තම චීන සංචාරය ප්‍රමාද විය හැකි යැයි හිටපු ජනපති හා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පැවසීය.

කොළඹ හෝටලයක පැවැති විවාහ මංගලෝත්සවයකට සහභාගී වී ආපසු යන අතරතුර මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා එලෙස කීවේය.

‘මම චීනෙට යෑම ගැන තවම තීන්දුවක් අරගෙන නෑ. අසනීප ගතිය නිසා මං සමහරවිට කල්දායි. ‘