IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න)

ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ලංකාවේ ආර්ථික, අධ්‍යාපන,මාධ්‍ය සහ සංස්කෘතියට ඉතාමත් වැදගත් වන අවබෝධතා ගිවිසුම් ඊට ඇතුළත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවේදී දෙරට අතර ආර්ථික,සංස්කෘතික, දේශපාලන,සබඳතා ගැන ඉතා වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කෙරුණ බව කී විජිත හේරත් මහතා එම ද්වි පාර්ශවික සාකච්ඡාවෙන් අනතුරුව අදාල අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබූ බව සඳහන් කළේය.

මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වාසි රැසක් අනාගතයේදී ලබා ගන්නට හැකියාව තිබෙන බවත් චීන ආණ්ඩුවේ සහයෝගය ලංකාවට දිගටම ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා සහතික වූ බවත් විජිත හේරත් මහතා සඳහන් කළේය.

අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව රාත්‍රී භෝජන සංග්‍රහයේ දී චීන-ලංකා දෙපාර්ශවය අතර ඉතා සුහද කතාබහක් පැවැති බව කී අමාත්‍යවරයා දෙරට සබඳතාවය තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට දෙපාර්ශවයේම එකඟතාවය පළ කළ බව කීය.

 



අදහස් (7)

චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි

Bandula Thursday, 16 January 2025 01:30 PM

රටට යහපතක් වෙනවානම් ඒක හොඳයි.

:       1       42

Perera Thursday, 16 January 2025 01:45 PM

ඔය ගිවිසුම් වල තියන දේවල් ගැන පාර්ලිමේන්තුව දැනුවත්ද?

:       0       32

රම්බොඩ Thursday, 16 January 2025 01:59 PM

දැන් ඉතින් මාලිමාව යනු ලොව එකම පක්ෂය යැයි සිතා එහි සරණ ගිය , වෙනත් කිසිම කෙනෙකුගේ අසහස් වලට ගරු නොකරන , අසංවර සහ අසභ්‍ය වචන භාවිතා කරන උදවිය උඩ පනීවි මෙන්න මෙයාලා වැඩ කරනවා කියලා. බැලූ බැල්මට එහෙම පෙනෙයි. නමුත් නිසි අධ්‍යනයකන් තොරව මෙවැන් දෑ කළොත් රට චීනෙ ඉදිරියේ හිර වෙනවා..අපේ ස්වෛරී භාවයට හානි වෙයි. එසේ නොවෙන්න වගබලා ගත්තේ නම් කමක් නැත. මෙපමණ කලක් නොකළ ආායා්ජන දැන් එන්නේ ඇයිදැයි බලමු.

:       8       14

ලක්විදුThursday, 16 January 2025 04:01 PM

අනේ රම්බොඩ මහත්තයෝ, දැං ඔයාට කවුරු, මොනවා කළාමද හරි?

:       5       15

Donal Thursday, 16 January 2025 03:49 PM

අම්මෝ ඉතින්... මාර ලොකු වැඩ ටිකක් තමයි කරන්න යන්නේ

:       5       6

රෙක්ස් Thursday, 16 January 2025 04:11 PM

පලපුරුදු රනිල්ගෙන් අහලද අස්සන් කලේ…?

:       6       5

[email protected] Sunday, 19 January 2025 10:28 AM

මිට්ටන් කට්ටන් මූ මාරම කට්ටයා. කොටා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site