(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අභිරහස් ලෙස ඝාතනයට ලක්වූ පැලවත්ත කෝටිපති ව්‍යාපාරිකයාගේ මෝටර් රථය මීගමුව ගරාජයක සඟවා තිබී සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එය රැගෙන ආ බව පවසන යුවළක් මේ වන විටත් විදේශ ගතව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මෙම ඝාතනය ඉකුත් 30 රාත්‍රියේ දී සිදු වන්නට ඇති බව සැක කරන බවත් 31 වෙනි දින එම සැකකාර යුවළ විදේශගතව ඇති බව උසස් පොලිස් නිලධාරියා පැවසීය.
ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇතැයි එම නිලධාරියා කීය.
ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දවසින් පොලීසියට ඔච්ච්ර තොරතුරු සොයාගන්න පුලුවන්නම් ඇයි දිනේශ් ශාෆ්ටර් මරපු එකා හෝ එකී සොයාගන්න මෙච්චර මාස ගානක් ගිහිල්ලත් බැරි? සෑම සාර්ථක මිනිසකු පිටිපස මෙන්ම අසාර්ථක මිනිසකු පිටිපසද ගැහැනියක් ඇත. පිරිමි නහින්නේම රාගය, ආසාවල් වලට අන්දවෙලා. බොහොම පිරිමි ඒ පැත්තෙන් හරි දුර්වලයි, ඇත්ත පේන්නෑ මවාගත්ත ලෝකවල තනිවෙලා වල් ගෑනුන්ට හොදට නටවන්න පුලුවනි. නොබැදපු උන්ට වඩා බැදපු උන්.