මූන හංගා ගන්නවා. කාටත් ඔය ටික තමයි.(නදී)
1994 වෙනකොට මිනි කන්නන්ගේ දේශය විදියට ලෝකය හදුන්වපු ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සම්පුර්නයෙන්ම ගොඩ නගලා එල් ටි ටි ඒ එක රටවල් ගණනාවක තහනම් කලේ මෙතුමියගේ කාලේ. එම ක්‍රියාදාමය මගින් අපේ හමුදාවට අවශ්‍ය සියලු නවීන යුද උපකරණ ලබා දුන්නේ මෙතුමිය. (මල්ටි බැරල් නොමිලේ , කෆ්ෆිර් මිග් යුද ටැංකි යුද නැව් සියල්ල වේග ප්‍රහාරක යාත්‍රා සියල්ල.). දැන් අපේ මිනිස්සුන්ට සියල්ල අමතකයි. යුද්දේ ඉවර කරපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා කියලත් අමතක මේ අයට යුද්දේ ඉවරකලේ ජනාදිපති මහින්ද මහත්තය කියලත් අමතක කරලා නොදැම්මොත් තමා පුදුමේ.(නදී)
කරගන්න ගිහින් තමයි එතුමියගේ ඇහැත් නැති වුනේ.(නදී)
රටට හානියක් වත් හොරකම් වත් කලෙත් නෑ නේ. (නධී)
අසරණ සරණ සහ ගෝලයෝ මේ පැත්තට කරපු වැඩ ටිකක් කියන්නම්. කුණු කඳු ගොඩගැසීම , රඹුටන් වෙළෙන්දන්ගෙන් කප්පම් ගැනීම , ප්‍රා දේශීය සබාව පාගා මධ්‍යස්ථානයක් බවට පත් කිරීම.(නදී)
අනුරපුරේ මිහින්තලා පාරේ පැමිණ මාතලේ හන්දියේ සිට නුවර පාරේ කිලෝමීටරයක් විතර ගිහින් අහන්නකො ඔය කියන මහත්තය ගැන ගැමියන්ගෙන් හිනාවක්වත් දීල නැහැ.(නදී)
අපරාදේ වරායක් හදන්න තිබුනේ.(නදී)
චන්ද්‍රිකා නිකමට හරි ආයි ජනාධිපති උනොත් මුන් කොහොම දනගාවිද? (නදී)
ඔය නිට්ටඹුව නගරය පුළුල්කර ලස්සනට හදල බස් නැවතුම හැදුවේ චන්ද්‍රිකා නෝනා කියල කව්රුත් දන්නවා නිට්ටබුව තියෙන්නේ අත්තනගල්ල ආසනේ බව ඇමතිතුමා දන්නේ නැද්ද (අ)
අතීතය අමතක කරන ඔබ වැනි ඇමතිවරු නිසා රට අමාරුවේ. (අ)
ඇයි මම උදලු තලම කියක් බෙදුවද? (නදී)
අමතක කරලමු , පැරණි කතා .., එක්වෙමු ජාතික දියුන පතා ...!!!(නධී)
අඩුම තරමේ චන්ද්‍රිකා අද කරනවා වගේ හොරකම් කරේ නැහැ. (නදී)
ජනාධිපති ඉන්නේ මුළු රටටම වැඩකරන්න. තමන්ගේ ආසනයට පමණක් වැඩකරන්නේ මන්ත්‍රීවරුන්.(නදී)
ඔබතුමා ඔබතුමාගේ පක්ෂයේ පුද්ගලයන්ගේ නොහැකියාව , හොරකම් , වංචා ගැන කතා කර කර ලකුණු දමගන්නවා මිසක් ඒ පිලිබඳව නිතිය ක්‍රියාත්මක කරවා ඔවුන් නීතියේ රැහැනට හසුකරදී රටට සේවයක් නොකරන්නේ මන්ද? (නදී)
අත්තනගල්ලට විතරක්නම් මොකද? ඇයි ඒ කුලවමිය පත් කරපු අගමැති කෙනෙක් හිටිය කළුතර දිස්ත්‍රික්කයේ ආසනයක. අදටත් හරි හමං බස් ස්ටෑන්ඩ් එකක් නැහැ යන්තම් වැස්සකට මඩ ගොහොරුවක්. සති පොලක් තියනවා කුණු ගොඩක්. කතාව දෝලාවෙන් හැබැයි ගමන පයින්. අනේ මන්දා.(නදී)
පිට කහපිය ගිනි පිඹපිය , පිට කහපිය ගිනි පිඹපිය - ඊළඟ සංශෝධනයෙදී තවත් එකක් එකතුවෙයි. (නදී)
පිටිගල, ඒ විතරක් නෙවෙයිනේ. ඇයි අපේ අනාගත දරු පරපුරට මොකද වෙන්නේ. (නදී)
මෙයා අතනගල්ලට නොකලට රුපියල් 300 ගෑස් සිලින්ඩරය එක්වරම රුපියල් 1300 ගණනකට නග්ගල රටටම කළා.(නදී)
ඒ වගේම චන්ද්‍රසේනලත් අනුර්ධපුරේට කිසි වැඩක් කලේ නැහැ.(අ)
අන්තිමට ඔබතුමා ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමා....(අ)
එතුමිය දිරිය කාන්තාවක් (දිල්)
අපි ඔබ ගැන දන්නවා නොදන්නා අයට දැනගන්න ක්‍රමයක් හදන්න (දිල්)
චන්ද්‍රිකා නෝනා අත්තනගල්ලට මොකුත් නොකලට රාජ්‍ය සේවකයින්ට කළ සේවය අපට අමකත නෑ.අදටත් අපි එතුමියට ගරු කරනවා ඒ කළ මහඟු සේවයට.(දිල්)
චන්ද්‍රිකා මැතිනියව නම්, කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කලේ නැහැ. ඇයගේ පාලන සමයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් "වියදමට සරිලන" ලෙස වැඩිවූ බවත් අපට අමතක නැහැ. රටේ කුරිරු යුද්ධයක් පැවතියත් අන් කවර සමයකවත් නොතිබුන ලෙස රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරුව තිබු බවත් අපට අමතක නැහැ. බහිරවයන් විලස බල තණ්හාවෙන් උමතුවී, ඇය මිය යනතුරු තම පරම්පරාවට හා ඇයගේ ගැත්තන් හට අහිංසක මිනිසුන් සුරගෙන කෑමට ඇය ඉඩ නොතැබූ බවත් අපට අමතක නැහැ. ඉතා කෙටි කලකින්ම මුල අමතකවී, තම බඩගෝස්තර වාදය වෙනුවෙන් සත්‍ය යටපත් කොට අවිචාරවත්ව කුහක ලෙස අන් අය විවේචනය කරන්නන් හට කිසිදා සුන්දර "ශුභ අනාගතයකට" හිමිකම් කීමට නොලැබෙන බවත්, "අෂ්ඨ ලෝක ධර්මය" තරයේ විශ්වාස කරන මා මෙහි වැඩිදුරටත් සටහන් කරමි. (නදී)
චන්ද්‍රික මැතිනියට පින්සිද්දවෙන්න පාර්ලිමේන්තුවට ඇවිල්ල කියන කතාවෙන් චන්ද්‍රසේනගේ හැටි හිතාගන්න පුළුවන්. (දී)
විපක්ෂයවත් කියපු නැති කතාවක් නේ මරුයි (දී)
ගොඩක් අයට දැන් මුල අමතක වෙලා (දිල්)