හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ  ව්‍යවස්ථාවට පටහැනිව උප සභාපතිවරයකු  පත් කරමින් රුපියල් ලක්ෂ 32 ක් පාඩු  කළැයි  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති  නඩුවේ චෝදනා  පවත්වාගෙන යා නොහැකි  බව දක්වමින්  ප්‍රතිශෝධන අයදුම් පතක් අද (27) කොළඹ මහාධිකරණයේ ගොනු කැරිණි.

වගඋත්තරකරුවන්ට  නොවැම්බර 22 වැනි දා  අධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය  නොතීසි නිකුත් කළාය.