පොදු රාජ්‍ය මණ්ඩලයේ සැසියේ පැවැත්වූ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, මාධ්‍ය කටයුතු සඳහා යොදාගත් තාවකාලික ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවන ඒකකය කැඳවා ඇත. ගින්න එතරම් පැතිර ගොස් නැත.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සැසියේ පැවැත්වූ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ, මාධ්‍ය කටයුතු සඳහා යොදාගත් තාවකාලික ගොඩනැගිල්ලේ ඇති වූ ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවන ඒකකය කැඳවා ඇත. ගින්න එතරම් පැතිර ගොස් නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද බීඑම්අයිසීඑච් එකේදි පිච්චිලා අළුවෙලා ගියේ ජාතියේ නවෝත්පාදනයන්..මගේ ප්‍රියතම අංශයක්..හැම ප්‍රදර්ශනයකටම පස්සෙ මම බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා...නව නිෂ්පාදන 800ක් අපේ ඇහැ ගැටෙන්න ඉස්සෙල්ලා ඒවා නිමානය කරන්න වෙහෙස දරපු අයගේ දුක්, කම් කටොළු එක්ක අළු වෙලා ගිය............. (අ)
ස්තුතියි රම්ස්‍යා දැනුවත් කිරීම ගැන. ඔබේ නිර්මාණයටත් අනෙක් නව නිර්මාණ වලටත් සුභ පතමි. ඒ විනාශ වී ගිය නිර්මාණ නැවත් වඩාත් හොඳින් නිපදවීමට ශක්තිය ධෛර්යය පතමි. (නි)
ඔව් කුමාර ඒ අය ගැන හරිම කනගාටුයි.(නදී)
වන්දී මුදල් ලැබේද? ඇයි ගිනි නිවන උපකරණ නොමැති උනේ ? පිට රටක නම් ආරක්ෂාව ගැන සොයා බලනවා. (නදී)
අපේ සිංහලයන්ගේ ඉදිකිරීම් ඉතින් ඔහොමම තමා,හදිසි ගිනිගැනී- මකදී එහෙම,එලියට දුවන්න හදිසි දොරටුවක් නැති ව ඇති (අ)
බටහිර කුමන්ත්‍රණයක් මේක වහාම කමිටුවක් පත්කරන්න (අ)
ප්‍රමුක මහත්තය සෑහෙන්න උත්සහයක් දරනවා රටේ වෙන සෑම සිදුවීමක්ම දේශපාලනය හා පටලවලා කීයකට හරි විකුණා ගන්න පුලුවන්ද බලන්න. කමක් නැහැ,කමක් නැහැ මංගල මහත්තයටත් කැදත් නැති වෙලා වැලේ වැල් නැතුව ඉන්න එකේ ..උත්සහයක් දරල බලන්න..(නදී)
හයිඩ්‍රජන් කියන්නේ පිපිරෙන වායුවක්. ඔහු මේ හරියේ ඔහුගේ එන්ජිම තියාගෙන හිටියාද කියා සොයා බලන්න. (නි)
රම්ස්‍යා එතන ගිනි නිවන තිබුණේ නැද්ද පොඩි ගින්නකින් ගත්තනං එවෙලාවෙම ගින්න පැතිරෙන එක නවත්තන්න තිබුන..අනික ඔය ප්‍රදර්ශනය පටන් ගන්න කලින් ප්‍රදර්ශනය ඉදිරිපත් කරන්නන්ට, ගින්නකදී හෝ වෙනත් අනතුරුදායක අවස්ථාවකදී කලයුතේ කුමක්ද කියල ගොඩනැගිල්ලේ කළමනාකරණයෙන් ඔබලාව දැනුවත් කරාද? (අ)
සොයුරු / සොයුරියනි , පසුබට නොවන්න දිරිමත් වන්න , පෙර නිර්මාණය තවත් හොඳින් දියුණුකර එළිදක්වන්න ...නොනැවතී ඉදිරියට යන්න.. ( ප.ලි ) නව නිර්මාණයක් එළිදක්වන්නෙ බලාපොරොත්තු ගොඩක් එක්ක..කාලාන්තරයක් කැපකිරීම් කරලා..දුක් ගැහැට විඳලා.... පාලක ඇත්තෝ මේ නව නිර්මාණ කරුවන්ට යම් මුදලක් ප්‍රධානය කරනවා නම් තමා හොඳ..... නැවත වරක් උනන්දුවෙන් ඒ අයට උත්සාහ කරන්න...(නදී)
මම නම් හිතුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාව ගිහි ගත්තා කියලා. පසු ගිය අවරුදු 4-5 ඇතුලත ගිනි අරන් තියෙන දේවල් හැටියට එහෙම වුනත් මම නම් පුදුම වෙන්නේ නැහැ.(නදී)
ජයා, මෙම ගින්න එක්වරම මෙසේ පැතිරුනේ වහලට දාල තිබුන පොලිතින් වැනි ආවරණය නිසා. එය ගිනිගත් වහාම මුළු වහලේම පැතිරුණා. ගිනිවන උපකරණ ක්‍රියාත්මක කරලා වැඩක් නෑ. (අ)
