කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද (23) සිට රුපියල් 1346 ක් දක්වා අඩුකර ඇතැයි ගෑස් සමාගම් පවසයි. අයවැයට පෙර ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1456 කි. කිලෝ 5 සිලින්ඩරයක මිල රුපියල් 572 දක්වා රුපියල් 60 කින් ද කිලෝ 2.5 සිලින්ඩරයක මිල රුපියල් 273 දක්වා රුපියල් 27 කින් ද අඩු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දර වලින් උයන අයට ගෑස් මිල අඩු වුණාට ඇති වාසිය මොකද්ද ? (ම)
මොනවා අඩු කලත් රටේ කිසි සංවර්ධනයක් නැහැනේ, (ම)
අඩු කරපුවගේ හැටි බලාගන්න පුළුවන්, සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන හැටි දැක්කම. (ර)
ඉස්සරහ සාක්කුවට 150 දාල පස්සේ සාක්කුවෙන් 500 පොකට් ගහපු අය වැයක් මේක..(ම)
කාලෙකින් පස්සේ හොඳ අයවැයක් (ම)
හොදක් කියන්න හොදක් දකින්න කැමතිම නැති සමාජයක් .අරක්කු සිගරට් වැඩි වුණ නිසාද දන්නේ නැ මේ අඩන්නේ .තව කොච්චර දේවල් අඩු වුණාද? (ම)
කොච්චර ගෑස් අඩු වුණත් අපේ ගෙදර උන්දැගේ ගෑස් නම් අඩුවක් නැහැ. (ම)