IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


‘‘චක්‍රලේඛයෙන් වෘත්තීය සමිති අයිතිවාසිකම්වලට බලපෑමක් නෑ‘‘

(යොහාන් භාසුර)

සෞඛ්‍ය සේවාවට අදාළ ගැටළු ජනමාධ්‍යයට ප්‍රකාශ කිරීම තහනම් කරමින් සෞඛ්‍යය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව සෞඛ්‍යය වෘත්තිය සමිති හෙට (3) දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ධනය තාවකාලිකව අත්හිටවූ බව සෞඛ්‍යය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

 වැඩ වර්ජනය පිළිබඳව සාකච්ඡා කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා අද දින කැඳවූ විශේෂ සාකච්ඡාවෙන් පසුව මෙම තීරණයට එළඹි බව ද කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

ආයතන සංග්‍රහයේ විධිවිධාන යටතේ සහ වෘත්තිය සමිති ආඥා පනත පනතට අදාලව වෘත්තිය සමිති නායකයන් සඳහා ඇති අනුග්‍රහයක් සෞඛ්‍ය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයෙහි සඟවා ඇති බව වෘත්තිය සමිති පාර්ශ්වයෙන් යොමු කළ බවත් ආයතන සංග්‍රහයට අනුකූලව සහ වෘත්තීය සමිති නායකයන් සහ වෘත්තීයවේදී ආයතනවල ආයතනවල ප්‍රධානීන්ට ඇති අයිතිය උල්ලංගනය නොවන ආකාරයට එම චක්‍රලේඛය නිකුත් කර ඇති මෙන්ම ඒ අයිතිය වෘත්තිය සමිතිවලට තවදුරටත් තිබෙන බවත් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ප්‍රකාශ කළ බවද රවි කුමුදේශ් මහතා කීය.

එසේම වෘත්තිය සමිති මර්දනය කිරීම සඳහා තමන් කිසිසේත්ම කටයුතු නොකරන බවත් සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් අදහස් දැක්වීමේ දී  සැලකිලිමත් වෙන ලෙස පමණක් සෞඛ්‍ය ලේකම්වරයා එහිදී ඉල්ලා සිටි බවද කී කුමුදේශ් මහතා මේ පිළිබඳව වෘත්තිය සමිති සහ සෞඛ්‍යය ලේකම්වරයා අතර ලිඛිත එකඟතාවයකට පැමිණීම හේතුවෙන් හෙට දවසේ ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවීමට  වෘත්තීය සමිති කමිටුව තීරණය කළ බවද සඳහන් කළේය.

සෞඛ්‍ය සේවාවේ යහපැවැත්ම වෙනුවෙන් සහ රෝගීන්ගේ අයිතිය සුරැකීමට අමතරව වෙනත් ඉලක්කයක් සෞඛ්‍ය වෘත්තිකයන් තුළ නොමැති බව වෘත්තිය සමිති එහිදී අවධාරණය කළ බව ද රවි කුමුදේශ් මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

‘‘චක්‍රලේඛයෙන් වෘත්තීය සමිති අයිතිවාසිකම්වලට බලපෑමක් නෑ‘‘

Willow Drive Wednesday, 02 August 2023 12:12 PM

ජයවේවා

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site