හොරණ පොකුණුවිට කුළුපනේ ස්වයං රැකියා කරන්නෙක් 2005දී විදුලිය ගත්තේය. 2012 වන තුරු ඔහුට බිලක් නොලැබිණි.
2012 දෙසැම්බරයේදී රුපියල් 38,000ක, ඉන් පසු රුපියල් 40437 ක ද බිලක් ලැබිණි.
2005 සිට බිල් නොඑවීම ගැන විදුලිබල මණ්ඩලයට ලියුම් කිහිපයක් යැවූ බවත්, ඊට පිළිතුරු නොලැබුණු බවත් ඔහු කියයි.
දින දෙකකට පෙර ඔහුගේ විදුලිය සිඳලීය.
ස්ථිර ආදායමක් නැති තමාට ඒ මුදල එකවර ගෙවිය නොහැකි බව ඩී ඒ ජේ එම් ගුණරත්න මහතා කියයි.
අපොස පන්තියේ ඉගෙන ගන්නා පුතාට ද දැන් රාත්‍රී කාලයට පාඩම් කිරීම ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු කියයි.
හිඟ මුදල් වාරික හයකින් ගෙවන ලෙස ඔහුට නියෝග කර ඇත.
ඒ අනුව ඔහු රුපියල් 6470ක් සමග මාසේ බිල ගෙවිය යුතුය.
මෙතරම් මුදලක් ගෙවා ගැනීමට නොහැකි බව ඔහු කියයි.
මේ ගැන කතා කිරීමට මණ්ඩලය හමුවීමට ගිය විට එක්කෝ බිල ගෙවන්න, නැත්නම් ලාම්පුතෙල් භාගයක් අරං ගෙදර යන්න යනුවෙන් නිලධරයකු කී බව ද ගුණරත්න මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ නිලධරයන් සම්බන්ධ කර ගැනීමට දුරකතන අංක දහයකින් සමග වරුවක් තිස්සේ ගත් උත්සාහය අසාර්ථක විය.
විදුලිබල මණ්ඩලය අද ඔවුනට දැන්වූයේ රුපියල් තුන් දහසක් හා මාසික බිල ගෙවන ලෙසයි. ඒ අනුව ඔහු අද රුපියල් තුන් දහසක් ගෙව්වේය.
හොරණ විදුලි ඉන්ජිනේරු සී කන්දෙගෙදර මහතා පැවසුවේ තමන් අතින් වරදක් සිදුවී ඇති බවයි. අදම විදුලිය සන්ධි කරන බව ද ඔහු කීවේය.
(ඡායාරූප සිරි මහ බෙල්ලන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ තව එකක්. අවරුදු හතක් කියන්නේ මාස අනූවක් විතර. මාසෙකට දාහ උනොත් රුපියල් අනූ දාහක් බිල වෙනවා. ඉක්මනට ඕක ගෙවන්න. මමනම් පොලියත් එක්ක ලක්ෂයක් විතර ඉල්ලනවා. ගහෙන් ගෙඩි එනවා නෙමේ, හොරෙන් ඉඳල අහු වෙලා.(නදී)
ඔය හොද වැඩී. (ස)
බිල එවපු නැති එක විදුලි පල මන්ඩලේ සම්පුර්න වැරැද්ද. කොහේවත් යන මනුකියවන්නෙකුට කියන්න බැහැ අපේ බිල ලියලා දෙන්න කියලා. එයාලට විදුලි බල මන්ඩලෙන් දෙනවා වැඩකරන්න ඕඩරයක්. ඒන වෙනස් කරන්න කාටවත් බැහැ.(නදී)
සුබ දවසක් ඔබ සියලුම දෙනාට. බිෂාන් ඔයත් ආස්චර්යයට කඩේ යනවද?. මේ මිනිහ වැරදියි තමයි. බිෂාන් ඔය කඩේ යාම ගැන දුකයි.මෝඩ වෙන්න එපා .සංවර්දනයක් නොමැත.(නදී)
හැමෝම සිංහනාද බලු කෙදිරිලි අර මනුස්සුය දැනුම් දුන්න කියන එක දැක්ක නැද්ද. තමන්ට එහම උනාම අඩනවා. වටේ දුවනවා හැමෝම එක නිසා බොරු අදහස් දාන්න එපා.(ස)
කොච්චර ලාබද? මට මාසෙට 3800 ක බිලක් එනවා. එයාට අවුරුදු 7ටම 40000යි (නි)
