
(අංජුල මහික වීරරත්න)
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් මහතා ඇතුළු චීන නියෝජිත පිරිස ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා යුවාන් ජියාජුන් මහතා ප්‍රමුඛ චීන නියෝජිත පිරිස දැනුවත් කළ අතර රටේ පවතින නව වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව ද පැහැදිලි කළේය.
එසේම මෙම කටයුතු වලදී කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහනෙහි ප්‍රගතිය මෙන්ම රජය ක්‍රියාවට නංවා ඇති ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීය.
නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති එම කටයුතු අවසන් වීමෙන් පසු කඩිනමින් යළි ආරම්භ කර ජාතික ආර්ථික සංවර්ධනයට ශක්තිමත් ලෙස දායක කරගත හැකි වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.
මෙහිදී අදහස් දැක්වූ චීන නියෝජිත පිරිස අභියෝගාත්මක තත්ත්වයක් හමුවේ වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැපවීම අගය කළ බවද අනාගත ආර්ථික සංවර්ධන ගමන් මඟ පිළිබඳව ද විශ්වාසය පළ කළ බවද ජනාධිපති කාර්යාලය පවසයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ නාගරික ලේකම් කෙනෙක් රට නියෝජනය කරමින් වෙනත් රටවල රාජ්‍ය නායකයො හමුවෙනවා ඒත් ලංකාවෙ නාගරික ලේකම් කියන්නෙ නිකම්ම නිකං ඩමියක් පමණයි කියන්නෙ ලැබූ අත්දැකීම් නිසා තමයි