(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පැවැත්වෙන අතරතුරේදී සභාවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට පමණ අද (20) පස්වරුවේ නතරවිය.
වැදගත් විවාදයක් පැවැත්වෙන අවස්ථාවක අගමැතිවරයා, සභා නායකවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සභාවේ නැතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී චෝදනා කළහ.
සභාවේ ඝනපූර්ණය නැතැයි දැනුම් දෙනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා විසිනි.
මේ අවස්ථාවේදී මුලසුනේ සිටි වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයාගේ දැනුම් දීම අනුව මන්ත්‍රීවරුන් කැඳවීමේ සීනුව ඊයේ පස්වරු 2.50 ට පමණ නාද කෙරිණ. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණ ඝනපූර්ණය සම්පූර්ණවීමෙන් පසුව සභාවේ කටයුතු යළි ආරම්භ විය.
මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය.
අපි කවුරුත් එකඟතාවයකට ඇවිල්ල තමයි සභාව පවත්වා ගෙන යන්නේ. මන්ත්‍රීවරුන් පනස් දෙනකු පමණ කමිටුවල හිටියා. අගමැතිතුමාත් හිටියෙ ඒ රැස්වීමක. මේවා ඔක්කොම පාර්ලිමේන්තුවේ කටයුතු. මෙහෙම කළොත් ඒ කමිටු පවත්වාගෙන යන්න බැරිවේවි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා:
මේ වගේ වැදගත් වෙලාවක විපක්ෂය මේ විදිහට හැසිරීම කණගාටුදායකයි.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඝනපූර්ණය නැතිව මැතිසබේ කටයුතු නවතී
KULE Thursday, 20 July 2023 06:36 PM
පවු අසරණයින් ,අපේ බදු මුදල්වලින් පරම්පාරාවම ජීවත් වෙන්නේ අස්වැසුම පෝලිමට යන්න ඇති