බිලක් ආවෙ නැති කාලේ මෙයා මොනවද කරේ. සාදාරන මිනිහෙක් කියල ඔප්පු කරන්න?(ස)
ආස්චර්ය ? (ස)
මේවා හෙණ ගහන අපරාධ...අහිංසක දුප්පත් මිනිහටමයි පහරදෙන්නේ.. (නි)
ලාම්පු තෙල් බාගයක් අරන් ගෙදර යන්න කිවුව නිලදාරි මහත්තයෝ, මොකෝ ඔහෙලගෙන් වරදක් වෙලා නැද්ද මෙතන?වුණ වරදට සමාව කණගාටු වෙන්න තරම්වත් මානසික මට්ටමක් නැති ඔහෙලා කාගේ සපත්තු ලෙවකාලාද රස්සා ගත්තේ? (නි)
විදුලි බල මණ්ඩලේ පාඩුව බිලියන 77. දැන් හදන්නේ පරණ බිල් වලින් හරි පාඩුව මකාගන්නද මන්දා. ලංකාවේ රාජ්‍ය ආයතන වලින් තෙවෙනි තැනට වැඩිම වැටුප් තියෙන්නේ විදුලිබලේ. මෙතරම් පාඩු තිබිලත් ලක්ෂ ගණන් බෝනස් දුන්නනේ? (නි)
නිකන් විදුලිය දෙනවා ද ? කවදා හෝ බිල එන බව දන්නවා නේ. විදුලිය ගත් දා සිට රු.1000 ගානේ වෙන් කර තිබ්බා නම් අද 90,000ක් විතර තියෙනවා. කිසි ගානක් නැතුව ගෙවලා දාන්න තිබුනා. (නි)
අවුරුදු 8 තිස්සේ පිනට පාවිච්චි කරනකොට, ඔය ගැන හිතුනේ නැද්ද? බලල මල්ලෙන් එලියට පැනල වගේ . (ස)
පවු ඒ අසරන මිනිස්සු
දෙයියෝ සාක්කි
මෙය විදුලි බල මණ්ඩලයේ වරදක් නේද? (නි)
අකිල ඔයා කඩේ යන්නේ කාටද..? (ත)
ප්‍රදීප් කුමාර හැමදේම ආස්චර්ය ගිණුමට බැර කිරීම සාදාරණද ? හැමදේටම මේ රටේ වැරදිකරු එක පුද්ගලයෙක්ද ? ලංකීක ජනතාවගේ සිතුවිලි හරි බොළදයි.(ස)
මටත් ඔය වගේම වැඩක් වුණා. අපේ ගෙදර කරන්‍ට් මීටරය තියෙන තැන වෙනස් කරන්‍න වුණා, අලුතින් ගෙදරට කාමරයක් හදන්‍න වෙලා. විදුලිබල මන්‍ඩලයට ලිඛිතව දන්‍වන්‍න කියලා මනු කියවන මනුස්‍සයත් කීවා. ඒ විදිහටම අපි කළා. ලිඛිතව මෙම වෙනස් කිරීම අප ලගම තියෙන විදුලිබල මන්‍ඩලයේ උප පොලට බාර දුන්‍නෙ 2010 දෙසැම්‍බර් වල , කියන්‍නත් සතුටුයි මේ වැඩේ 2013 අප්‍රේල් මාසයේ සිද්‍ධ වුණා. මෑතකදි ගෙදරට ලියුමක් එවලා තියෙනවා, කාමරයක් ඇතුලෙ විදුලි මීටරය තියෙන්‍නෙ දොරක් දාලා වහලත් තියෙන්‍නෙ ,දොරලග බල්‍ලෙකුත් බැදලා ඉන්‍නවා නීතිමය කටයුතු කරන්‍න සිද්‍දවෙනවා කියලා. මම දකින හොදම දේ තමයි රාජ්‍ය අයතනයක් වේවා ඕනෑම ආයතනයකට අපේ වැඩකට බාරදෙන ලියවිල්‍ලකට අත‍්සනක් හෝ කොපි එකක් ලගතබාගන්‍න එක හොදයි. රාජ්‍ය අයතන වලින් 75% විතර ඔයතරම්‍ම කාර්යක්‍ශමයි. (නි)
2005 සිට බිල් නොඑවීම ගැන ලියුම් මගින් දැන්වුවා නම් හා මොහු වරදක් නොකළ බව තහවුරු වන්නේ නම්, වහාම සිඳලු විදුලිය ලබාදී ගෙවිය යුතු මුදල වාරික 60 කින් ගෙවීමට නියම කර එයින් වාරික 12 ක් ලාම්පු තෙල් භාගයක් අරන් ගෙදර යන්න කියූ නිලධාරීයාට ගෙවීමට නියෝග කල යුතුයි (නි)
