මේ දිනවල රුහුණට පැමිණෙන සංචාරකයින් අතරින් වැඩිම පිරිසක් චීන සංචාරකයන් බව සෆාරි ජිප් රථ හිමියෝ පවසති.
යාල වනෝද්‍යානයත් දකුණේ මුහුදු තීරයත් ඔවුන්ගේ නෙත් සිත් ඇදී ගිය තැන් වේ. තිස්ස වැව් තාවුල්ලේ සිටීමට ද ඔවුහු ඉතාම කැමැත්තක් දක්වති.
යුරෝපීය සංචාරකයින් මෙන් මත් පැන් වලට දැඩි ඇල්මක් නොමැති මෙම චීන සංචාරකයෝ ලාංකීය ආහාරපාන වලට ද කැමැත්තක් දක්වති.දේශිය නිපැයුම් මිලදී ගැනිම අඩු බව සංචාරක මඟ පෙන්නන්නෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුවන් සහ ගුණේ, ඔයාලා චීන ජාතිකයෝ ගැන දන්නේ නැතුව ඔහොම කියන්නේ. ඔය අයගෙන් අහලා බලන්න 90%ටම ආගමක් නැහැ. රටවල් ගොඩකට මොවුන් ප්‍රශ්නයක් වෙලයි තියෙන්නේ. මොවුන්ගේ නිෂ්පාදනත් කමකට නැහැ. (නි)
අනේ නුවන්, ඔබේ මොළේ තමයි මොළේ. මහින්ද කළ ලොකුම මෝඩකම මොවුන්ට දොරටු විවර කිරීම. මම දන්නා හොඳ සිංහල පවුල්වල කොල්ලෝ දෙන්නෙක් දැනට චීන ගැහැණු බැඳලා. චීන්නු කවදාවත් මොකුත් නිකන් දෙන්නේ නැහැ. ඔක්කොම පසුව පොළියත් එක්ක ගෙවන්න ප්‍රමිතියක් නැති කුණු ගොඩවල් තමයි හදන්නේ. (නි)
සංචරක කර්මාන්තය දියුණු කිරීම රටක සංවර්ධනයට බොහොම වැදගත් (නි)
ඇසට සුන්දර දසුනක්... (නි)
මහින්ද හැමතැනම ලස්සනට පිළිවෙලට හදලා තියනවා. ඒ කිසිදෙයක් දැන් නඩත්තු කරන්නේ නැහැනේ. හොඳම උදාහරණය තිස්ස වැව වටේ තියන සූර්ය බලයෙන් වැඩ කරන විදුලි පද්ධතිය. ඔක්කොම හොරු ගළවලා (නි)
අනුර සහ නුවන්, ඔබ ගැන දුකයි. මම ඉන්නේ ලෝකයේ දියුණුම රටක. මෙම රටට චීන්නු නිසා ප්‍රශ්න ඇතිවී තිබෙනවා. උපන් රටත් මොවුන් නිසා විනාශ වෙනවට මම කැමති නැහැ. ඔබ ලංකාවෙන් එළියට ගිහින් බලන්න ගොඩක් දියුණු රටවල් චීනයට ණයයි. මොවුන් මත යැපීම දියුණුව නොවේ. (නි)
නාමල්, පුද්ගලයන්ගේ අඩුපාඩු තුළින් ඒ බලසම්පන්න ජාතිය දිහා බලන්න එපා. අද අතිබලවත් අධිරාජ්‍යවාදී රටවල් පවා චිනුන්ගෙන් හිඟනවා. ලෝකයේ එකම සදාතනික උත්කෘෂ්ට දහමට උරුමකම් කියන සිංහලයින්ගේ හැසිරීම් රටා පරික්‍ෂා කර බලන්නකෝ, අඩුපාඩු එමටයි. අනුන්ගේ ඇඳුම් අපි ඇඳ ඇඳ ඔවුන් ගඳයි කියනවා. (නි)
නාලක, දොරටු ගැන කතාකළාට අධිවේගී මාර්ගයේ යන්නේ පුදුමයෙන්. ඔවුන් නැත‍්නම් අපිට ඕවා දකින්නවත් ලැබෙන්නේ නැහැ. ඉදිකටුවක් හදාගන්න බැරි අපි චීන නිෂ්පාදන ගැන හිතන්නවත් කාලය නොවේ (නි)
නාලක, ඔබගේ පුද්ගලික අදහස් අදාළ නොවේ. ඔබ දකුණට යනවා නම් යන්නේ පැරණි බේරුවල පාරෙන්ද? එදා විදේශයන්හි තියෙන මහා මාර්ග දැකලා පශ්චාත්තාප වුණ අපිට, එදා බස් එකක යන්න බියවූ අපිට අද අපි මෙහෙම ඉන්න පුළුවන් වුණේ චීන්නු නිසා. මුල අමතකවීම අපේ ජාතියේ අභාග්‍යයක් (නි)
