යුරෝපයේ රැකියා ලබාදෙන බව පවසමින් ශ්‍රි ලංකිකයන් තායිලන්තයට රැගෙන ගොස් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන අතරමං කර දැමිමේ ජාවාරමක තොරතුරු අනාවරණය වි තිබේ.
එසේ රැගෙන ගිය ශ්‍රි ලාංකීය තරුණයන් පිරිසක් මේ වනවිට තායිලන්තයේ බැංකොක් නුවර අතරමංව සිටින බවද වාර්තාවේ.
පිළියන්දල, මහරගම, නුවරඑළිය, බදුල්ල,මීගමුව, අනුරාධපුර ප්‍රදේශවලින් ගිය මේ අයට කෑම බීමද නොමැති බව ද කියති.
බැංකොක් නුවර ශ්‍රි ලාංකිකයන්ගේ කඩයක රැකියා ලබාදෙන බව පවසා ශ්‍රි ලාංකිකයන් පෙන්වා වැටුප් නොදී ඔවුන්ගෙන් සේවය ලබාගන්නා බව බැංකොක් නුවර වෙනත් ව්‍යාපාර පවත්වාගෙන යන ශ්‍රි ලාංකිකයෝ කියති.
මෙසේ රැගෙන ගිය තරුණයින්ගෙන් රුපියල් ලක්ෂ පහේ සිට දහය පමණ වු මුදල් ලබාගෙන ඇති බවද තායිලන්තයේ කෙටිකාලින රැකියා වීසා ලබාදී ශ්‍රි ලාංකිය තරුණයන් මෙලෙස එරටට රැගෙන ගොස් සිටින බවද එම ව්‍යාපාරිකයෝ කියති.
පොරොන්දු වු පරිදි තායිලන්තයේ සිට මෙතක් රටවලට යාමට නොහැකි වු සහ තායිලන්තයේ රැකියා නොලැබීමෙන් මෙන්ම කෙටිකාලින විසා අවසන් වීමෙන් ද අසරණ තත්ත්වයට පත්ව සිටින මොවුන් ආපසු ශ්‍රි ලංකාවට යාමට නොහැකිව සිටින බවද එම ව්‍යාපාරිකයෝ පැවසුහ. ඇතැම් ශ්‍රි ලාංකීය ව්‍යාපාරිකයෝ මෙවැනි තරුණයන්ට අනුකම්පා කොට ඔවුන්ට ආහාරපාන පවා ලබාදෙන බවද පැවසේ.
තායිලන්තයේ ඉහළ වැටුප් සහිත හැකියා ලබාදෙන බවට සහ තායිලන්තයේ සිට නවසීලන්තයට, මැලේසියාවට , ජපානයට පහසුවෙන් යා හැකි බව පවසමින් ශ්‍රි ලාංකිකයන් රවටා මුදල් හෑරිමේ ජාවාරමක මෙම ජාවාරම්කරුවන් පිරිස නිරතව සිටින බැවින් එවැනි අයට රැවටී මුදල් අහිමිකර නොගන්නා ලෙස බැංකොක් නුවර සිටින ශ්‍රි ලාංකිය ව්‍යාපාරිකයෝ ඉල්ලා සිටිති.
තායිලන්ත ශ්‍රි ලංකා තානාපති ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මිගේ කාර්යාලීයය දුරකථනයට ඇමතුම් ලබාගත්ත ද ඇය මේ දිනවල එම තානාපති කාර්ලයේ වර්ෂ පුර්ණ උත්සව සංවිධාන කටයුතුවල නිරතව සිටින බැවින් දුරකථනයට සම්බන්ධ කර ගැනීම අපහසු බව එම කාර්යාලයේ නිලධාරිනියක ප්‍රකාශ කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ජීවත්වන මිනිසුන් මොනවගේ අයද කියලා මෙයින් මනාව තහවුරුවුණා මට (නි)
වර්ෂ පුර්ණ උත්සව සංවිධාන කටයුතු කරනවා කියලා රාජකාරියෙන් බැහැරව ඉන්න පුළුවන්කමක් නැහැනේ. (නි)
පවු අහිංසක මිනිස්සු! (නි)
ව්‍යාජ ඒජන්සි කරුවන්ට හසු නොවන ලෙස කෙතරම් දැනුම්වත් කලත්, ඒ සම්බන්ධයෙන් නොඇසූ, තරුණයින් ගැනේ කනගාටුයි. තම ඒජන්සිකරු ගැන සොයා බැලීමට හැකියාව තිබියදී මෙසේ අසුවීම ගැන හිතන්නත් පුදුමයි. (ර)
තවත් නම් රැවටෙන්න එපා. මේ අයට. (ර)
ටිකක් හිතලා වැඩ කරානම් මෙහෙම වෙන්නේ නෑ. (ර)
මේවට තාමත් අහු වෙන අය ඉන්නවද.? (ර)
මේ මිනිසුන්ට වන සාධාරණය මොකක්ද එතකොට? (නි)
ඇයි මෙහෙම මිනිස්සු රැවටෙන්නේ? (නි)
තානාපතිලා ඉන්නේ උත්සව කරන්න විතරද.? (ර)