විවිද මානසිකත්වයන් තියෙන පරිබෝගිකයෝ ඉන්නවා ඒ උනාට විදුලි බල මණ්ඩලේ රජ කාරිය හරියට කරනම් ඔය ප්‍රශ්න නෑනේ. (ස)
බිල හදන්නත් ඕනෑ ගෙදර මිනිස්සුමද? ලියිට් බිල දෙන්න විදුලිබල මණ්ඩලේට අමතක වුනාට මේ මනුස්සයා පලිද? වගකීම පැහැර හැරලා මදිවට මහා ලොකු චන්ඩිකම් දාන්නත් එන්න මහජන මුදලින් නඩත්තුවෙන රජයේ සේවකයන්ට කවුද හයියක් දීලා තියෙන්නේ? (නි)
තාමත් ඩොට් මෙට්රික්ස් බිල්! (නි)
2005 සිට විදුලි බිලක් නොලැබීම ගැන විමසා ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යැවූ බවට ඔප්පු කරන්න වෙයි. නැත්නම් සොරි තමා. (නි)
මයාගේ මෝඩ කමට වෙන බෙහෙතක් නැහැ. සද්ද නොකර පිනට හිටියට දැන් වත් හරියට බිල ගෙවන්න නැත්නම් අමතක කරන්න. ශාප කරලා වැඩක් නැහැ. (ස)
සම්පූර්ණ වරද විදුලිබල මණ්ඩලයේ.රාජකාරිය හරියට ලංකාවේ රාජ්‍ය ආයතන බොහොමයක කවදද වුණේ? (නි)
මාස්පතා මනුව කියවීමට එන තැනැත්තා අසළ නිවෙස්වලට එනවා දැක්කහමවත් කිසිවක් නොකළාට ඔලුවට ටොක්කක් අනින්න ඕනේ.(ස)
ඇයි සමහරු ඔය විදිහට මින්සුන්ව පහත හෙලන්නේ? කොච්චර මිනිස්සු හොරට විදුලිය ගන්නවද ? කපටියෙක් හෝ වංචා කරයෙක් නම් ඔය අවුරුදු ගානටම පොඩි බිලකින් වැඩේ කරගන්න තිබුනනේ. අවංක මිනිසුන්ට ගරහන්න එපා (නි)
ගුණරත්න මහත්තයා ලියුම් යැවුවේ ලියාපදිංචි තැපෑලෙන්ද ? පිටපත් තියෙනවද? අල්ලස් හා දුෂන එකට පැමිණිල්ලක් දාන්න, රජයේ නිලදාරියෙක් / නිලදාරීන් රාජකාරීය කළේ නැහැ කියලා (නි)
මේකේ අසරණයි වගේ පේන මිනිහා අමුවංචා කාරයෙක්. බිලක් අවේ නැත්නම් ලියුම් ලියල හරියනවද ? හොර කමට සද්ද නැතුව ඉඳලා දැන් අසරණ පාර්ට් එක රඟපානවා.(ස)
තමාට විදුලි බිලක් ලැබුනේ නැත්නම් අවට නිවෙස් වලින් සොයා බලන්න තිබුනා. නමුත් කෙනෙකුට බිලක් නිකුත් නොකිරීම හා ඔහු අපහසුතාවයට පත් කිරීම මණ්ඩලයේ වැරැද්දක්. සාමාන්‍ය මනුස්සයෙක් මසකට රු6000ක් බිල ගෙවලා ජීවත් වෙන්නේ කොහොමද? ආශ්චර්යට චන්දෙ දීපු සියල්ලන්ටම දැන් දෙලොව රත්වී ඇත (නි)
මාසයකට රුපියල් 475/= වෙලා තියන්නේ. මෙොට බිල් අවේ නැත්නම් තැපැල් කාර්යාලයේ ගිණුමක් ඕපන් කරලා මාසෙට 500/= ගානේ දාන්නනේ තිබුනේ. ලැබෙන මුදල අරපිරිමැස්මෙන් පරිහරණය නොකරන එකේ විපාක තමා (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. ජාත්‍යන්තර ක්‍රීඩාංගන වල ලයිට් බිල් ගෙවන්නේ කවුද? (නි)
මේ විදුලි පාරිභෝගිකයා අවුරුදු 8ක් නිහඩව විදුලිය පාවිච්චි කිරීම ලොකු වරදක්. දඩුවම් විදින්න ඕනේ.තමන්ට අවංක උනානම් මෙහෙම වෙන්නෙ නෑ.(ස)
