IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගැස්ට‍්‍රයිටිස් මාරාන්තිකද?

වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය - තිලක් ජයලත්

ගැස්ට‍්‍රයිටිස් සුලභ රෝග තත්ත්වයකි. මෙම රෝග තත්ත්වය ලෝක ජනග්‍රහනයෙන් අඩකට වඩා ඇතැයි විශ්වාස කෙරේ. වයස්ගතවීම සමඟ මෙම රෝගය සෑදීමේ ප‍්‍රවණතාව වැඩිවේ. ගැස්ට‍්‍රයිටීස් රෝග තත්ත්වය බඩේ ඇසිඩ්, බඩේගෑස් සහ ආමවාතය යන විවිධාකාර නම්වලින් අප රටේදී හඳුන්වනු ලබයි.

අප මුඛයෙන් ලබා ගන්නා ආහාර දිරවීම සඳහා ආමාශය මගින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස‍්‍රාවය කරනු ලබයි. මෙම හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආමාශ බිත්තියට ඇති කළ හැකි අහිතකර බලපෑම් අඩු කිරීම සඳහා ආමාශ බිත්තිය ඇතුළතින් ශ්ලේෂ්මල පටලය නමැති ආවරණ පටලයක් ඇත. ඇතැම් තත්ත්ව නිසා   ශ්ලේෂ්මල පටලයට හානි විය හැකි අතර එසේ වූ විට ශ්ලේෂ්මල පටලයෙන් සිදුවන ආරක්ෂිත කි‍්‍රයාව අඩුවී හයිඩ්‍රොක්ලෝරික්  ආමාශ බිත්තියේ සිදුකරන ලබන ආසාදන තත්ත්වයට ගැස්ට‍්‍රයිටිස් කියනු ලැබේ.

ආමාශයේ ඇති හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආමාශයෙන් පිට නොවීම සඳහා ආමාශයෙන් පිටවන හා ඇතුළු වන නාල කපාටයකින් වැසී පවතී. මෙම කපාටවලට හානි සිදුවීමෙන්ද හයිඩ්‍රොක්ලෝරික් අම්ලය පිටතට පැමිණීමෙන් ගැස්ට‍්‍රයිටිස් රෝගය සෑදිය හැක.

images-(4)12

ගැස්ට‍්‍රයිටිස් රෝගය ඇතිවීමට හේතු:

x අධික මත් පැන් භාවිතය

x දුම්පානය කිරීම

x මානසික ආතතිය

x ආහාර ගත් විගස නින්ද යාම

x නිසි ලෙස කලට වේලාවට ආහාර නොගැනීම නිසා

x ඇතැම් කායික රෝග තත්ත්ව

x ශරීරයේ බර වැඩිවීම

x ප‍්‍රතිශක්තිකරණ දුර්වලතා

x වයස්ගත වීම

x හෙලිකොබැක්ටර් ෆයිලෝරි නමැති බැක්ටීරියාව

x පිත ආශි‍්‍රත රෝග තත්ත්ව

x ආහාර මාර්ගයේ ඇතිවන පිළිකා

 

ගැස්ට‍්‍රයිටිස් රෝගය නිසා ඇතිවන රෝග ලක්‍ෂණ

x බඩ සහ පපුව දැවිල්ල

x බඩ පිපීම

x ඔක්කාරය

x වමනය යාම

x උගුරට ඇඹුල් රසක් දැනීම

x කටට නිතර නිතර කෙළ ඉනීම

x කෑම ගිලීමේ අපහසුතාව

x කෑම අරුචිය

x දැඩි ලෙස කුසගින්න දැනීම

x නිතර නිතර ඉක්කා යාම

x මුඛයෙන් දුගඳක් හැමීම

x ආහාර ගන්නා විට වැසිකිළි යාමට සිදුවීම

x සුව නොවන කැස්සක් ඇතිවීම

ගැස්ට‍්‍රැයිටිස් රෝගය හඳුනාගත හැකි පරීක්‍ෂණ හෙලිකොබැක්ටර් ෆයිලෝරි පරීක්‍ෂණ

ගැස්ට‍්‍රයිටිස් රෝගය සෑදීමට එක් හේතුවක් වනුයේ හෙලිකොබැක්ටර් ෆයිලෝරි නමැති බැක්ටීරියාව අධික ලෙස ආමාශය තුළ වර්ධනය වීමයි. මෙම බැක්ටීරියාව හඳුනාගැනීමේ වැදගත්කම වනුයේ ඇතැම් ඖෂධ වර්ග මගින් මෙම බැක්ටීරියාව පාලනය කිරීමෙන් රෝග ලක්‍ෂණ අඩු කිරීමට ඇති හැකියාවයි.

හෙලිකොබැක්ටර් ෆයිලොරි බැක්ටීරියාව හඳුනාගැනීමට කරනු ලබන පරීක්‍ෂණ වනුයේ

ආස්වාස ප‍්‍රාස්වාස පරීක්‍ෂණය

මළපහ පරීක්‍ෂණය

රුධිර පරීක්‍ෂණය

එන්ඩොස්කොපි පරීක්‍ෂණය ආමාශයේ සහ ගලනාලයේ ඇතිවී තිබෙන ආසාදන තත්ත්වය නිසි ලෙස සොයා ගැනීමට නම් එන්ඩොස්කොපි නමැති සිහින් බටයක් රෝගියාගේ මුඛයෙන් උගුර දිග් පහළට ආමාශය දක්වා කරනු ලබන පරීක්‍ෂණය ඉතා වැදගත් වේ. මෙම බටයේ කුඩා කැමරාවක් හා ලයිට් එකක් සවර ඇති අතර එමගින් ගල නාලයේ සහ ආමාශයේ ඇති තුවාල සහ රතු වූ ලප කැළැල් ආදිය හඳුනාගත හැකිවේ.

images-(3)58

බයොප්සි පරීක්‍ෂණය

එන්ඩොස්කොපි පරීක්‍ෂණය තුළින් ගලනාළයේ සහ ආමාශයේ ඇති සැක කටයුතු තැන්වලින් ලබා ගන්නා පටලයේ කුඩා කොටසක් පටක විශ්ලේෂණ පරීක්‍ෂණයක් හෙවත් බයොප්සි පරීක්‍ෂණයකට යොමු කෙරේ.

