චීන සංචාරක තරුණියක අම්බලන්ගොඩ මාදම්පාගම දුම්රියපොළ අසලදී දුම්රියෙන් වැටී මියගිය බව පොලිසිය කියයි.ඇය පා පුවරුවේ වාඩි වී ගමන් කල බවද පොලිසිය කියයි.
චීන සංචාරක තරුණියක අම්බලන්ගොඩ මාදම්පාගම දුම්රියපොළ අසලදී දුම්රියෙන් වැටී මියගිය බව පොලිසිය කියයි.ඇය පා පුවරුවේ වාඩි වී ගමන් කල බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන්ගේ අදහස එකහෙළාම පිළිගන්න බැහැ. නිකමට බලන්න මොනතරම් ඉඩ තිබුනත් සමහර අය පාපුවරුවේ යන්න කැමැත්ත දක්වනවා. විශේෂයෙන්ම සංචාරකයින්. හැමදේකටම රටේ දුප්පත්කම, දුර්වලතා කියන්න එපා. තමන්ගේ ආරක්ෂාව ගැනත් ටිකක් කල්පනාවෙන් ඉන්න ඕනෑ. (නි)
මේකට හේතුව කොලඹ මාතර අතර රේල් පර අලුත් කළාට පස්සේ දුම්රිය නැවතුම් වල වේදිකා උසට හැදුවා. මේ නිසා දුම්රෙයේ පාපුවරුවේ ගියොත් කකුල් වේදිකාවේ වදිනවා. මේක අපේ අයට කොච්චර කිව්වත් අහන්නේ නැ. එහෙම ගොඩක් අය තුවාල වෙලා රෝහල් අරගෙන යනවා ඕනෑතරම් දුම්රියේ නිතර යන අය දකිනවා. (හේ)
මගීන්ට පහසුවෙන් ගමන් බිමන් යන්න අපේ ලංකාවේ බහ බස් වල ඕනවට වැඩ මිනිස්සු පටවාගෙන ඉතාම අඩු දුම්රිය ගමන ගමනයක් තිබෙන නිසා ගමන් යන්න ඉන්න ජනතාවට දුම්රියේ ඇල්ලිලා නැතිනම් දොර ළඟ පඩි පෙලේ වාඩි වෙලා යන්න වෙලා තිබෙන්නේ හේතුව දුප්පත් ගමන ගමනයක් අපේ රටේ තිබෙන නිසා මේ මගින් කොපමණ අනතුරු සිදු වෙනවද කවුද කැමති මුදල් ගෙවා බිම වැඩිවෙලා අසාවෙන් යන්න (හේ)
ලංකාවේ දුම්රියට දොර වහගන්න වෙන කාලේ ඇවිල්ල වගේ. (බ)
මුහුදුබඩ මාර්ගයේ දුර ගමන් සේවා යොදවා ඇත්තේ සීමිත ගමන් වාර කිහිපයක් පමණි. මාතර සිට නුවර, වව්නිය දක්වා පමණි. එකදු නව සේවාවක් හෝ එකතු කොට නැත. පස්වරු 6න් පසු කළුතර සිට කොටුව දක්වා දුම්රිය නැත. සති අන්තයේ මගින් පෞද්ගලික ගමන් වල යෙදුනත් දුම්රිය නැත. සතියේ දින වල ධාවනය වන දුම්රිය ගණනින් අඩක් පමණක් සෙනසුරාදා ධාවනය වන අතර ඉරිදා ධාවනය වන්නේ 1/4 ක් පමණි. මෙය කඩිනමින් වෙනස් කල යුතු තත්වයකි. බලධාරීන් සුව නින්දේ (හේ)
මම ඕනෑතරම් දැකලා තියෙනවා චීන සංචාරකයෝ පාපුරුවෙ යනවා පින්තූර ගන්න. මට මතක විදියට මෙහෙම අනතුරට ලක්වූ පළවෙනි පාර නෙමෙයි මේක. ඔවුන්ව දැනුවත් කළා නම් හොඳයි කියලා තමා මට හිතෙන්නෙ. (නි)
රන්ජන්, ගොඩක් විදේශික අය ආසයි මගී පුවරුවේ යන්න. (නි)
දුම්රිය ස්ථාන වල වැසිකිළි වල ඉඳගන්න තියෙන පියන් පවා ගළවලා. ඉතින් කොහෙද දුම්රියේ දොරවල් ගැන හිතන්නේ. (නි)
සංචාරය සදහා මෙරටට පැමිණෙන විදේශිකයෙකුට මෙරටදී ප්‍රවේශම් වියයුතු කාරනා ගැන පොත් පිංචක් අනිවාර්යයෙන්ම ගුවන් තොටේදීම ලබාදීමට සංචාරක මණ්ඩලය පියවර ගත යුතුය. බස්වල හා දුම්රියේ යායුතු අකාරය, මඟතොටදී හැසිරිය යුතු අාකාරය, පාර තොටේ හමුවන සතුන් සුරතල් නොකිරීම, ගංගා ඇලදොළ, දියඇලි, හා මුහුදේ අනතුරු ඇති තැන් ගැන විස්තර සහිතව දැනුවත් කිරීම මගින් මෙවැනි කණගාටුදායක මරණ වළක්වාගත හැකිය. (නි)