IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


චීන ජාතිකයාට ගජමතු විකුණන්න ගිය 5ක් දැලේ

(කාංචන කුමාර ආරියදාස)

රුපියල් ලක්ෂ එකසිය විස්සක  මුදලකට ගජමුතු පහක් චීන ජාතික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීම් සඳහා  සුදානම් වූ  මාතලේ මහෙස්ත්‍රාත් අධිකරණයේ සේවකයන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු අද (25) සැකපිට  මාතලේ සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ  අධිකරණයේ ලේඛනාගාණාගාර සේවකයෙක් ,නඩු භාණ්ඩ කාමරයේ සේවකයෙක් සහ රත්තොට ප්‍රදේශයේ පදිංචි  පුද්ගලයන් තිදෙනෙකු බව පොලිසිය කියයි.

 මෙම   පුද්ගලයන් සතුව තිබූ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබූ බවට සැකක කරන ගජමුතු පහක් ඔවුන් පැමිණි  ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යාංශය දඹුල්ල ඒකකයේ නිලධාරීන්ට  ලද තොර තොරතුරක් මත මෙම වැටලීම  මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශනශන අංශයේ නිලධාරීහු මාතලේ නගරයේ පිහිටි සුපිරි හෝටලයක  කාමරයකදී පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

 දින ගණනාවක කාලයක සිට ගජමුතු පහක් රුපියල් ලක්ෂ 120 ක මුදලකට චීන ජාතිකයෙකු හට අලෙවි කිරීම් සඳහා සූදානම් වන බව පොලිසියට තොරතුරු ලැබී තිබිණි

චීන ජාතිකගේ   තැරැව්කරුවෙකු ලෙස වෙස්වලාගත් පොලිස් විශේෂ කාර්යාංශය නිලධාරීන් සහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සුපිරි හෝටල් කාමරයේ රැඳී සිටිමින් මෙම කණ්ඩායම කොටු කරගෙන තිබේ.

 

 

              



අදහස් (0)

චීන ජාතිකයාට ගජමතු විකුණන්න ගිය 5ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site