සාපරාධි විශ්වාසය කඩ කරමින් රජයේ මුදල් රුපියල් කෝටි 420 ක් වංචා කළැයි සැකපිට චානුක රත්වත්තේ ඇතුළු පස්දෙනා ලබන 21 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
සැකකරුවන්ගේ නීතීඥවරුන් ඉදිරිපත් කර තිබූ ඇප අයදුම් ලිඛිත දේශනවලට පිළිතුරු දේශන නීතිපතිවරයා අද එවා තිබිණි. ඒවා අධ්‍යයනය කර ඇප ලබා දීම ගැන ඊළඟ නඩු වාරයේ තීන්දුවක් ගන්නා බව මහේස්ත්‍රාත්වරිය කීවාය.
ධර්මප්‍රිය බණ්ඩාර දසනායක, රොමේෂා දුෂාන්ති සෙනරත්, සංජිව දයාරත්න, නිලෝෂාන් රොමේලෝ මෙන්ඩිස් සෙසු සැකකරුවෝ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දනාගාරයේ වියදමත් දරන්න වෙන්නේ දුප්පත් අපගේ බදු මුදලින්. කරලා තියෙන වංචාව දේපල රාජසන්තක කරලා රජයට අයකරගෙන මෙයා ප්‍රජා සේවයට යොදවන්න. (ම)
කෝටි 420ක් හම්බ කරගෙන සති කිහිපයක් රිමාන්ඩ් එකේ හිටියම නරකද? මේගොල්ලෝ කොහොමත් හිරේ යන්නේ නැහැනේ (නි)