(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බන්ධනාගාර ගතව සිටින පාතාල කල්ලි සාමාජිකයකු විසින් ලබා දුන් බව කියන පිස්තෝලයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

එම සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබේම අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 20660 ක් පොලිස් භාරයට ගෙන ඇත.

වර්ගයක් හෝ අංකයක් සඳහන් කර නොමැති එම ගිනි අවියේ පතුරොම් ගැබද නොමැති බව පොලිසිය කියයි

දූෂණ වැටලීම් රාජකාරී යෙදෙමින් සිටි කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක මධුසංකම ඇතුළු නිලධාරීන් කණ්ඩායමේ සිටි පොලිස් කොස්තාපල් 93269 අභිවික්කම නිලධාරියාට ලද රහසිගත තොරතුරකට අනුව වැල්ලම්පිටිය ඩෝබි වත්ත ප්‍රදේශයේ නිවසක් පරික්ෂා කිරීමේදී එම නිවසේ සිටි පුද්ගලයකුද පරික්ෂා කළ බව ‍පොලිසියකියයි

සැකකරුගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී එම ගිනි අවිය සැකකරුට ලබා දුන් බව බවට කියන එක වැල්ලම්පිටිය ඩෝබි වත්ත උමගිලිය වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය දීමෙන් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂා කිරීමේදී එම පුද්ගලයා සන්තකයේද අයිස් මත්ද්‍රව්‍යය මිලිගෑම් 13850 තිබී නිලධාරින් සොයාගෙන ඇත