පසුගිය ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වූ ශාන්ත දොඩම්ගොඩ වෙඩි තබා මරා දැමීයැයි සැකපිට ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී ඇතුළු සැකකරුවන් 6 දෙනා සැප්තැම්බර් 8 වන තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (25) නියෝග කළේය.
අගෝස්තු 17 වැනිදා මහ මැතිවරණයේදී චොකා මල්ලී සන්ධානයෙන් වැඩිම මනාප ලැබීය.
නඩු වාර්තා උපදෙස් පතා නීතිපතිට යැවූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.
බන්ධනාගාර බසයට රැගෙන යද්දී චොකා මල්ලී පැවසුයේ රටේ අනාගතය වෙනුවෙන් ඕනෑම සුබදායක දේශපාලන තීන්දුවක් ගැනීමට තමා සූදානම් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නමින්ම පේනවා නේද මොන ජාතියේ මනුස්සයෙක්ද කියල. වැඩිම මනාප ගත්තට කමක් නැහැ හිර ගෙදරට නියම වුනාම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඉබේම අහෝසි වෙයි. මිනීමරුවන්ට උත්තරීතර පාර්ලිමේන්තුව තහනම්. (නදී)
හොරුන්ට තාම සලකන ජාතියක් මොනවා කරන්නද (නදී)
අපරාදේ, 18 වෙනිදා අනිත් කට්ටිය දිනුවා නම් අර මැඩම් ඔයාව මෙලහකට ගෙදර අරන් ගිහින්.(නදී)
තව අවරුදු 20 ක් විතර යනකොට චොකා මල්ලි තමා අගමැති වෙන්නේ .හොඳ දේශපාලකයෙකු වෙන්න මැර කම් සුදුසුකමක් (බ)
සිග්නල් එකක්ද යහපාලන ආණ්ඩුවට හේත්තු වෙන්න??(ම)
චොකා මල්ලී නේද රත්නපුරේ සන්ධානේ වැඩිම මනාප ලාභියා.(ම)