20160421Chathu-3මේ දිනවල විකාශය 'උතුම් පැතුම්' ටෙලි නාට්‍යයේ 'කල්පනී' ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය සහ  මෝස්තර නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වූ චතූපබා දැනට ටෙලි නාට්‍ය, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් මෙන්ම ගීත රූප රචනා රැසකටද සිය රංගන දායකත්වය ලබාදී තිබේ. ඉදිරියේදී සිනමාවටද එක්වීමේ සූදානමකින් සිටින ඇය සමග මෙවර 'සාරවිට' අපි කතාබහ කළේමු.

"මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ අතර තවමත් විකාශය වන සිරස නාළිකාවේ විකාශය වන 'උතුම් පැතුම්' ටෙලි නාට්‍යයේ වගේම දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වන 'අංකල් සෑම්' ටෙලි නාට්‍යවල මම රඟපානවා.

බොහෝ විට සමන් කුමාරගේ 'එරන් ලන්දු' හා අනුර ධනන්ජිත්ගේ 'දහස් පෙති' කියන ටෙලි නාට්‍ය ඉතා ඉක්මනින් විකාශය වෙන්න පුළුවන්.

මේ ටෙලි නිර්මාණවලට අමතරව ඉදිරියේදී නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙන චිත්‍රපට කිහිපයක් සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් තියෙන්නේ."

බුද්ධික සේනාධීර / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

20160421Chathu-1 20160421Chathu-2