බේරියම් ගිලූම පරීක්‍ෂණය

මෙහිදී සිදුකරනු ලබන්නේ රෝගියා බේරියම් නමැති රසායනික ද්‍රව්‍යය පානය කිරීමෙන් පසු පරීක්‍ෂණයක් ලබා ගැනීමයි. එමගින් ගලනාලය, ආමාශය ආශි‍්‍රතව ඇති තුවාල සහ පිළිකා පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිවේ.

ගැස්ට‍්‍රයිටිස් රෝගයට ඇති ප‍්‍රතිකාර වර්ග

මෙම රෝගයට ප‍්‍රතිකාර කිරීමේ  රෝගියාගේ ජීවන රටාවේ සහ ආහාර පිළිබඳ නිසි පිළිවෙත් වඩාත් වැදගත් වේ. ඒ පිළිබඳ වැඩි විස්තර රෝගය පාලනය කිරීම යටතේ දක්වා ඇත.

මේ සඳහා සුලභව භාවිත කරනුයේ ඇලූමිනියම් සෝඩියම් සහ මැග්නීසියම් සහිත  ඖෂධයි. ඊට අමතරව ආමාශයේ ආම්ලික ගතිය අඩුකිරීම සඳහා සිමෙටිඩින්, රැනිටිඩින් සහ ෆමොටිඩින් වැනි ඖෂධද ගැස්ට‍්‍රයිටිස් රෝගය සඳහා භාවිත කරයි.

ගැස්ට‍්‍රයිටිස් වළක්වා ගත හැක්කේ කෙසේද?

x ආහාර ගැනීමේ නිසි පිළිවෙත්

දිනකට විශාල ප‍්‍රමාණයෙන් ආහාර වේල් තුනක් වෙනුවට කුඩා ප‍්‍රමාණයෙන් ආහාරවේල් පහක් ගැනීම වඩා උචිතය. ආහාර සැම විටම හොඳින් විකා කෑමට ගැනීම ගැස්ට‍්‍රයිටිස් රෝගය පාලනය වඩාත් යෝග්‍ය වේ. අඩුම තරමින් නින්දට යාමට පෙර පැයකට දෙකකට කලින් වත් රාත‍්‍රිය ආහාර ගත යුතුය. සියලූ පෝෂ්‍ය පදාර්ථ වලින් සමබලවූ ආහාර වේලක් ගැනීමද අවශ්‍ය කරුණකි.

x හැකි සැමවිටම ගැස්ට‍්‍රයිටිස් රෝගය උත්සන්න කළ හැකි පහත ආහාර වලින් වැළකිය යුතුය.

අධික මිරිස් තුනපහ යෙදු ආහාර

අධික අම්ල ආහාර (අච්චාරු, තක්කාලි, අන්නාසි)

තෙල් අධික ආහාර

ක්ෂණික ආහාර

පාන්පිටි හා ආශි‍්‍රත ආහාර

ටින් කළ ආහාර

ඉස්සෝ, දැල්ලෝ සහ කකුළුවෝ වැනි ආහාර

තේ, කෝපි සහ චොකලට් වැනි ආහාර

x අඩුම තරමින් වැඩිහිටියකු දිනකට පිරිසුදු වතුර ලීටර තුනක්වත් පානය කළ යුතු වේ. මෙම වතුර ප‍්‍රමාණය ගැනීම දවස පුරාවට කළ යුතුය.

x ආහාර ගැනීමට පෙර හා පසුව දෑත පිරිසුදුව තබා ගැනීමෙස් හෙලිකොබැක්ටර් ෆයිලෝරි වැනි බැක්ටීරියා ආසාදනය අඩු කළ ගත හැක.

x අධික ස්ථුලතාවද ගැස්ට‍්‍රයිටිස් රෝගයට නැඹුරු වීමට එක් හේතුවකි. එම නිසා උසට ගැළපෙන ප‍්‍රමාණයට බර පාලනය කිරීම වැදගත් වේ.

X වේදනානාශක ඖෂධ භාවිතය අවම කළ යුතුවේ.

x දුම්පානය සහ මත්පැන් භාවිතය නවතා දැමිය යුතුවේ.

x මානසික ආතතිය සහ පීඩනය වැඩි රෝගීන් හැකි තරම් දුරට තත්ත්ව පාලනය කළ යුතුවේ.

x අඩුම තරමින් පැය 6 ක් වත් නිදාගත යුතුවේ.

x නිදාගන්නා සැමවිටම දකුණු පැත්තට ඇලවී නිදා ගැනීමෙන් ගැස්ට‍්‍රයිටිස් රෝගය අඩුකර ගත හැකිය.

x හිර කලිසම් සහ සාය වැනි ඇඳුම් භාවිතය අවම කළ යුතුවේ.

 



අදහස් (0)

ගැස්ට‍්‍රයිටිස් මාරාන්තිකද?

දිනුෂා Wednesday, 16 December 2015 08:02 AM

හොද ලිපියක්. ඔබට නිරෝගී බව ලැබේවා (බ)

:       0       1

නුවන් දිසානායක Tuesday, 02 August 2016 03:27 PM

ගැස්ට්‍රයිටිස් අඩු කරගන්න දැන ගත්තා (අ)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site