
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවට අයත් සාගර සහ ගුවන් අවකාශය තුළ යම් අනපේක්ෂිත අන්දමින් ගුවන් යානයක් අතුරුදන්වීමකට හෝ අනතුරකට මුහුණ දුන් අවස්ථාවක ඒ වෙනුවෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම පිළිබද ශ්‍රී ලංකාවේ පළමු වරට තෙදින ඒකාබද්ධ වැඩමුළුවක් අද (03) උදෑසන කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරී ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ
මෙම වැඩමුළුව සහ පුහුණු අභ්‍යාසය ගගන නාවික සෙවීම් සහ මුදවා ගැනීම් සම්බධීකරණ මධ්‍යස්ථානය සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීම් සම්බධීකරණ මධ්‍යස්ථානය සමග ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් සංවිධාන කෙරිණ
මීට ශ්‍රී ලංකා පොලීසිය, ගුවන් හමුදාව, නාවික හමුදාව, යූධ හමුදාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හ ධීවර අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ෆිට්ස් එයාර් ගුවන් සේවය, සිනමන් එයාර් ගුවන් සේවය සේවය ඇතුළු රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතන සහ සංවිධාන 21 ක නියෝජිතවරු 75ක පිරිසක් සහභාගී වූහ
පළමු වරට ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන මෙම අභ්‍යාසය ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා ආයතනයේ නිර්දේශ වලට අනුව සිදුවන්නකි.
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගුවන් අනතුරැ වළක්වන පෙරහුරැවක්