IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ගස් බෙන ගෙම්බා

ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ කණ්ඩායමක් විසින් ලොව ප‍්‍රථම වතාවට කන්නෙළිය රක්ෂිතයේදී සොයාගන්නා ලද රාමනෙල්ලා නගාඔයි (ඍ්ප්බැකක් බ්ට්දස* නැමැති ගෙඹි විශේෂය ඉතාමත්ම සාර්ථක ලෙස ස්ථානීය සංරක්ෂණ ක‍්‍රමයක් මගින් සුරැුකීමට එම සංගමය සමත්වී තිබේ.

ගස් බෙන තුළ පමණක් වාසය කරමින් ඒ බෙන තුළම බිත්තර දමා සිය ජීවන චක‍්‍රය සම්පූර්ණ කරන මෙම ගෙඹි විශේෂය ශී‍්‍ර ලංකාවට ආවේණිකය. තර්ජනයට ලක්වූ ජීවී විශේෂයක් ලෙස සැලකෙන මොවුන් ගස් බෙන තුළ විනා පොළොව මතුපිට දක්නට නොලැබේ. 1997 වර්ෂයේදී ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මාලක බෝපගේ, අනෝම අලගියවඩු හා සුදේශ් බටුවිට යන කණ්ඩායමක් විසින් කන්නෙලිය වනාන්තරයේ කරන ලද ක්ෂේත‍්‍ර චාරිකාවකදී මෙම විශේෂයේ ගෙඹි පැටියෙකු ප‍්‍රථමවරට සොයාගන්නා ලදී. එම සොයා ගැනීමෙන් පසු එම සත්වයා පිළිබඳ පරීක්ෂා කළ සංගමයේ සාමාජිකයන්ගේ තීරණය වූයේ මෙම සත්වයා මෙතෙක් ලොව හඳුනා නොගත් සත්වයෙකු විය හැකි බවයි. ගෙඹි පැටියා ප‍්‍රථමවරට සොයාගත් තිදෙනා සම`ග කි‍්‍රෂාන් වේවැල්වල හා එම්.එම්.බාහීර් යන දෙදෙනාද එක්ව 1999 දී කන්නෙළිය වනාන්තරයේ මෙවැනි සතුන් පිළිබඳ තොරතුරු සොයා බලති. ඔවුන්ගේ නිරීක්ෂණ අනුව නව ගෙඹි විශේෂය ගස් බෙන වල සිටිමින් කෑ ගසන බවත් තීරණය කෙරුණි. ඒ අනුව වනාන්තරයේ ස්ථාන කිහිපයකින් සත්ව ආදර්ශක කිහිපයක් ලබාගැනීමට මෙම පිරිස සමත් වෙති. සත්ත්ව නිදර්ශක ගෙන ආ වනජීවී සංරක්ෂණ සංගමයෙ සාමාජිකයෝ ලංකාවේ උභයජීවීන් පිළිබඳ පරීක්ෂණ පවත්වන සත්ව විද්‍යාඥයින් වන කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතාට හා රොහාන් පෙතියගොඩ මහතාට එම නිදර්ශක ලබා දුන්නේ නව විශේෂයක් ලොවට හඳුන්වා දීමේ අපේක්ෂාවෙනි. ඔවුන්ගේ අපේක්ෂාවන් සඵල විය. ගස් බෙන වල වාසය කරමින් කෑ ගසන මෙම අලූත් මැඩි විශේෂය ලෝකයේ මෙතෙක් සොයා නොගන්නා ලද නව විශේෂයක් බව පර්යේෂකයෝ දෙදෙනා තහවරු කළහ. ලංකාවේ සත්ත්ව විද්‍යාත්ම පර්යේෂණ සඳහාද මුදල් ලබාදෙන ජපානයේ පවත්වාගෙන යන නගා ඕ නැමැති පරිසර පදනමේ නිර්මාතෘ ඉඞ්රෝ නගා ඕ නැමැති ජපන් ජාතිකයාට ගරු කිරීමක් වශයෙන් ඍ්ප්බැකක් බ්ට්දස නමින් මෙම ගෙඹි විශේෂය සත්ත්ව විද්‍යාත්මක නාමකරණයට භාජනය කෙරුණි. ලෝකයේ හඳුනාගත් ජීවීන් අතරට නව විශේෂයක් එක් කෙරුණි. ඍ්ප්බැකක් බ්ට්දස නැමැති මෙම මැඩියා නගා ඕගේ මොට හොඹු මැඩියා යනුවෙන් සිංහල භාෂාවෙන් හඳුන්වයි. මෙම මැඩියාගේ විශේෂත්වය වන්නේ බිත්තරයේ පටන් මරණය දක්වාම ගස් බෙනයක් තුළ සිය ජීවන චක‍්‍රය සම්පූර්ණ කිරීමයි. මෙවැනි තවත් මැඩි විශේෂයක් වූ ඍ්ප්බැකක් චමකප්ඒ හෙවත් පාකර්ගේ මොට හොඹු මැඩියා නැමිති විශේෂය ලංකාවේ උඩරට කඳුකර වනාන්තර වලදී හමුවන අතර පහත රට තෙත් කලාපයේ හමුවන ගස්බෙන වල වාසය කරන එකම උභය ජීවී විශේෂය වන්නේ නගා ඕගේ මොට හොඹු මැඩියා පමණි. වැඩිහිටි පිරිම සතුන් මිලි මීටර් 26.4 සිට 28.8 දක්වා දික්වන අතර වැඩිහිටි ගැහැණු සතෙකු මිලි මීටර් 27.4 සිට 31.5 දක්වා දික්ව වැඬේ හොඹු දාරය රවුම්ව පිහිටා ඇති බැවින් මොට හොඹු මැඩියා ලෙස නම් කර තිබේ. වට ප‍්‍රමාණය සෙන්ටිමීටර් 22 සිට 