(විමුක්ති එස් රුද්‍රිගු)
හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බෑමට ගිය තුර්කි ඇක්ට් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ලිස්සා ගොස් මුහුදට වැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනකු මියගොස් තවත් සිවු දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි එරට බලධාරීහු = ප්‍රකාශ කළහ.
ඩුබායිහි අල් මක්ටුම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගමන් කර ඇති බෝයිං 747 වර්ගයට අයත් මෙම ගුවන් යානය හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ උතුරු ධාවන පථයට ගොඩබා ඇති බවත් එහිදී ගුවන් යානය පාලනයෙන් තොරවී ලිස්ස ගොස් මුහුදට වැටි ඇති බවත් ගුවන් තොටුපොළ බලධාරීහු පැවැසූහ.
එහිදී නවතා තිබූ වාහනයක ගුවන් යානය ගැටී ඇති බවත් එම වාහනයේ සිටි පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇති බවත් ඔවූහු ප්‍රකාශ කළහ. අනතුර සිදුවන අවස්ථාවේ ගුවන් යානයේ සිවු දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට ඇති බවත් කාර්ය මණ්ඩල සාමාජිකයන් සිවුදෙනා වහාම මුදාගෙන රෝහල් ගත කළ බවත් ගුවන් තොටුපොළ බලධාරීහු සඳහන් කළහ.
ගුවන් තොටුපොළ සේවකයින් දෙදෙනකු මුහුදට වැටි ඇති බවත් අනතුරින් ගුවන් යානය දෙකට කැඩී දැඩිව අලාභානි සිදුව ඇති බවත් ඔවූහු ප්‍රකාශ කළහ.
කෙසේ වෙතත් අනතුරට පත්වන අවස්ථාවේ ගුවන් යානයේ භාණ්ඩ තිබී නොමැති බවද පැවැසෙයි. හොංකොං ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෝකයේ කාර්යබහුලම ගුවන් තොටුපොළවල්වලින් එකකි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුවන් යානයක් ලිස්සා ගොස් මුහුදට වැටේ