චීන නිෂ්පාදන මිල අඩු මෙන්ම තවයෙනුත් හරිම බාලයි. ඔවුන් වෙළඳපොළේ අවශ්‍යතාවටම සරිලන හැම භාණ්ඩයකම නිෂපාදනය කරනවා. මිල අඩුයි. ඒ වගේම කල්පැවැත්මක් නැහැ. හදිසියේවත් කැඩුනොත් අලුත්වැඩියා කරන්න යන මුදල අලුත් භාණ්ඩයකම මිලදී ගැනීමට යන මුදලටත් වඩා වැඩියි. (නි)
චින්නු රවටලා සල්ලි කඩාගන්න බැහැ. ඒකයි මේ සංචාරක රැකියා කරන අය අකමැති. (නි)
මහින්දලා ගෝඨලා මොකුත් කළේ නැහැ. මේ තැන් ඔක්කොම ලස්සන කළේ මේ යහපාලන ආණ්ඩුව. එ්කයි මේ සංචාරකයන් එන්නේ. මේ ආණ්ඩුව මේ ටිකට මොනතරම්, සංවර්ධනයක් කළාද හැබෑටම. (බ)
මෙයාල විසා ඉවරවෙනකොට යනවද බලන්න ඕන .හැමෝම නොවෙයි සමහරු වෙන වැඩනෙ කරන්නේ (බ)
චීන සමාගමක් වන ෂන්ග්‍රිල්ලා හෝටල් සමාගම එයට ලොකු පිටුවහලක් (බ)
ගොඩක් හොඳයි (බ)
සමාවෙන්න මෙහෙම කියනවාට. මම අත්දැකීමෙන් කියන්නේ, චීන කට්ටිය හරියට අපේ රටේ කැරපොත්තෝ වගෙයි. එන්න පටන්ගත්තාම නවත්වන්න බැරිවෙයි. මම දැකල තියෙනවා චීන ආක්‍රමණය ගොඩාක් රටවල (බ)
ඔවුන් කැමති ලාංකික ආහාර කිව්වේ අර අයන් එකේ පුච්චන රොටි වලට වෙන්න ඇති (බ)
ඔක්කොම කට්ටිය රතු ගහල ඉන්නේ මොකක් හරි විශේෂ තැනකින් ආව අයද. නිකම්ම නිකම් ටුවරිස්ට්ලා ඔහේ ඕන පාටක් අඳිනවානේ. (බ)
ඔවුන්ගේ නෙත් සිත් කෙසේ වෙතත් අපේ නෙත් සිත් නම් ඇදී යනවා ඒ ගොල්ලෝ දැක්කහම ......(බ)
වියදම් කරන්නේ නැති සංචාරකයින්ගෙන් ඇති වැඩේ මොකක්ද? (නි)
අපේ මහජන නියෝජිතයෝ මේ චීන ළමයින්ට ඉස්සර වගේ සලකන්නේ නැතිවෙයි කියා සිතනවා. එහෙම කළොත් මොනවා වෙයිද? හැබැයි චීනේ මිනිසෙකුගේ වටිනාකම අඩුයි. බ්‍රිතාන්‍ය වගේ නොවෙයි. (බ)
සමහර අදහස් වැරදියි කියල හිතෙනවා කියවපුවම , චීන ඉතා පොහොසත් වැදගත් සංචාරකයෝ ඉන්නවා. මම වැඩකරන්නේ කැනඩාවේ ලොකුම හොටෙල් එකක , එක උතුරු ඇමෙරිකාවේ තියෙන ලොකුම හොටෙල් එකක්, ඉතින් එකේ තියෙනවා විශේෂ වැඩපිළිවෙලක් චීන සංචාරකයින් සඳහාම , එතකොට හිතන්න චීන සංචාරකයින් ඔවුන කොතරම් වැදගත්ද කියල , එවැනි විශේෂ වැඩපිළිවෙලක් වෙන කිසිම ජාතියක් වෙනුවෙන් නැහැ . (බ)
මේ පළාතේ බල්ලෝ, පූසෝ ප්‍රවේශම් කරගන්න වෙයි (නි)
මේ ගොල්ලෝ වියදමට සල්ලි හොයාගන්නෙත් අපෙන්ම තමයි. හරිම අපුරු චීන සංචාරකයෝ. (නි)
චීනය ගැන කියනකොට පහුගිය කාලේ අපේ රටෙන් කොපමණ සල්ලි උපයා ගත්තද? එ්ත් ගංවතුරේදී පොඩි රටවල් උදව් කළාට චීනය බැලුවේවත් නැහැ (නි)
රුවන්, අපේ අය ළිඳේ ඉන්න ගෙම්බෝ ගානයි. පළමුවෙන්ම එන්නේ රාග සිතුවිලි, දෙවනුව ද්වේශ සිතුවිලි, තුන්වෙනුවට මෝහ සිතුවිලි. නැත්නම් මේ විවරවෙලා තියෙන්නේ තිස් අවූරුද්දක් වැසුන ඉල්ලමක් (නි)
මේ දෙයත් කියන්න ඕනෑ. චීන්නු ආක්‍රමණශීලි ජාතියක් වෙලා තියෙන්නේ ඇයි? චීන වෙළද ප්‍රජාව හරි එකමුතුයි. සිංහලයයෝ මේවා කරනකොට ටිකක් කල් යයි. තේරුම් ගත්තත් ලොකු දෙයක්. (නි)
