
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ඝාතන සිද්ධීන් රැසකට යොදාගත් සොරා ගත් යතුරුපැදි සහ තීරෝද රථ තොගයක් සේදවත්ත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ සුඛෝභෝගී නිවසක් තුළ සහ තවත් නිවසක් තුළ සඟවා තිබීයදි සොයා ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි .
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සේදවත්තේ කසුන් නමැත්තාගේ සුඛෝභෝගී නිවසේ සහ ඔහුගේ සමීපතමයෙකුගේ නිවසේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 40 කට ආසන්න වටිනා තීරෝද 3 ක් සහ යතුරුපැදී 3 ක් සමඟ පාතාල කල්ලි සාමාජිකයාද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
ඩුබායි රාජ්‍යයට පලා ගොස් එරට සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙන්ම සංවිධානාත්මක අපරාධවල නියැලෙන සේදවත්තේ කසුන් නැමැත්තා ගේ සමීපතමයෙකුගේ සේදවත්ත නිවසේ ඉකුත් කාලයේදී නවගමුව, මෝදර, රාගම සහ කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතන සඳහා යොදාගත් යතුරු පැදි සඟවා තිබෙන බවට ලද තොරතුරකට අනුව කණ්ඩායමක් සිදු කළවැටලීමකදී මෙම යතුරුපැදි සහ ත්‍රී රෝද රථ සොයා ගත් බව පොලිසිය කියයි.
එම දෙමහල් නිවස වටලා සිදුකළ සෝදිසි මෙහෙයුමේදී යතුරුපැදි දෙකක් නිවස තුළ තිබී ඇති අතර එහි සිටි පුද්ගලයාගෙන් ඊට අදාළ අනන්‍යතාව සනාථ කරන ලිපි ලේඛන ඉල්ලීමේදී ඒවා තමන්ගේ නොවන බවත් විදේශගතව සිටින කසුන් නමැත්තාගේ උපදෙස් මත නිවස තුළ තබා තිබූ බවත්ය
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඝාතන රැසකට යොදාගත් යතුරු පැදි -ත්‍රිරෝද රථ සේදවත්තෙන් සොයාගනී