අපොස පන්තියේ ඉගෙන ගන්නා පුතාට ද දැන් රාත්‍රී කාලයට පාඩම් කිරීම ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු කියයි.දැන් තියෙන්නේ දවල්ට ඉගෙන ගෙන රෑට ඉස්කෝලේ යන්න (නි)
සංජීව, ඔබ නියම වචන වලින්ම කියන්නේ සහතික ඇත්ත. මේ කාලේ විදුලි බිල කිව්වාම කවුරුත් අනුකම්පා කරන නිසා දැන් රස්සාවක් නැතිකමයි, පුතාගේ විභාගේ ගැනයි කියනවා. දඩත් එක්ක හිග මුදල් අය කළයුතුයි. (නි)
මේ මනුස්සයට රු 700ටත් අඩු බිලක්නේ මාසයකට ඇවිත් තියෙන්නෙ. (නි)
භූමිතෙල් බාගයක් අරගෙන ගෙදර යන්න කිව්ව එකාව පොඩ්ඩක් මට මුන ගස්සන්නකො (නි)
ඔයින් ගිය ඇති මාමේ... අලුත් ගාස්තු ක්‍රමේට ආවනම් මොකෝ කොරන්නේ?(ස)
මෙතැනදී දෙපාර්ශවයම වැරදියි. අවුරුදු 08ක් පාරිබෝගිකයෙකුට බිලක් නිකුත් කරන්නේ නැහැ කියන එක විදුලි බල මණ්ඩලය පැත්තෙන් බරපතල වරදක්. මෙහෙම තව කීයක් වෙනවා ඇද්ද? පාඩුව කොපමණ වෙයිද. මෙම පුද්ගලයත් වසර 08ක් ම සද්ද නැතුව හිටපු එකත් වැරදියි. නමුත් ඔහු විදුලිබල මණ්ඩලයට යවපු ලිපි වල පිටපත් තිබේ නම් නීතියේ පිහිටක් ලබා ගන්න පුළුවන් කමක් ඇති. (නි)
සුසිල් මිලානෝ, සිංහල ඉගෙන ගන්න ඉස්සෙල්ලා ඒ මනුස්සයා ලිපි කිහිපයකින් දැනුම් දුන්නා කියලා තියෙන්නේ (නි)
බිල් පත් ආවේ නැති කාලේ හිතුවේ නැද්ද, කවද හරි විදුලි බිල ගෙවන්න වෙනවා කියලා.හැම එකටම විදුලි බල මණ්ඩයට දොස් කියන්නේ ඇයි? බොහෝ අය විදුලිය හොරෙන් පාවිච්චි කරනවා. බිල් පත් නොගෙවපු කාලයේ ඉතුරු කරපු සල්ලි වලින් දැන් බිල ගෙවන්න (නි)
එයාගේ මුණ දැක්කම පේනවා අහිංසකයෙක් කියලා. විදුලි මීටරය දිහා බලන්නේ ඒකේ වරදක් වෙලා වගේ. (නි)
අල්ලපු ගෙදර යාලුවට එහෙම විදුලි රැහැනක් ඇද්දද ?හොදට මතක් කරලා බලන්න.පව් අනේ (නි)
බිෂාන්, බොළඳ අපිට කියල දෙන්නකෝ මොකද්ද කරන්නේ කියලා? (නි)
මේ ලිපිය සත්‍ය නම් මේ වරද කර ඇත්තේ විදුලි බල මණ්ඩලයෙනි. පාරිභෝගිකයාට ඇති අයිතීන් අනුව වරක් හෝ ඒ බව ඔවුන්ට දන්වා ඇත්නම් ඔහු නිවැරදිය. ඔහුට දැන් දී ඇති බිල ඔහුට හැකි ආකාරයෙන් අය කරගත යුතුව ඇත. (නි)
විදුලිබල මණ්ඩලේ පිළිගත්තා නම් එයාලගෙන් වරදක් වුනා කියල එයාල සහනයක් දෙන්න ඕන. (ස)
විදුලිබල මණ්ඩලේ ඉන්නේ කිසිම අවබෝධයක් නැති අයද? බිල නොවිමසා වාසි බලපු මෙයත් කපටියෙක් වගේ.මේක ආශ්චර්ය කියලා රජයට බනින්නෙත් මෝඩයෝ... (නි)
මේ මිනිස්සුන්ගේ අතේ නොවෙයි වරද තියෙන්නේ (දී)
බිල අපු නැති එකේ වැරැද්ද ඒ මිනිහගේ නෙමේ. එකේ වැරැද්ද විදුලිබල මණ්ඩලේ. විදුලිය දුන්නම බිල ගෙදරට එවන්න වෙනම කියන්න ඕනද?(ස)