වරකා‍‍‍ගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන අස්ගිරි මහානායක මාහිමියෝ 10 දා වව්නියාවේ පන්සල් සංවර්ධනය වෙනුවෙන් මුදල් ප්‍රධානය කිරීමේ වැඩ සටහනක් වව්නියාව මහකච්චකොඩිය පුරාණ ගල්ලෙන් මහා විහාරයේදී පැවැත්වූහ.

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති  සියඹලාගස්වැව විමලසාර නාහිමියෝ මහා නායක හිමියන් පිළිගත්හ.

වව්නියාවේ පන්සල් 29 කට රුපියල් ලක්ෂ 145 ක් පරිත්‍යාග කළහ.

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන ‘‘අපේ සත්කාර” වැඩසටහනට අයත් වීනයේ බෞද්ධ විහාරස්ථානයන්හි මූල්‍ය ප්‍රතිපාදන යටතේ අදාල මුදල්  වව්නියාව දිසාපති එම්.බී.පුෂ්පකුමාර සහ වව්නියාව දකුණ ප්‍රාදේශීය ලේකම් එම්.එස්. ජානක යන මහත්වරුන්ට ලබා දනේනේය .

යුද්දයෙන් පසුව අස්ගිරි මහානායක හිමියන් උතුරු ප්‍රදේශයට වැඩම කළ පළමු අවස්ථාව මෙය වෙයි.

01(1) 05(1) 11(1) 13 14