මදුරුවන් ඇතුළු සතුන්ගෙන් බෝවන මැලේරියා, ඩෙංගු, බරවා වැනි නිවර්තන කලාපීය රෝග සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීමේ සමුළුවක් අද (10) මහනුවර ඕක්රේ රිජන්සි හෝටලයේදී ආරම්භ විය.
දින දෙකක් පුරා පැවැත්වෙන සමුළුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නිවර්තන රෝග පිළිබඳ කලාපීය මධ්‍යස්ථානය සංවිධානය කර ඇති අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇමරිකාව, වියට්නාමය, ස්පාඤ්ඤය ආදී රටවල වෛද්‍ය විශේෂඥවරු ඊට එක්ව සිටිති.
එම රටවල රෝග පිළිබඳ දැනුම්වත්වීම, ප්‍රතිකාර විධි පිළිබඳව දැනුම බෙදාහදා ගැනීම ඒ සම්බන්ධ වැඩිදුර අධ්‍යයනය මෙහිදී සිදුකිරීමට නියමිත බව පේරාදෙණිය විඕව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදුරුවන් ගැනත් සමළු නම් තිබෙනවා. එහෙත් මහා දවලෙත් මදුරුවෝ විදිනවා. මම පොඩි කාලේ මහනුවර හිටියේ. අපි මදුරුවෝ දකින්නේ කොළඹ ගියාම. මදුරු කරදරේට කිසිම නගර සභාවකින් වැඩ කරලා නැහැ. (නි)
සමුළු තිබ්බට කමක් නැහැ. කාර් පර්මිට් ඉල්ලලා වර්ජන කරන හැටි එහෙම කියලා දෙනවා නෙමෙයි ඔන්න, ඒ පිටරටින් ආ වෛද්‍යවරුන්ට. (නි)
පිට රටින් අාව කට්ටියට හස්තර මුද්‍රා භාෂාව හෝ ලංකාවේ වෙදුන්ට අන්තර් ජාතික භාෂාවක්. ඉගැන්නුවොත් නරකද?මෙයාලා බේත්වල නම් පොත් බලාගෙන ලිවුවට කතා කරන්න ගියාම බෑ. කවුරු හරි ඉංග්‍රීසියෙන් කතා කළාම අතුරුදහන් වෙන්න තීරුබදු රහිත පෙර්මිට් එකක් ලබා දෙන්න (බ)