පාසල් දිවා ආහාරය අද (21) සිට ලබා දෙන ලෙස දන්වමින් අධ්‍යාපන සේවා අමාත්‍යංශය 2014/01 අංකයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇතත් පසුගිය අවුරුද්දේ අවසන් තුන්මාසයට අදාළ ගෙවීම්වත් තවම සිදු කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි.
පසුගිය මාස කිහිපය වෙනුවෙන් ගෙවීම් සිදු කර නැති නිසා ආහාර සැපයුම්කරුවන් දිවා ආහාරය ලබා දීම ප්‍රතික්ෂේප කරන බව විදුහල්පතිවරයෙක් එසැණට පැවසීය.
දිවා ආහාරය ලබා දීම සඳහා ප්‍රමාණවත් මුදලක් ලබා නොදී චක්‍රලේඛ නිකුත් කිරීමෙක් පළක් නැතැයි ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිවා ආහාරය සඳහා මුදල් වෙන්කරන්නෙ කොහොමද ?.. අපිට තව කොච්චර වැදගත් දේවල් වෙනුවෙන් මුදල් වෙන්කරන්න තියෙනවද නේද ...... මම කිව්වෙ අර "නයිට් කාර් රේස් , විදේශිය නිළියන් ගෙන්වාගෙන දාන රගර් සෙල්ලම් , තව සෙල්ලමට උඩ අරීන "චින රොකට්‌ටු වෙනුවෙන් කොපමන මුදල් වෙන්කරන්න තියෙනවද ..... ? රටට , ජනතාවට සුබ අනාගතයක් . ජයවේවා ! (නදී)
කියන්න දෙයක් නැහැ රටේ දරුවන්ගෙන් 45% දැනටමත් මන්ද පෝෂනයෙන් පෙළෙනවා. රටේ 40% ගැබිණි මව්වරු රක්ත හීනතාවයෙන් පෙළෙනවා. දරුවන්ට අදින්න ඇදුමක් නැහැ. දාන්න සපත්තු දෙකක් නැහැ කියල ගම්බද පාසලක ගැහැණු දරුවෙක් ගෙල වැලලාගෙන මැරුනා. ඒවා කව්රුත් දන්නේ නැහැ. (නදී)
පාසල් ළමයින්ට දිවා ආහාරය සපයන්නේ සමෘධිලාභීන් වැනි දුප්පත් අය. කෑම වේලක් සදහා ගෙවන්නෙත් ඉතා සොචිචං මුදලක්.ඒත් තමුන්ගේ දරුවන් වගේ හිතාගෙන ඒ අය කෑම ටික උපරිමයෙන් දෙනවා. මාස ගණනකින් ඒ අයගේ ගෙවීමි කරලා නෑ කියන්නේ බොහොම අසරණ තත්වයකට ඔවුන්ව ඇද දැමීමක්.තමුන් ළග තියන කණ කර උගස් කරලා තමයි මේ කටිටිය ඉස්කෝල වලට කෑම දෙන්නේ.(දිල්)
ගම්බද පාසල් වල ළමුන් වැඩි පිරිසක් මන්ද පෝෂනයෙන් පෙළෙනවා. (නදී)
චි යැන් කායි ෂෙක් ගේ කාලයේ චීනයේ මිනිස්සු ගස්වල පොතු කෑවා. ඉතින් අපේ ළමයින්ට මොකද කඩදාසි චක්‍ර ලේඛන කෑවහම. මොකද මැති ඇමති ලගේ පුත්තු හැම් බේකන් කනවා යැයි කියලද. ඕනෑ නම් ටිකක් මහත තමයි. (නදී)