IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ගොවිතැනටත් රොබෝ තාක්ෂණය එයි

(අංජුල මහික වීරරත්න)

NSBM හරිත සරසවිය සමඟ ඒකාබද්ධව පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC), ශ්‍රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) සහ අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් සංවිධානය කරනු ලැබූ  “Colombo Robotics Meetup 2025” වැඩසටහන NSBM හරිත සරසවි පරිශ්‍රයේදී  පැවැත්විණි. 

කෘෂිකාර්මික අංශයට රොබෝ තාක්ෂණය, කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඊට අදාළ නවීන තාක්ෂණය හඳුන්වාදීම මෙන්ම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඒ සඳහා පෙළගැස්වීම අරමුණු කර ගනිමින් පැවති මෙම වැඩසටහන සඳහා ව්‍යවසායකයින්, සිසුන් සහ නව නිපැයුම්කරුවන් 200කට අධික පිරිසක් එක්ව සිටියහ.

ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් (Imperial College London) හි Morph Lab අධ්‍යක්ෂ මහාචාර්ය ත්‍රිශාන්ත නානායක්කාර, NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා සහ NSBM හරිත විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක යන මහත්වරු ඇතුළු අධ්‍යයන, කර්මාන්ත සහ රාජ්‍ය අංශයට සම්බන්ධ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

NIRDC අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මුදිත ඩී. සෙනරත් යාපා මහතා මෙහිදී NIRDC සම්බන්ධව හැඳින්වීමක් සිදු කළ අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය කාර්යක්ෂම කිරීම උදෙසා නව තාක්ෂණයේ වැදගත්කමද අවධාරණය කළේය. එමෙන්ම ඒ ආශ්‍රිත පර්යේෂණ වැඩිදියුණු කිරීම මගින් නිෂ්පාදන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැගීමේ රජයේ දැක්ම වේගවත් කළ හැකි ආකාරය ද ඔහු පෙන්වා දුන්නේය. 

නවීන කෘෂි තාක්ෂණය පිළිබඳ ඉදිරිපත් කිරිම් කිහිපයක්ද මෙහිදී සිදුවීම විශේෂත්වයකි.



අදහස් (0)

ගොවිතැනටත් රොබෝ තාක්ෂණය එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site