මේ විදියට කියන්නෙ මෙවර රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් ගයනි ගිසන්තිකා රංගන ශිල්පිනියයි. ඇයට මෙලෙසින් සම්මානය හිමිවූයේ බුද්ධික දමයන්තගේ ”මරාදැමූ ජීවත් වන මිනිසා” හෙවත් ”චේ ගුවේරා” නාට්‍යයේ ජුලියාගේ චරිතය රඟපෑම වෙනුවෙනුයි. පසුගිය වසර හතක පමණ කාලයක් රටින් බැහැරව සිට නැවත පැමිණි පසු ගයනි රඟපෑමට එක්වූ පළමු නාට්‍යය මෙයයි. එදා නැවැත්වූ තැනින් යළි වේදිකාවේ සම්මානනීය ගමනක් ඇරඹි ගයනි සමග අපි කතාබහක යෙදෙමු.
.jpg)
ගයනි වේදිකා නාට්‍යයක රඟපෑමට එක්වුණේ සෑහෙන කාලයකට පසුව නේද?
ඔව්, අවුරුදු හතකට විතර පස්සෙ. 2007 අපි ඕස්ටේ‍්‍රලියාවට ගියේ. ගිය වසරේ අපේ‍්‍රල් වලදී තමයි නැවත ලංකාවට ආවේ. ඒ අවුරුද්දෙම මැයි වලදී මේ නාට්‍යයේ රඟපෑමට එක්වුණා.
ඕස්ටේ‍්‍රලියා යාමට පෙර අන්තිමට රඟපෑවේ?
හොරු සමග හෙළුවෙන් නාට්‍යයේ.
|
|
|
ඕස්ටේ‍්‍රලියාවේදී කිසිවකට සම්බන්ධ වුණේ නැද්ද?
නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ. ඒත් තුමිදු දොඩන්තැන්නගෙ ”අරුන්දතී” එහි වේදිකාගත කළා. එහිදී දර්ශන වාර දෙකකට සම්බන්ධ වුණා.
ඒ හැර ටෙලිනාට්‍ය වලට සම්බන්ධ වුණේම නැද්ද?
නැහැ, ඒ කාලයේදී ටෙලි නාට්‍යවල රඟපෑවේම නැහැ.
ඇයි ඕස්ටේ‍්‍රලියාවේ නතර නොවුණේ? බොහෝදෙනා එහි යන්නෙ පදිංචියටයි?
තරුගෙ අධ්‍යාපන කටයුතුවලට තමයි එහි ගියේ. ඉතින් අපි යනකොටම තීරණයක් අරගෙන ගියේ. තරුගෙ අධ්‍යාපන කටයුතු ඉවර කරලා අපි නැවත ආවා.
පුතාලා දෙන්නා උපන්නෙ ඒ රටේදී නේද?
ඔව්, ඒ දෙන්නා උපන්නෙ එහිදී. අපි දෙන්නා පදිංචියට එහි නොගියත් කවදාහරි පුතාලට එය ප‍්‍රයෝජනවත් වේවි.
දැන් තරුපති මොනවද කරන්නෙ?
කැලණි සරසවියේ සහකාර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරනවා.
මේ සම්මානය හිමිකරගත් නාට්‍යයේ ඔබ රඟපාන්නෙ ”චේ ගේ” මිතුරියක ලෙස නේද?
මේක ඇත්තම ඇත්ත කතාවට වඩා ටිකක් වෙනස් විදියට නාට්‍යයට ගැලපෙන විදියට බුද්ධික යොදාගෙන තිබෙනවා. ඇත්ත කතාවේ හැටියට අවසාන දින කීපයේදී චේ රඳවාගෙන තිබෙන්නෙ පාසලකදී. එතැනදී උදව්වට කාන්තාවක් හිටියලූ නමුත් ගුරුවරියක නෙවෙයි. මම මෙහි රඟපාන්නෙ ගුරුවරියකගෙ චරිතයක්.
මෙම සම්මානය ලැබීමට විශේෂ හේතුව හැටියට ඔබ දකින්නෙ?
මම හිතන්නෙ රඟපෑ විදිය සහ නාට්‍යයට අදාළව චරිත ගොඩනැගූ නිසා වෙන්න ඇති. මට ලැබුණු මේ චරිතයට රංගනයේ හැඩතල එක්ක එය හොඳට කරන්න ඇති.
ඇයි ඔබ වේදිකා නාට්‍යවලට විතරක් දායක වන්නෙ?
