
(අංජුල මහික වීරරත්න)
මෙරට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය වං වෙන්ටාඕ (Wang Wentao) මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වී සාකච්ඡා පැවැත්වීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන සහ අර්ථික ස්ථාවරත්වය සහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන යන විනිවිදභාවයෙන් යුත් වැඩපිළිවෙළ හමුවේ චීන ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආයෝජන කිරීමට වැඩි කැමැත්තක් දක්වන බව මෙහිදී සඳහන් කළ චීන අමාත්‍යවරයා ආයෝජකයන් 100කට වැඩි පිරිසක් සමඟ සිදු කෙරෙන මෙම සංචාරය තුළින් දෙරට අතර ආර්ථික සහයෝගීතාව තවදුරටත් තහවුරු වන බවද පැවසීය.
අභියෝගාත්මක සමයක දෙරටටම වාසි සහගත අයුරින් වෙළෙඳ සහ ආර්ථික අරමුණු ජය ගැනීමට එක්ව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ගෝලීය ආර්ථික අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට චීනය කැප වී කටයුතු කරන බවද චීන වාණිජ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පසුගිය චීන සංචාරයේදී ඇති කරගත් එකඟතා ක්‍රියාවට නැංවීම චීන වාණිජ අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණක් වන අතර චීන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් අවසන් කිරීම සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චීන වාණිජ ඇමති ජනපති හමු වෙයි
Bunny Preena Friday, 30 May 2025 08:57 AM
අයෝජකයින් දිරිගැන්වෙන විධියට බදු සහන ලබාදී කර්මාන්තශාලා ආරම්භ කිරීම සඳහා ඔවුන්ව දිරිගැන්වෙන වැඩපිළිවෙලක් ලබාදිය යුතුය. කාලයත් සමඟ කර්මාන්ත ශාලාවේ ප්‍රගතිය සහ දියුණුව සමඟ අවශ්‍යතාවය අනුව සාධාරණව ඔවුන්ට ඔරොත්තු දෙන විදියට බදු වැඩි කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් දෙපාර්ශවයටම දිගු ගමනක් යා හැකි වේවි