IMG-LOGO

ගාසා තීරයේ බලය අතට ගන්න පලස්තීන පාලන අධිකාරිය සූදානම්

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට පුළුල් දේශපාලන විසඳුමක් සොයාගත හැකි නම්, ගාසා තීරයේ බලය තමන් අතට ගැනීමට සූදානම් බව පලස්තීන පාලන අධිකාරිය වෙනුවෙන් පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් පවසා තිබේ.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට එකම විසඳුම ද්වී රාජ්‍ය විසඳුමක් යැයි පලස්තීන ජනාධිපති අබ්බාස්ගේ අදහසය. ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හමුවුණු අවස්ථාවේදී ද අබ්බාස් මේ බව යළිත් වරක් තහවුරු කළේය.

ඊශ්‍රායලය ලෙස යුදෙව්වන් වෙනුවෙන් වෙනම රාජ්‍යයක් බිහිවූ දා පටන්, පලස්තීනුවෝ ගාසා තීරයටත් බටහිර ඉවුරටත් පමණක් සීමා වී සිටිති. ගාසා තීරය සහ බටහිර ඉවුර ඇත්තේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය.

පලස්තීන පාලන අධිකාරිය යටතේ පවතින්නේ බටහිර ඉවුර වන අතර, ජනාධිපති අබ්බාස් සිටින්නේ මෙම බටහිර ඉවුරේය. අබ්බාස් නියෝජනය කරන්නේ ‘ෆාටා’ දේශපාලන පක්ෂයයි.
‘ෆාටා’ දේශපාලන පක්ෂයේ එදිරිවාදීන් ලෙස සැලකෙන්නේ හමාස් සංවිධානයයි. 2007 වනතුරු ගාසා තීරය පලස්තීන පාලන අධිකාරිය යටතේ පැවැත්වුණු අතර, 2007 වසරේ දී හමාස් සංවිධානය බලයට පත් විය. හමාස් සංවිධානය දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය.

ඊශ්‍රායලය, ඇමෙරිකාව, යුරෝපා සංගමය හමාස් සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකයි. ඊශ්‍රායල හමුදා මේ මොහොතේ ගැටෙන්නේ හමාස් සංවිධානයේ සන්නද්ධ අංශ සාමාජිකයන් සමඟය. ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමා ඔවුන් බලයෙන් නෙරපා දැමීම ඊශ්‍රායලයේ අරමුණ වී තිබේ.



අදහස් (0)

ගාසා තීරයේ බලය අතට ගන්න පලස්තීන පාලන අධිකාරිය සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 250 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 126 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1748 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site