දෙහිවල ඉග්නීෂයම් පාරේ දී සැකකටයුතු කාරයක රෝදවලට වෙඩි තැබූ පසු පොලිස් වෑන් රියකද හප්පා යමින් තිබූ කාරයේ සිටි දෙදෙනාගෙන් අයකු පාරේ ගිය බසයකට නගිද්දී අල්ලා මෙල්ල කළ පොලිසිය ඔහු ළඟ තිබී රුපියල් ලක්ෂ 30ක හෙරොයින් කුඩුද රුපියල් ලක්ෂ හත හමාරක්ද ගිනි අවියක්ද රන්බඩු තොගයක් ද අත්අඩංගුවට ගත් බව කියයි.
ලැබුණු ඔත්තුවක් අනුව පොලිසිය පාරේ රැක සිට ඇත. පොලිස් අණ නොතකා ගිය කාරයට වෙඩි තැබූ විට පොලිස් රිය හප්පා ධාවනය කළ රිය හඹා යෑමට පොලිස් මෝටර් සයිකල්කරුවකු ගියේය. සැකකරු බසයකට නගිද්දී ඔහු අල්ලා ගත් බව පොලිසිය පවසයි.
මහ දහවල් මහපාරේ ත්‍රාසජනක චිත්‍රපටයක ජවනිකාවක් සේ බොහෝ දෙනෙක් නැරඹූහ.
කාරය හා රියදුරා පළාගොස් ඇතැයිද පොලිසිය කියයි. එහෙත් ඔහු පිළිබඳ සියලු තොරතුරු තමන් සතු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝද වලට හරියටම වෙඩි තියලා ඇති (නි)
යහපාලනයෙන් රට ගොඩක් සංවර්ධනය කරලනේ තියෙන්නේ. (නි)
යහපාලනය හොරුන්ට පාතාලයන්ට දිව ඔසුවක් වෙලා වගෙයි පෙනෙන්නේ (නි)
රොමේෂ් හරි. (ර)
පාතාලය ඇති කරන්නෙත් පෝෂණය කරන්නෙත් සමහර බලවත් යැයි කියන දේශපාලකයෝම තමා. (නි)
රටක සංවර්ධනයට රටක දියුණුවට අනාගත පරපුර බේරාගන්න නම් පාතාලයට සම්බන්ධ,පාතාලය මෙය වන මහා මොළකරුවන් සහ මුලින්ම නැති කරන්න ඕනේ (ම)
මෙච්චර ඔත්තුවක් ලැබිලාත් වටකරලා ඔක්කොම අයව අල්ලගන්න බැරිවුණානේ. මේවා චිකාගෝ නෙමෙයි අස්සයා ගෝන්. කොහොම නමුත් එකෙක්ව හරි අල්ලගන්න ලැබුණ එක ලොකු දෙයක්. (ම)
දැන් ලංකාවත් ගොඩක් දියුණුයි (ම)