
(සිරංගිකා ලොකුකරවිට)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැති හොඳම භාවිතයන් සඳහා වූ පර්යේෂණ පත්‍රිකා එළිදැක්වීමේ වැඩමුළුවේදී "තිරසාර ජීවනෝපායක් සඳහා තිරසාර ව්‍යවසායකත්වය" යන මැයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපත් කළ පර්යේෂණ පත්‍රිකාව, හොඳම පර්යේෂණ පත්‍රිකා 03 අතරට තෝරා ගෙන ඇත.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා, ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සමන් ජයසේකර මහතා සහ සහකාර දිස්ත්‍රික් ලේකම් නිශාන් චාමර ජයරත්න මහතා විසින් මෙම පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කරන ලදි.
දැනට ගාලු දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන දිස්ත්‍රික් ව්‍යවසායක සභාව සහ ප්‍රාදේශීය ව්‍යවසායක සංගම් මගින් හඳුනාගන්නා ලද දිස්ත්‍රික්කයේ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටලු හා ඒ සඳහා විසඳුම් සෙවීමේ තිරසර ප්‍රවේශයක් ලෙස මෙම පර්යේෂණ පත්‍රිකාව ඇගැයීමට ලක්විය.
ගාල්ල දිස්ත්‍රික්කයේ විසිරී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසයකයන් වෙනුවෙන් ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීම මගින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් ප්‍රමුඛතාවයන්ට ලක් කීරීම මෙහි මූලික අරමුණයි.
ඒ අනුව දිස්ත්‍රික්කයේ නිර්මාණය කළ ව්‍යවසායකත්ව සභාව සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටස මට්ටමේ ව්‍යවසායක්ත්ව සංගම් ස්ථාපන කිරීමත් සිදු කෙරේ. එහිදී ඔවුන්ට අවශ්‍ය වෙළෙඳපොල නිර්මාණය කිරීමත්,අධීක්ෂණය කිරීමත් සිදු වේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සහ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
586
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගාල්ලත් හොඳම ත්‍රිත්වය අතරට