අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළෙවරක පිහිටි දෙහිප්පාව දඹුළු හල්මිල්ලෑවේ මහළු මවක හා පියෙක් කාළයක් තිස්සේ අබාධිත දරු සිව් දෙනා රැක බලා ගැනීමට මහත් වෙහෙසක් ගනිති.
උපතින්ම අබාධිත වු සෝමලතා (48) ස්වර්ණලතා (46) නිමල් චන්ද්‍රසිරි (41) සරත් කුමාරසිරි (38) ඔවුනට එහෙන් මෙහෙන් බැද ගත් රෝද පුටු වල අධාරයෙන් එහා මෙහා යති .
පියා එල් එච් පියදාස මහතා ගේ වයස අවුරුදු 71 කි. මව කේ ඩබ් ලිව් බන්දුවතීගේ වයස අවුරුදු 68 කි. දඹූළු හල්මිල්ලෑව හමුදා කදවුර පවුලට තුන්වේලම ආහාර සපයා දෙයි.
ආබාධිතව සිටියද මේ සිව් දෙනා සබන් බිස්කට් ආදී විකුණන පුංචි කඩ දෙකක් පවත්වාගෙන යති. දානපතියෝ පිරිසක් වසර කිහිපයකට පෙර ඔවුනට නිවසක් ඉදි කැර දුන්හ. දැන් ඔවුන්ගේ අවශ්‍යතාව වි ඇත්තේ ආබාධිතයනට අවශ්‍ය වැසිකිළියක් හා වතුර නෑමට තැනකි.
ගිණුම් අංකය 6627729 - ශාඛාව - ලංකා බැංකුව - ගල්කිරියාගම ඔවුන්ගේ දුරකථන අංකය -066/5710281
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇසට කදුලක් දනවපු මොහොතක්. සියල දෙනාටම නිදුක් නිරෝගී වේවා! සම්මා සම්බුදු සරණයි..!!! (නි)
ජීවමාන දෙවියන් මොවුන්ය. කවදාවත් දේශපාලකයන්ගෙන් යමක් බලාපොරොත්තු වෙන්න එපා. මේ කරපු මිනිස්සු කළා වගේ සාමාන්‍ය ජනතාව උදව් කරනවා මෙයාලට හෙට දවසේත්. මේ දෙමාපිය දෙපලට යෝධ බල , යෝධ ශක්තිය ලැබේවා. (නි)
බලන්න අපේ උදාර හමුදාව. මුළු ලෝකටම ආදර්ශයක්. අපේ හමුදාවටත්, උදාර දෙමවිපියන්ටත්, ඔවුනට පිහිටවන සියලුම දෙනාටත් සම්බුද්ධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා!!(නදී)
තථාගතයන් වහන්සේ දෙසු හේතුපල දහම මැනවින් අවබෝධ වීමට උතුම් කමටහනක් වේවා! මේ අයට තාක්ෂණික වශයෙන් හෝ මානසිකව ධෛර්යක් ලැබෙන විදිහේ උපකාරයක් කරන්න පුලුවන් නම් ලොකු පිනක් කරගන්න පුළුවන්. සියලු දෙනාටම නිරෝගී සුවය පතමු (නි)
කොච්චර දුප්පත් උනත් මෙයාල සතුටින් ඉන්න හැට් බලන්න.(නදී)
හතුරෙකුටවත් මේ වගේ දුකක් නම් වෙන්න එපා (නි)
ඹබ දෙපලට බුදුසරනයි.(නදී)
හතුරෙකුටවත් මෙවන් දෙයක් නොවේවා! (නි)
මැති අමතිවරුනේ..ඔබලාගේ දවසක එක වැටුපක් පුජ කරන්න මේ වගේ අහිංසක පව්ලක් වෙනුවෙන්...හදවත් ඇති මිනිසුනේ මේ ඉන්නේ අපේම මිනිස්සුන්.උපදින උපදින ආත්මයක් ආත්මයක් පාසා...මෙවැනි ලෙඩක් දුකක් නැතිව.මේ සසරේම ඉපදේවා..මේ රත්තරන් දෙමව් පියෝ දෙන්නට යෝද බල විර්ර්ය්ය ලැබේව මෙවැනි පුවත් මේ මුළු ලොවට පෙන්නන ලංකාදීප දීපාලොකයක්ම වේවා..(අ)
ඒ දෙමාපියන්ට යෝධ ශක්තිය ලැබේවා! (නි)
මැති අමතිවරුනේ,ඔබලාගේ දවසක එක වැටුපක් පුජා කරන්න මේ වගේ අහිංසක පව්ලක් වෙනුවෙන්. හදවත් ඇති මිනිසුනේ, මේ ඉන්නේ අපේම මිනිසුන්.උපදින උපදින ආත්මයක් ආත්මයක් පාසා මෙවැනි ලෙඩක් දුකක් නැතුව,මේ සසරේම ඉපදේවා!මේ රත්තරන් දෙමව්පියෝ දෙන්නට යෝධ බල විර්යය ලැබේවා! මෙවැනි පුවත් මේ මුළු ලොවට පෙන්නන ලංකාදීප දීපාලෝකයක්ම වේවා! (නි)
කොහොම වුනත් හොද ආදර්ශමත් මව්පිය දෙපලක්. සිය පවුලම නිදුක් 'වේවා'කියා පතමි. සම්මා සම්බුදු සරණයි..!!! (නි)