මෙහි ආ පසු අශෝක අතාවුදහෙට්ටිගෙ ”තුන්පත් රෑන” කෙටි චිත‍්‍රපටයේ රඟපෑවා. අමතරව සන්තුෂ ලියනගේ රූපවාහිනියට කළ කෙටි චිත‍්‍රපටයකත් රඟපෑවා. දැන් නැවතත් අරුන්දතී නාට්‍ය පෙන්වන්නත් සූදානම් වෙනවා.
මෙම චේ ගුවේරා නාට්‍යයේ ඔබගෙ චරිතය ගලායන විදිය මොනවගේද?
බොලීවියානු හමුදාව සහ චේ ප‍්‍රමුඛ විප්ලවවාදී කණ්ඩායම් අතර සටන් පැවැති කාලයේ විකාශය එක්ක නාට්‍ය ගලා යන්නෙ. මෙහි මගේ චරිතය ජූලියා කෝටේජ් කියලයි. එය සත්‍ය කතාවට අදාල වූ චරිතයක් නෙවෙයි.
ඔස්ටේ‍්‍රලියානු වේදිකාව මොන වගේද? ඔබ නාට්‍ය නැරඹුවාද?
වෝර් හෝසස් කියන ඇමරිකානු නාට්‍ය නැරඹුවා. ඇත්තටම ඒ වේදිකාව තාක්ෂණය අතින් ඉතා ඉහලයි. නළු නිළියන් වේදිකාවට එන්නෙ ක‍්‍රමානුකූල පුහුණුවක් එක්ක. අපි පුහුණුව ලබන්නෙ වේදිකාවට ඇවිල්ලයි. ස්වඋත්සාහයෙන් අපි ප‍්‍රැක්ටිකල් කරමින් පුහුණුව ලබන්නෙ. ඒක එක්තරා වාසියක්. ඒ අවස්ථාව අපට තිබුණට පහසුකම් අතින් අපි ඉතා අඩු තැනක සිටින්නෙ.
ඕස්ටේ‍්‍රලියාවේ සිටින නළු නිළියනුත් ඡන්දය කරනවද?
අපි හිටපු කාලයේදී නම් එහෙම දේවල් අහන්න ලැබුණෙ නැහැ. ඡන්දයක් ගැන අහන්න ලැබෙන්නෙත් මාධ්‍ය මගින් ඡන්දයට ඔන්න මෙන්න කියා තිබියදීයි. බාහිර ප‍්‍රචාර සංදර්ශන කිසිවක් සිදුවන්නෙ නැහැ.
|
තරුපති ළඟ පුතුන් සමඟ |
සැමියා ”තරුපති” ගැන අද ඔබට හැෙඟන්නෙ කොහොමද?
තරු ගැන මට ගොඩක් සතුටුයි. තරු එයාගෙ උසස් අධ්‍යාපනය ටිකෙන් ටික ඉදිරියට යමින් එයාගෙ සංගීත කටයුතුත් කරගෙන යනවා. ඒ ගැන ඇත්තටම සතුටුයි. මයෝන් මොවිදු සහ මිතුන් සහස් පුතාලා දෙන්නා එක්ක අපි ගෙවන ජීවිත සුන්දරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ "අග පිපි මල්හි" කල රඟපෑම අගය කරමි. (දී)
පෙනුමින් නම් චණ්ඩියෙක් වගෙයි. සුභ පතනවා සිය පවුලටම. (නි)
ඇය අගය කළ යුතු චරිතයක් (නි)
මට නම් එයා හරිම ලස්සනයි. චණ්ඩි පාටක් පේන්න නැහැ. (නි)
අපි සුබ පතනවා ඔයාට. (ස)
ඔබ ඉතාම දක්ෂ නිලියක් (දී)
මම පෙනුමින් චන්ඩියෙක් වගේ කිවේ ලොකු බබාට හොදේ.(දී)
ගයනි ගිසන්තිකා ලියන ආරච්චි සහ තරුපති මුණසිංහ ඔස්ටේලියාවට පදිංච්යට ගියා කියල එක්තරා රුපවාහිනී වැඩසටහනකදී ජැක්සන් ඇන්තනි මහතා ප්‍රකාශ කලා. තරු ....ඔබේ පියා ඔස්ටින් මුණසිංහ හෙළ සංගීත ය ඔපවත් කලා ...ඔබ ලංකාවේ ඒ ආර් රහමන් ඔබට හොද ගමනක් තියනවා යන්න ......ගිසන්තිකා ඔබගේ "බත් අම්මා;; ටෙලියේ අනර්ඝ රංගනය අගය කරමි .ඔබ දෙපලට සහ පුතුන් දෙදෙනාට සුබ අනාගතයක් පතමි (නදී)