188 දක්වා වූ ගස්වල බෙන තුළ මේ මැඩි විශේෂය හමුවේ කුඩාම බෙනයේ ජලය මිලි ලටර් 70 ක් තිබී ඇති අතර එහි ඉස්ගෙඩියන් 50 ක්ද විශාලතම බෙනයේ ජලය ලීටර් 1.5 ක් වූ අතර එහි ඉස්ගෙඩියන් 150 ක්ද සිටින බව පර්යේෂකයෝ නිරීක්ෂණය කර තිබේ. ඇලෙන සුළු බිත්තර පොකුරු බෙනයේ බිත්තියේ අලවන අතර ඒවාහි බිත්තර 16 සිට 24 දක්වා ප‍්‍රමාණයක ඇත. මෙම බ්ත්තර පොකුරු ජල මට්ටමට සෙන්ටිමීටර 1 ක් හෝ 2 ක් පමණ ඉහළින් අලවා තිබේ. ලංකාවට ආවේණිකයෙකු ලෙස ලෝකයට අලූතෙන් හඳුන්වා දුන් මෙම සත්ත්ව විශේෂය කන්නෙළිය වන රක්ෂිතය තුළ පමණක් ඇතැයි සිතා සිටියද එම සත්වයා සිංහරාජ වනාන්තරය, හියාරේ රක්ෂිතය හා කිතුල්ගල ප‍්‍රදේශයේ වනාන්තර තුළ සිටින බවද පසුව සොයාගන්නා ලදී. මෙම මැඩියා වඳවී යාමේ තර්ජනයට ලක්වූවෙකි. සිංහරාජය වැනි විශාල වනාන්තර සුළං බාධකයක් ලෙස කි‍්‍රයා කරයි. එහෙත් මෙම සත්වයා සිටින හියාරේ වැනි කුඩා වනාන්තර කුට්ටි දැඩි සුළ`ගට නිරාවරණය වී තිබීම හේතුවෙන් ගස් බෙන වල ඇති ඔවුන්ගේ වාසස්ථාන වල ජලය ඉක්මනින් වියළී යයි. වාසස්ථාන අහිමිවීම මෙම අපූරු ජීවියාගේ පැවැත්මට දැඩි තර්ජනයකි. මෙම සත්වයා සංරක්ෂණය කළ යුතු බව තීරණය කළ ගාල්ල වනජීවී සංගමය ඒ සඳහා එම සත්වයා සිටින ස්වභාවික පරිසරයේදීම සංරක්ෂණය කිරීමේ ක‍්‍රමය හෙවත් ස්ථානීය සංරක්ෂණ ක‍්‍රමය තෝරාගත්හ. මේ පිළිබඳ ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමයේ මධුර ද සිල්වා මහතා මෙසේ කියයි. අපි මේ සතුන් වෙනුවෙන් කෘතිම ගස් බෙන හැදුවා. කුකුළු දැලක් උපයෝගී කරගෙන සාදන සැකිල්ල වටා හුඹස් මැටි හා සිමෙන්ති මිශ‍්‍රණයක් යොදා විවිධ හැඩ සහ ප‍්‍රමාණ වලින් සකස් කළේ. එය සති ගණනක් පල් කරලා ස්වභාවික ගස් බෙන වලින් ලබාගත් ජලයත් සාමාන්‍ය දොළ පහරකින් ලබා ගත් ජලයත් කලවම් කර කැදලි තුලට යොදා වනාන්තරයේ ගස්වල විවිධ උස මට්ටම් වලින් රැුදෙව්වා. අපේ බලාපොරොත්තව උනේ මේ කැදලි ගස් බෙන කියා සිතාගෙන මෙම මැඩියා බිත්තර දමනු ඇතැයි කියා. මධුර සම`ග මේ කාර්යය සඳහා එක්වූ සමීර අක්මීමණ හා කවීෂ් වේවැල්වල යන මහතුන් දිගින් දිගටම මේ කෘතිම බෙන නිරීක්ෂණය කළහ. අපි මේ කැදලි වනාන්තරයේ තියලා මාස අටකට පස්සේ මැඩියන් එහි බිත්තර දමා තිබුණා. ඒ අනුව අපි සාර්ථක වුනා. මේ වන විට වනාන්තරයේ විවිධ ස්ථානයන්හි අපේ මේ කෘතිම කැදලි රඳවා තිබෙනවා. මැඩියන් ඒ කැදලි තෝරාගෙන බිත්තර දමනවා. දැන් මේ සත්වයාට වාසස්ථාන අහිමිවී යාමේ තර්ජනයක් නැහැ. මධුර වැඩිදුරටත් කියයි.



අදහස් (0)

ගස් බෙන ගෙම්බා

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2437 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 651 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 856 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1190 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 699 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 448 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 375 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 98 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1125 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site