චින්තක මල්ලි, අයියෝ! ඒ වෙලාවේ මම හිටියේ නැහැනේ. ගින්නක් හටගත් අවස්ථාවේදී ගින්න නිවා මැඩ පවත්වන්නේ කෙසේද කියා අපේ අැත්තන්ව නිතර අපි දැනුවත් කර තිබෙනවා (නි)
මන් ඉන්න මේ රටේ නම් සෙනග ගොඩක් ගැවසෙන මේ වගේ තැන් වල ගිනි නිවන හමුදා රථ .ඇම්බියුලන්ස් රථ නිතරම සූදානම්ව තබනවා .අපේ අය කොහෙද ඕවා දන්නේ නේද? (නදී)
නියම වැඩේ තමයි වුණේ....... (නි)
මමත් මෙය බලන්න ගිහින් හිටියේ. මම නම් හිතන්නේ වැරදි ගිනි නිවීමේ උපකරණ භාවිතය තමයි හේතුව (නි)
අනතුරක් නොවීම ගැන සතුටුයි (නි)
සෙන්තිල්ලට අපි අනුකම්පා කරමු (නි)
බටහිර කුමන්ත්‍රණයක්.(නදී)
චොගම් එකේ නිසා පොලිස් පරීක්ෂණ මහත්තුරුන්ට මේ දවස්වල බරටම වැඩ ඇති (අ)
මේ ගින්නට හේතු උනේ නව නිර්මාණ ලිපක් කියල පැහැදිල්යි..මේ වගේ ගිනි ගන්න අවදානම් ද්‍රව්‍ය සමග කෙරෙන නිර්මාණ ගොඩ නැගිලි ඇතුලේ ප්‍රදර්ශනය නොකර එළිමහනේ ප්‍රදර්ශනය කරන එක තමයි වඩා ආරක්‍ෂිත ක්‍රමය..නව නිපැයුමක් කියන්නේ අත්හදා බලන මට්ටමේ නිර්මාණයක් මිසක් සර්ව සම්පුර්ණ එකක් නෙමෙය්..අවදානමක් තියෙනවා හැම විටකම..(අ)
පව් අප්පා. කොච්චර මහන්සි වෙලා කොච්චර වියදම් කරලද නව නිර්මාණ හදන්න ඇත්තේ? මෙයින් අධ්‍යර්ය වෙන්න හොඳ නෑ.(අ)
ඇත්තම කියනව නම්, සංවිධායක කණ්ඩායම අපිට ගොඩක් උදව් කළා. ඒගොල්ලෝ හරිම සුහදශීලිව උදව් කලා. ප්‍රදර්ශනය සංවිධානය කර තිබුනු ආකාරය ඉතා හොඳයි. ඒ සඳහා එයා ගොඩක් මහන්සිවෙලා කැපවීමෙන් වැඩ කලා. ඒත් ගින්නකදී කලයුතු දෙවල් ගැන නම් දැනුවත් කිරීමක් කෙරුනේ නැහැ. (ස)
නව නිපැයුම් කරුවන්ගේ නිපැයුම් දිරිගැන්වීමට බලධාරීන්ගේ අවධානයේ තරම,සැලකිල්ල,කෙබදුද යන්න මෙම ගිනි ගැනීමෙන් පැහැදිලි වෙනවා.ලෝකයේ වෙනත් රටවල මෙන් මෙම නව නිපැයුම් කරුවන් ආරක්ෂා කිරීමට සබැ උවමනාවක් තිබුනේ නම් මේවා මෙසේ සිදුවිය හැකිද?කැසිනෝ,මත කුඩු,එතනෝල්,ව්‍යාපාරිකයන්ට සුවිශේෂී තැනක් හිමිවී ඇති මෙවන් සමයක නව නිපැයුම් වල අගය වැටහෙන්නේ කාටද?(අ)
ජයා 2013-11-30 17:41:28........, ජයා, ඔබට ස්තුතියි. (ස)
මම හිතන්නේ ලක්ෂ ගණනක් සෙනඟ රැස්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වගේ උත්සව වලදී මීට පස්සේ හදිසි ගින්නකදී මුහුණ දෙන ආකාරය ගැන සියලු දෙනාම දැනුවත්කර, ගිනි නිවන හමුදාවත් සේවයට කැදවා තබාගත යුතුයි. (ස)
ගිනිගත් ශාලාවේ යම් පිරිස් හිටපු නිසා , ගින්නට හේතුව සොයා ගැනීම පහසුය, (අ)
හදිසි ගින්නක් වගෙයි මේක (නි)
මෙච්චර ගින්නක් වෙලත් ගින්න පටන් ගත්ත ස්ථානයේ හෝ අවට ස්ටෝල් වල අයගේ කටයුතු කිසිම ජන මාධ්‍යකින් මම දැක්කේ නැහැ.(නදී)
ජිවිත හානි නැති නිසා සතුටු වෙමු. නමුත් මේ පිච්චුනේ අපේ සල්ලි.චෝගම් ආශ්චර්ය... (නි)
කොහොම ඇති වුණා ද හනුමන්තා වත් ආවද (අ)
එක පාරටම කොහොමද ගිනි ගත්තේ (අ)
දෙයියෝ සාක්කි! (නි)
හොද වෙලාවට අය වැයෙන් පස්සේ ගිනි ගත්තේ...නැති නම් මේකත් අපේ කරට තමා (අ)
මම, ගිනිගත්ත ශාලාව ඇතුලේ ස්ටෝල් එකක් කරගෙන හිටියේ. මගේ ස්ටෝල් එකට ස්ටෝල් හයකට විතර එහායින් ස්ටෝල් එකක ප්‍රදර්ශනයකරන්න ගෙනාපු උපකරණයකින් තමයි ගින්න හටගහ්ත්තේ. මම පනබේරගෙන එලියට පැනගත්ත. හදිසි ගින්නකට මුහුණදෙන්න එතන හොද සුදානමක් එතන තිබුනේ නැහැ. (අ)
මට කියන්න අමතක උනා. එතන අද නව නිපැයුම් කරුවන්ගේ ප්‍රදර්ශනයක් තිබුන. මමත් ඒකට නව නිපැයුමක් ඉදිරිපත් කලා. (අ)
මුළු තාවකාලික ගොඩනැගිල්ලම ගින්නෙන් විනාස උනා. (අ)