
(රෝහණ චන්ද්‍රදාස)
රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රියේ ඉංජිමෙහි හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් නිසා එහි ධාවනය අද (25) උදෑසන පැය දෙකකට වැඩි කාලයක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
රජරට රැජන දුම්රිය අද උදෑසන 5.10 ට අනුරාධපුර සිට බෙලිඅත්ත බලා සුපුරුදු ලෙස ධාවනය ආරම්භ කර නවනගරය දුම්රිය නැවතුම ආසන්නයේ දී එක්වරම ගිනිගැනීමක් ඇතිවිණැයි එහි රියැදුරු ප්‍රධාන නියාමක වෙත දැනුම් දී තිබේ.
පසුව අනුරාධපුර දුම්රිය පාලක මැදිරිය දැනුම්වත් කිරීමෙන් පසු අනුරාධපුර නාගරික ගිනිනිවීම් ඒකකය කැඳවීය.
ගිනිගැනීම පාලනය කිරීමෙන් පසු රජරට රැජින ආපසු දුම්රිය ස්ථානයට රැගෙන ගෙන ගිය බව පාලක මැදිරියේ නිලධාරියෙක් පැවැසීය.
ඉන්පසු වෙනත් දුම්රිය ඉංජිමක් යොදා පෙරවරු 7.24 ට පමණ බෙලිඅත්ත බලා යළි ධාවනය කෙරිණි.
දුම්රිය ඉංජිමට පමණක් ගින්නෙන් හානි වී ඇති බව දුම්රිය නිලධාරීහු පවසති.
2025 ඔක්තෝබර් මස 08
1424
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ගිනි ගත් රැජින යළි ගමන් අරඹයි
Lal Saturday, 25 October 2025 10:38 AM
ජෙප්පොම ගිනිතිබ්බද දන්නේ නෑ.. පුරුදු වැඩනේ...
de silva Saturday, 25 October 2025 02:31 PM
මේවා වසර 60 පමණ පැරණි දුම්රිය එන්ජින්, ලෝකෙම මම හිතන විදිහට මේ අවස්ථාව වෙනවිට මෙවැනි එන්ජින් 30 පමණ තමා ධාවන තත්වයේ පවතින්නේ, මේවාට අමතර කොටස් පවා නිෂ්පාදනය කරන්නේ නැහැ... ලියවන පට්ටල් වලින් ලියවලා දමපු ඩුප්ලිකේට් අමතර කොටස් තමා යොදලා තිබෙන්නේ... එම නිසා මේවා ඕනෙම අවස්ථාවක ගිනි ගන්න, කාර්මික ආපදාවලට ලක්වෙන්න පුළුවන්... අනුරාධපුරය, බෙලිඅත්ත වැනි දීර්ඝ ගමන් වලට මේවා සුදුසු නැහැ... අපේ හිටපු පාලකයෝ 2008 වසරේ සිට ශ්‍රී ලන්කන් එකේ පාඩු පියවන්න ඩොලර් මිලියන 550 කට වැඩි මුදලක් වියදම් කලත් දුම්රිය සේවය නවීකරණයට ඩොලර් මිලියන 100 වත් වියදම් කලේ නැහැ. අලුත් පාලකයෝත් යන්නේ එම මාර්ගයේම බව පෙනෙනවා.