ඔක්තෝබර පස් වැනි දා සිට 30 වැනි දා දක්වා චීනයේ සංචාරයකට යෑම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂට අද (3) අවසර ලබා දුන්නේය.
චීනයේ ආරක්ෂක සම්මන්ත්‍රණයකට සහභාගී වීමට ලැබුණු ආරාධනාවකට එහි යාමට අපේක්ෂා කරන බැවින් ගුවන් ගමන් බලපත නිදහස් කරන ලෙස රාජපක්ෂ අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
විදෙස් ගමන් බලපත තාවකාලිකව මුදා හළ මහේස්ත්‍රාත්වරයා ගෝඨාභය රාජපක්ෂට රුපියල් පනස් ලක්ෂයක අමතර පෞද්ගලික ඇපයක් ද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස් විසිපහක් චීනයේ මොකද කරන්නේ.(හේ)
මේක සේවයෙන් ඉවත් කරන ලද නිලධාරීන් සඳහා වු ආරක්ෂක සම්මන්ත්‍රණයක්ද?(හේ)
මොන හේතුවකටද "හිටපු " ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂට චීන ආරාධනා එවන්නේ ? එයා දැන් "හිටපු " එක්කෙනෙක් පමණක් බව ශ්‍රී ලංකාවේ එයාගේ පවුලේ අය, ගෝලබාලයෝ විතරක් නොවෙයි චීනාටත් අමතක වෙලා වගෙයි (බ)
ඇයි අවසර දුන්නේ.(හේ)
පුදුම නීතියක් ලංකාවේ තියෙන්නේ.(හේ)
චීනය වාගේ බලවත් රටක් ගෝඨාභයට ඇරයුම් කළේ ආරක්ෂක සමුළුවකට, ඔවුන් හොඳින් දන්නවා ආරක්ෂක සේවාවන් ගැන ලංකාවේ සුපිරි ඔලුවක් තියෙන්නේ ඔහුට කියා (නි)
තිලක් ඩුබායි ඉන්නේ අරාබි රටක නිසා ඔටුවන් වගේ හිතන්නේ. චීනය කියන්නේ ආසියාවේ රටක්. ලෝකයේ බලගතු රටක්. ඔවුන් සමඟ එකට සිටීම ආසියාතිකයන් සැටියට අපි සතුටු වන්න ඕනෑ. චීනය අවතක්සේරු කරන්නේ වැටහීමක් නොමැතිකම නිසා (නි)
යුද්දේ තීරණාත්මක සාධකය කවුද කියල ඒ රටවල උදවිය දන්නවා. (ම)
ගරු කලයුත්තාට ගරු කරන්න. (හේ)
අපේ අය මෙතුමා ගැන නොදන්නා වුනාට, මුළු ලෝකයම ඔහු ගැන දන්නවා. (හේ)
මේකට යන්න ඕනේ බලයේ ඉන්න ලේකම් නේද ? පිටරට අය දන්නවා වගේ කව්ද සුදුස්ස කියල අපේ ගුණමකුවන්ට නොතේරුනාට (බ)
ලංකා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ පුත්‍රයෙක් ගෝඨභය .(හේ)
දැක්කා නේද වුන දේ?(හේ)
ඔබ තුමාගේ අගය ලොවෙන් මකා දමන්ට නොහැක. (හේ)
ගිහින් බලන්නකෝ.(හේ)
ඔබතුමාට ජය.(හේ)
අපේ රට චීනෙට යටත් වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී තමයි අපි ජනවාරි 8 වෙනිදා රටනිදහස් කර ගත්තේ. (බ)
චීනය කියන්නේ මොන වගේ රටක්ද කියලවත් සමහරක්ට අවබෝධයක් නැහැ .ලංකාව චීනයේ වහල් කදවුරක් වෙනවට අපි නම් කැමති නැහැ. (බ)
කලින් රජතුමාට වඩා දැන් කාලේ හරි වෙනස්....(හේ)
චීනය ආරක්ෂක සමුළුවට ගෝඨභය රාජපක්ෂට ආරාධනා කරලා. ඇයි යහපාලනය ගැන චීනයට විස්වාසයක් නැතිවා වගේ. (හේ)