කොළඹ වරායේ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේ සේවකයින් 14 දෙනකුගේ සේවය අහිමි කළැයි කියමින් පර්යන්ත සේවකයෝ වැඩ වර්ජනයක් ආරම්භ කළහ.
මෙම ගැටළුව නිරාකරණය කර දෙන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය වරාය අධිකාරීයේ සභාපතිගෙන් ඉල්ලා සිටියේය.
එම පර්යන්තය චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කරන බවත් සාධාරණ හේතුවක් නැතිව එම සේවකයින් 14 දෙනා සේවයෙන් ඉවත් කළ බවත් සේවකයෝ කියති.
මෙම වැඩවර්ජනය නිසා නෞකා මෙහෙයවීමේදී ගැටළුකාරී තත්ත්වයක් ඇතිවන බවත් ඉන් කොළඹ වරාය ජාත්‍යන්තරව ලබාගෙන ඇති කීර්ති නාමය පළුදු වනු ඇති බවත් එම සංගමය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සමාගම කොණ්ඩය බැඳපු චිනෙකුගේ කියලා හිතන්න ඇති. කවුද චීන සමාගමට දුන්නේ? යහපාලනයද? මහ රජ පාලනයද? (නි)
අපේ රටේ අාදායම් උපදවන බොහෝ රජයේ ආයතනවල පාලයෝ චීන්නු සහ ඉන්දියානුවන්ය. කොහොමත් අපි කරගත්තේ කැහි ගැහැණි දීලා හොටු ගැහැණි ගැනීමක් වගේ වැඩකි. (නි)
රත්නසිරි හරි. චීන ජාතිකයින් යනු ඉතා කඩිසර ජාතියක් (නි)
ලංකාවේ ජනතාවගෙන් වැඩක් ගන්න පුළුවන් පිටරට මනුස්සයෙක්ව ඉස්සරහට දාලා. 1815 ඉඳන් වෙන්නේ ඕක. තේ කර්මාන්තයේ වැඩ කරගන්න ඉන්දියාවෙන් කට්ටිය ගෙනාවා. අන්තිමට ජාතික ගීය දෙමළෙනුත් ගයන්න වෙනවා. චිනෙනුත් ඔය වගේ දේවල් ඉස්සරහට වෙයිද? ජාතික ගීයට චීන භාෂාවත් එක්වෙයිද? ආර්ථිකය කියලා කියන්නේ රුපියල විතරක් නොවේ. සෑම කටයුත්තකටම ජාතික ප්‍රතිපත්තියක් තිබුනොත් හොඳයි වගේ. (නි)
සැම කටයුත්තක්ම සිංහල මානසිකත්වයකින් නොවුණොත් අපිට ඉදිරියේදී අනන්‍යතාවක් නැති වෙනවා. මේකට පිළිතුරු හොයන එක ලොකු පොඩි හැමෝගෙම වගකීමක්. කොරියාවට අපේ අය යන්නේ කොරියන් භාෂාව ඉගෙනගෙන විභාග පාස්කරලා. එ් ගිහිල්ලත් කම්කරු සේවයක් මිස ඊටවඩා උසස් තැනක් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. උතුරේ කට්ටිය වුණත් අපිට සද්ද දාන්නේ සිංහලෙන්ද? සිංහලෙන් නම් මොකක් හරි විසඳුමක් හොයාගන්න පුළුවන්. දීර්ඝකාලීනව ලංකාවට එන හැමොටෝම සිංහල උගන්වන ක්‍රමයක් අවශ්‍යයි. (නි)
ඉවත් කිරීමට හේතුව මොකක්ද කිව්වොත් අපිට කිවහැකියි මෙය සාධාරණද අසාධාරණද කියලා. (බ)
මේක වැරදි අර්ථ නිරුපනයක්. චීන සමාගමේ සම්බන්දයක් නැහැ. (හේ)
බොහෝ විට මුන් වැඩ නොකර හොර කරලා මට්ටු වෙන්න ඇති. වැඩ කරපල්ලා ඉස්සෙල්ලම ගන්න පඩියට අවංකවම. දැන් ලංකාවේ වැඩක් අවංකව කාර්යක්ෂමව හා ප්‍රමිතියකට කරන්න පුළුවන් කෙනෙක් හොයාගන්න ලෙහෙසියෙන් බැහැ. ඔක්කොම ඉන්නේ හොරු , පොලු කාරයෝ. අයිස් පප්පල. වැඩේට කලින් අත්තිකාරම් ඊට පස්සේ පොලු. (බ)
ඉවත් කරන්න ඇත්තේ එක්කෝ හොරකමක් නැතිනම් වැඩ නොකර (බ)