IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


චීන සුරූපිණියෝ රිච්මන්ඩ් කාසල් යති

චීන විශ්ව රූ රැජිණ තරගාවලියේ විවිධ ක්‍රියාකාරකම් සඳහා මෙරටට පැමිණ සිටින එහි අවසන් වටයේ තරගකාරියෝ කලූතර රිච්මන්ඩ් කාසල් මන්දිරයට ගොස් එහි නේවාසිකව සිටින ළමුන් සමග පැය කිහිපයක් ගත කළේය.

එහිදී එහි නේවාසික දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ත්‍රී රෝද රියක්,  පොත් පත් ඇඳුම් පැළදුම් මෙන්ම රිච්මන්ඩ් කාසල් මන්දිරියේ අළුත් වැඩියා කටයුතු සඳහා මුදල් ද පරිත්‍යාග  කළහ.

පසුව ඔවුහු එහි දරුවන් සමග දිවා ආහාරය ගැනීමෙන් අනතුරුව සිංදු කියමින්, නටමින්  ක්‍රීඩා කළහ. 

මුලදී නුහුරු ගතියකින් සිටි දරුවන්ගේ සිත් දිනාගැනීමට  චීන යුවතියන්ට ගත වුයේ   සුළු මොහොතකි.

එදින සවස් යාමයම දරුවන් සමග කෙළි දොගෙන්  ගත කළ රූ රැජිණියෝ  රිච්මන්ඩ් කාසල් මන්දිරයෙන්  සමු ගන්නා මොහොතේ එම දරුවන්ගේ දෙනෙත් කඳුළින් බරව තිබුණි.

 මෙම අවස්ථාවට පසුගිය 2013 වසරේ චීන විශ්ව රූ රැජිණ කිරුළ හිිමි කරගත් ජින් යී මෙනවිය  සහ  ජාත්‍යන්තර එමි සම්මානයෙන් පිදුම් ලද චීන ඇමරිකානු රූපවාහිණී වැඩසටහන් ඉදිරිපත්කරන්නියක,  ව්‍යාපාරික කාන්තාවක, මෝස්තර නිර්මාණ ශිල්පිනියක, ජනප්‍රිය ගත් කතු වරියක  සහ මානව හිතවාදිිනියක  වන  යූ. සයිි ඛාන් මහත්මියද එක් වුහ.

 DSCF8635 2  5 8 9 10 11 13
 

 



අදහස් (0)

චීන සුරූපිණියෝ රිච්මන්ඩ් කාසල් යති

වජිර Saturday, 30 August 2014 01:33 PM

අපේ සමහර නායකයන් ලඟ ඇති දුෂිත ආකල්ප මෙවැනි සිදුවීම් හරහා වෙනස්කර ගමු. (ස)

:       0       0

බන්ඩාර Sunday, 31 August 2014 10:26 AM

කවුරු මේ අවස්ථාව මොන විදියට දැක්කත් මෙය ලංකාවට හොඳ දෙයක්. (අ)

:       0       0

ඉන්දික Saturday, 30 August 2014 07:26 PM

හොඳ වැඩක් (නි)

:       0       0

සුනිල් විතානගේ Saturday, 30 August 2014 03:36 AM

හොඳ අවස්ථාවක්

:       0       0

සුගත් බණ්ඩාර Saturday, 30 August 2014 03:41 AM

ආදරය කරුණාව හැම දෙයක්ම තියෙන මිනිස්සු ටිකක් රටට ලංකර ගන්නවට මමනම් හරි කමතියි (අ)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 30 August 2014 06:13 AM

රිච්මන්ඩ් කාසල් මන්දිරය තියෙන්නේ, අපේ ගමට කිට්ටුව පලාතොට හරියේ. අනේ මමත් ගමේ හිටියනම් මමත් එදාම යනවා රිච්මන්ඩ් කාසල් මන්දිරය බලන්න. (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 30 August 2014 07:28 AM

අපේ රට සුන්දර නිසා නේද මෙවැනි විදෙසිකයෝ පැමිණෙන්නේ.අපි මෙයාලව සාදරෙන් පිලිගතයුතුයි. (අ)

:       0       0

ජයරත්න Saturday, 30 August 2014 10:25 AM

චීන රූමතියන්ගෙ ශ්‍රීලංකා සංචාරයෙ අවසන් පැය කීපය වෙන්න ඇති මේ ගතවෙන්නෙ.ඔවුන්ගේ මෙම සංචාරයට ඔවුන්ට අංග සම්පූර්ණ වූ එකක් බවයි පෙනෙන්නෙ.නොරොච්චෝලෙටත් කැදවාගෙන ගියානම් තමයි හොද.කොහොම වුණත මේ දවස් කීපය තුළ ලංකාදීප අන්තාජාලයේ පාඨකයන් වෙනුවෙන් චීන රූමතියන්ගෙ ශ්‍රීලංකා සංචාරයේ විවිධ අවස්ථා වාර්තා කළ ලංකාදීප මාධ්‍යෙව්දිණී දීපා අධිකාරිට ස්තුති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.දීපා ඔබ ඔබේ රාජකාරිය හොදට කළා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site