
(විමුක්ති එස් රුද්‍රිගු)
තම මවගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඩුබායි හි ගෘහ සේවයට පැමිණියත් තමාගේ එකම සිහිනය ජාත්‍යන්තර තරඟයකදී රිටි පැමිණේ ඉසව්වෙන් පදක්කමක් දිනූ ශ්‍රී ලාංකික දියණියක් වීම බව රිටි පැනීමේ ශූරියක් වන සචිනි පෙරේරා මහත්මිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 'ද නැෂනල්' පුවත්පතට පැවැසුවාය.
රිටි පැනීමේ ඉසව්වෙන් ජාතික වාර්තා පිහිටවූ 24 හැවිරිදි සචිනි පෙරේරා මහත්මිය සිය පවුල රැකබලාගැනීම සඳහා ඩුබායි හි ගෘහ සේවයට පැමිණ ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ දිගු කාලීන රැකවරණයක් අවශ්‍ය සචිනි පෙරේරා මහත්මියගේ මව රැකබලා ගැනීම සඳහා මුදල් සොයාගත නොහැකි වීම හේතුවෙන් ඇයගේ සිහින අමතක කර දමා සචිනි පෙරේරා මහත්මිය ඩුබායි හි ගෘහ සේවයට පැමිණ ඇතැයි 'ද නැෂනල්' පුවත්පත පෙන්වා දී තිබේ.
තමන් රැකියාවෙන් ගෘහ සේවිකාවක් වුවත් සිතින් තවමත් ජිම්නාස්ටික් සහ මලල ක්‍රීඩිකාවක් බව සචිනි පෙරේරා මහත්මිය පවසා ඇත.
සචිනි පෙරේරා මහත්මිය ඇයගේ සිහින අමතක කර දමා ගෘහ සේවිකාවක් ලෙස රැකියාව කලත් තවමත් රන් පදක්කමක් ලබා ගැනීමේ සිහිනය අමතක කරා දමා නැතැයි එම පුවත්පත පෙන්වා දී තිබේ.
දවල් කාලයේදී කුඩා දරුවන් රැක බලා ගත්තත් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ලබා දී තිබෙන ව්‍යායාම කාල සටහන පිළිපැදීමට අමතක නොකරන බවත් ඒ සඳහා සේවය කරන නිවසින්ද විශාල සහායක් ලැබෙන බව පෙරේරා මහත්මිය පවසා ඇත.පියවරෙන් පියවර තමන් නැවතත් පියාසර කිරීමට සූදානම් බවත් කෙදිනක හෝ තම සිහිනය ඉටු කර ගන්නා බවත් සචිනි පෙරේරා මහත්මිය ප්‍රකාශ කර තිබේ.
ඩුබායි හි කොන්සොල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර පවසා ඇත්තේ සචිනි පෙරේරා මහත්මිය සඳහා එමිරේට්ස් හි ක්‍රීඩා අංශයේ රැකියාවක් සොයා දීමට උත්සාහ කරන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිකට් ක්‍රීඩාවට කරන නාස්තිය අඩුකරලා මේ අයට උදව් කරන්න බැරිද?
ක්‍රීඩක දියණියක් වෙත, ඔබ කරන රැකියාව කුමක් වුවත්, ඔබගේ පරමාර්ථයට අපි ගරු කරන්නෙමු. දිනක ලක්බිමට එන්න... ඔබේ අත්දැකීම් පුංචි දරුවන්ට ගම්මානවල කියා දෙන්න...14.02.1977 දින මමත් මගේ නිල ඇඳුම රජයට බාරදී ලක්බිමෙන් සමුගතිමි. මුදල් ඉතිරි කරන්න. ක්‍රීඩා පොත් කියවන්න. ඔබගේ අනාගතය සාර්තකයි. මේ ලියන මම මගේ ක්‍රීඩාවෙන් දිනා ළමුන් ගණනාවකට උදව් කළෙමි. දැනටත් කරමි...."කාටවත් අතපාන්නේ නැතිව ගත් තීරණය නිවැරැදිය. ඔබට හොඳ අනාගතයක් ස්ථිරයි. (වැරදි ඇතොත් සමාවන්න)
ලංකාවේ පාලකයින්ට හා නිලධාරීන්ට හෙන ගහනවා.
දැන් රජය කළ යුත්තේ විකාර කතාකිරීම නවතා, මෙම තරුණිය ලංකාවට ගෙන්වා, ඇයගේ පිටරට කොන්ත්‍රාත් ගිවිසුමේ කාලය අවසාන වනතෙක් එම වැටුපෙන් 80% ගෙවා ලංකාවේ පූර්ණකාලීන පුහුණුවීමට යොමුකළ යුතුය. ඉන්පසු ජාත්‍යන්තර තලයේ අනෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් යම්කිසි දීමනාවක් ලබාදීම අත්‍යාවශ්‍ය කාරණාවක් වෙනවා.
ඇනාගතයෙදි සචිනි මහත්මියට එම ක්‍රීඩා ඉසව්වෙන් එක්සත් අරාබි රාජ්ය්‍ය නියෝජනය කරන්න්ට අවස්තාවක් ලැබෙන්ටත් පුලුවන්.