( ජේ.කේ.එල්. චාමින්ද , ඩී ජී සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහල ගමගේ සුනිල් මහතා මන්ත්‍රී ඡන්ද 19ක් ලබාගෙන අද (20) පැවති මංගල සභා රැස්විමේ දි තේරිපත්විය.
උපනගරාධිපතිවරය වශයෙන් ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ප්‍රියන්ත සහබන්දු මහතා නිතරතරගයෙන් තේරී පත්විය.
ගාල්ල මහනගර සභාවේ මංගල රැස්විම දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මැන්දිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරු 9.00ට ගාල්ල මහනගර සභාවේ සභා රැස්විම් ශාලාවේ දි පැවැත්විණි.
මෙහිදී ගාල්ල මහ නගර සභාවේ නගරාධිපති ධුරයට සමග ජන බලවේගය විසින් නාගරික මන්ත්‍රි මොහමඩ් මවුසුන් මොහමඩ් රෝෂාන් මහතාගෙ නම යෝජනා කරනු ලැබීය.
ජාතික ජන බලවේගය විසින් නකරාධිපති ධූර අපේක්ෂකයා ලෙස නාගරික මන්ත්‍රී ඇල්විටිගල ඉහළ ගමගේ.සුනිල් මහතාගේ නම යෝජනා කරනු ලැබීය.
නගරාධිපතිවරයා තෝරා ගනු ලබන්නේ රහස් ඡන්දයකින්ද විවෘත ඡන්දයකින්ද යන ඡන්ද ක්‍රමය තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී රහස් ඡන්දයක් පැවැත්වීම සඳහා සසහිකයින් 19 දෙනකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.
විවෘත ඡන්දයක් පැවැත්වීම සඳහා සභිකයින් 17 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.
මෙයට විරෝධය පළ කරමින් සමගි ජනබලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ සහ පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු 16 දෙනා සභාගැබෙන් පිටව ගියහ. මෙහිදී සභා ගර්භය තුළ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද ඇති විය. එහෙත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභිකයින් තිදෙනා සභා ගර්භය තුළ රැඳී සිටියහ. දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරිය විසින් සභා රැස්වීම විනාඩි 30කට කල් තබනු ලැබීය.
නැවත සභා රැස්වීම ආරම්භවීමෙන් පසු නගරාධිපතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනු ලැබීය. එම ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගයේ ඇල්විටිගල ඉහල ගමගේ සුනිල් මහතා ඡන්ද 19ක් ලබාගෙන නගරාධිපති ධුරයට පත්විය. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප විය.
මෙම ගාලගෝට්ටි හේතුවෙන් ගර්භය තුළට විශේෂ පොලිස් බල ඇණියක් කැඳවිමට ද සිදුවිය.
(ඡායාරූප : ඩී.ජී.සුගතපාල)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගාලගෝට්ටි මැද ගලඋඩ සටනේ ජය මාලිමාවට
ඇන්ඩ්රු-තැම්බුත්තේvillage Friday, 20 June 2025 03:24 PM
දැන් පොහොට්ටුවේ ඉන්නේ හොරු නෙමෙයිද? මාලිමාවේ රෙදි නෑ. ඩෝබිලා වහාම සේවයට වාර්තා කරන්න.