මනෝජ්, මං නම් හිතන්නේ අපේ කට්ටිය මේ පින්තුර දැක්කට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ඔලුවට ගහල මේ ළමයි ගැන සැලකිල්ල හොඳටම වැඩි වෙයි කියලයි. (බ)
මෙහෙම රටට චින සංචාරකයො වැඩි වශයෙන් එනකොට පසුගිය රජයට විරුද්ධව අදහස් ලියන අය කිවිවෙ අපේ රටට එන්නෙ වියම් කරන්න බැරි චින හිගන්නො කියලයි. මෙයාල ආවට සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්නෙ නෑ කියලත් කිවිවා. ඒත් ඇත්ත අපට වැඩියෙන් උදව් කරන්නෙත් සංවාරය කරන්නෙත් චින ජනතාව මිස යුරෝපය නොවේ (බ)
ලස්සන දසුනක්.(හේ)
චීන සංචාරකයන් ගෙන්වීම යුරෝපීය සහ මැදපෙරදිග සංචාරකයන් ගෙන්වීම තරම් ඵලදායී නෑ. සංචාරක ව්‍යාපාරයේ රැකියා කරන අය චීන සංචාරකයොන්ගෙ වැඩ ගැන දන්නව හොඳට (බ)
එයාලා මාළු කන්නේ ඉරටුවෙන්. චීන්නු එහෙම ජාතියක්. මම යුරෝපයේ ඉන්න නිසා ඒක හොඳටම දන්නවා (නි)
මොනවා වුණත් කමක් නැහැ. ඔය 1 වෙනි ඡායාරූපයේ ඉන්න බල්ලා තවමත් ජීවතුන් අතරදැයි සොයා බලන්න. (නි)
මේවා ලස්සනට අලංකාර කරලා තියන නිසා හොඳයි. මිට අවුරුදු 5-6කටකලින් ආවනම් පැත්ත පළාතේ යන්න පුලුවන්ද? දැන් ඉන්න අයට මේවා යන්තමට හරි නඩත්තු කරගන්න පුළුවන් වුනොත් හොඳයි, (ම)
විදේශිකයින් කිවුවට මේ අයගෙන් අපිට සත පහකවත් වැඩක් නැහැ. වතුර බෝතලේ ගන්නේ 10 පාරක් හිතලා. පයින් යන්නේ. මහලොකු සංචාරක කර්මාන්තය අපේ......! (නි)
දැන් ලංකාවට වැඩිම සංචාරකයෝ එන්නේ ඉන්දියාවෙන් (නි)
අකුරැස්ස පැත්තේ නම් යන්න එපා නංගියේ... (නි)
චීනය කොමියුනිස්ට් රජයක්. රජයේ දැන්වීම් පවා රතුපාටින් පළකරන්නේ. කාන්තා ඇඳුම් රතු මිශ්‍ර ඒවා. විච්චූරණ ඇඳුම් අපි එම රටේ දැක්කේ නැහැ (නි)
මම විවාහවෙලා ඉන්නේ මලයාසියානු සම්භවයක් තියෙන චීන බිරිදක් සමඟ. එයාලගේ සැළසුම් අවුරුද්දකට දෙකකට සැළසුම් කරන්නේ. මම කලින් වැඩකරපු තැන ලොක්කා හැම වෙලාවේම කියන්නේ ලංකාවේ මිනිස්සු හරි හොඳ ගුණයහපත් නමුත් වැඩ කරන්න ගත්තහම එපාවෙනවා කියලා (නි)
යුරෝපයේ වැඩ කරනකොට මට අාසියානුවෙක් බවත් අමතකවුණා. චීනයේ වැඩ කරද්දී නම් ‘බණඩාරනායක රටේ කෙනෙක්‘ කියලා තමා හැඳින්වුවේ. ගරු කළා හැම තැනදිම (නි)
සංචාරකයින් වැඩිපුර ආකර්ශනය කරගැනීමට මහින්ද ජනාධිපතිතුමා කළා වගේ දීර්ඝකාලින නගර සංවර්ධන සැළසුමක් කතරගම, කිරින්ද, අැල්ල, වැල්ලවාය වැනි ප්‍රදේශ වලත් ආරම්භ කළයුතුය. (නි)
මහින්දලා ගෝඨලා මොකුත් කළේ නැහැ. මේ තැන් ඔක්කොම ලස්සන කළේ මේ යහපාලන ආණ්ඩුව. එ්කයි මේ සංචාරකයන් එන්නේ. මේ ආණ්ඩුව මේ ටිකට මොනතරම්, සංවර්ධනයක් කළාද හැබෑටම. (නි)
මැදපෙරදිග සිට පැමිණෙන සංචාරකයින්ගේ වැඩිවීමක් දකින්න ලැබෙනවා වගෙයි (නි)