IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගැළපෙන්නෙ නෑ කියලා හිතෙන චරිත අත්හරිනවා

 

20160511Shelan-4

ටෙලිනාට්‍ය, වෙළෙඳ දැන්වීම් හා ගීත රූප රචනා කිහිපයකින්ම ඔබ හමුවට ආ ෂෙලන් මුණසිංහ, මෙවර "සාරවිට' තරු කතාබහට අපි සම්බන්ධ කරගත්තෙමු. දැනට වෘත්තීය මට්ටමේ මෝස්තර නිරූපිකාවක ලෙස කටයුතු කරන ඇය ඉදිරියේදී රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වී දක්ෂ නිළියක වීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. මේ දිගහැරෙන්නේ ඇය අප සමගින් කළ කතාබහයි.

නිරූපණ ක්‍ෂේත්‍ර‘යේ පිවිසීම?

නිරූපණ ක්ෂේත්‍රයට එන්න කලින් මම රංගනයට යොමු වුණා. ඒ පාසල් යන කාලේදීමයි. "ගිරිකුල" ටෙලිනාට්‍යයේ සුළු චරිතයක මම රඟපෑවා. ඊට පස්සේ රඟපාන්න ලොකු ආසාවක් වගේම කැමැත්තක් මට ඇති වුණා. නමුත්, ඒ කාලෙදී මම පාසල් අධ්‍යාපනය ලබන නිසා මගේ අම්මා කැමති වුණේ නැහැ මම ඒ පැත්තට යොමු වෙනවට. ඒ බලපෑම් එක්ක රංගනය පැත්තට තිබුණ ආසාව මම අත්හැරියා.

 

20160511Shelan-2ඊට පස්සේ?

පාසල් අධ්‍යාපනය නිමාවත් එක්ක. නැවතත් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න ලොකු උවමනාවක් මට ඇති වුණා. ඔය අතරේ "ෆේස්බුක්" සමාජ ජාලය හරහා නිරූපණ ක්ෂේත්‍ර‘යේ කිහිප දෙනෙක් හඳුනගන්න ලැබුණා. ඒ හඳුනාගැනීම් මත නිරූපිකාවක විදිහට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණා. දැනට නිරූපිකාවක් විදිහට වැඩ කරන්න අරගෙන කෙටි කාලයක් වෙනවා. මම මේ ක්ෂේත්‍රයේ කටයුතු කරනවට අම්මාගේ වුණත් බලපෑමක් ඇතිවුණේ නැහැ.

 

පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?

ගායිකාවක් වෙන්න. ගායිකාවක් වෙලා ලංකාවේ ලොකු තැනකට එන්න. ඒ වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් වෙන්නත් මගේ ලොකු ආසාවක් තිබුණා. ඒත්, "ගිරිකුළ" ටෙලි නාට්‍යයේ රඟපෑවාට පස්සෙ මගේ හිත තිබුණෙ රංගනය පැත්තට යොමුවෙන්න. මගේ තාත්තා දැන් ජීවතුන් අතර නැහැ. තාත්තාගේ ලොකුම බලාපොරොත්තුව වෙලා තිබුණෙත් මම කලාව පැත්තෙන් ඉදිරියට යනවට.

 

ආසවුණ දේවල් අත්හැරලා අද ඔබ නිරූපිකාවක් විදිහට කටයුතු කරනවා?

මට රංගනය පැත්තෙන් අවස්ථාවක් ලැබෙයි කියන විශ්වාසය මත තමයි නිරූපිකාවක් විදිහට දැන් වැඩ කරන්නේ. මම මගේ අවශ්‍යතාව එනකම් බලාගෙන ඉන්නවා. මම ඉක්මන් ගමනක් යන්න උත්සාහ කරන කෙනෙක් නෙමෙයි. ඉවසීම තියෙනවා නම් අධිෂ්ඨානය, කැපවීම එක්ක අපේක්ෂා කළ ඉලක්කය වෙත යන්න පුළුවන් කියලා මම දන්නවා.

 

"ගිරිකුළ" නාට්‍යයෙන් පස්සේ ඔබේ රඟපෑම් ඉවර වුණාද?

නැහැ. "ගිරිකුළ" නාට්‍යයෙන් පස්සේ හිරු නාළිකාව විකාශය වුණ "සෙවණැලි", "මීදුමෙන් එහා", "වස්සානේ ප්‍රේමයයි" හා දෙරණ නාළිකාවේ විකාශය වුණ පෝය වැඩසටහන්වලට දායක වෙලා තියෙනවා. ඊට අමතරව, රහල් අල්විස්, ලතා වල්පොල, සමිතා මුදුන්කොටුව ගායනා කරන ගීත කිහිපයක රූප රචනාවලට පෙනී ඉඳලා තියෙනවා. ඒ වගේම දැනට රූපවාහිනි නාළිකාවල විකාශය වන වෙළෙඳ දැන්වීම් කිහිපයකටත් මම රංගනයෙන් දායක වෙලා තියෙනවා.

මේ සම්මුඛ සාකච්ඡාවෙන් පස්සේ ඔබ චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබුණොත්?

මම කරන්න කැමති මට ගැළපෙන දේ විතරයි. මම දක්ෂ නම් මට හැකියාව තියෙනවා නම් මේ ආරාධනාව කරන කෙනාට පෙන්වලා ඒ අවස්ථාව ලබාගන්න මම කැමතියි. නමුත්, මට කෙරෙන ආරාධනාව ගැළපෙන්නෙ නෑ කියලා හිතෙනවා නම් මම ඒ මොහොතේම මේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. මොකද, මීට කලිනුත් මට ගැළපෙන්නේ නෑ කියලා හිතුණ ආරාධනා මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

 

ඔබේ ගමනට අත්වැල සැපයූ අය?

මගේ ආදරණීය අම්මා. ඇයව මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන. කුමාරි අක්කා, චන්දන වීරසිංහ අයියා, කුමාර අයියා, ටොලම් සර්, චමු ශ්‍රී, විශ්ව අයියා, මලිත් අයියා, හශාන් පන්නිලගේ අයියවත්, අශාන් ගමගේ වගේම නම් කියූ නොකියූ මගේ සියලුම මිතුරු, මිතුරියන් වගේම මාව හැම වෙලාවේම දිරිමත් කරන ලින්ඩා අහිංසා අක්කවත් මේ අවස්ථාවේදී මතක් කරනවා.  

බුද්ධික සේනාධීර / ඡායාරූප - ශෙලන්ගේ ෆේස්බුක් ගිණුමෙන්

20160511Shelan-8 20160511Shelan-7 20160511Shelan-5 20160511Shelan-1



අදහස් (0)

ගැළපෙන්නෙ නෑ කියලා හිතෙන චරිත අත්හරිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site