හිනිදුම නුගගල වනයේ ආරණ්‍යවාසී හිමිනමක් වන යාලේගම සුමනජෝති හිමියන් වැඩවිසින අරණ්‍යයේ තිබු ගස් ජාවාරම්කරුවන් කපාගෙන යාම හේතුවෙන් ඒ හිමියන් ඔවුන්ගේ පවුල්වලින් දානයද ප්‍රතික්ෂේප කර ඇතැයි කියති.
පහතරට නිවර්ත වැසි වනාන්තරයක් වන කන්නෙලිය රක්ෂිතයේ කලක සිට දැව ජාවාරම සිදුව ඇතැයි උන්වහන්සේ කියති.
සුමනජෝති හිමියෝ ගස් කැපූවන්ගෙන් දානය ප්‍රතික්ෂේප කරන බවත් තමන් වහන්සේගේ ජීවිතයට හානියක් වුවහොත් එයට දැව ජාවාරම්කරුවන් වගකිව යුතු බවත් සඳහන් කරමින් දැන්වීමක්ද ආරණ්‍යයේ එල්වා තිබේ.
(ඡායාරූප - ෆේස්බුක් වෙබ් අඩවියෙනි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතනේ හාමුදුරුවෝ හොද වැඩක් කරලා තියෙන්නේ. මොකද නිලධාරීන්ගේ ඈස් දැන්වත් ඇරෙයි ද කියලා බලමු අපි (ම)
ගණන් ගන්න එපා අපේ හාමුදුරුවනේ.ගස් නැතත් යහපාලානේ තියෙනවනේ.(ම)
මාධ්‍ය අාවරණය ඉතා වැදගත් ඉක්මණින් විසදුම් ඔනෑ (ම)
උන් වහන්සේගේ මෙම ක්‍රියාව අගය කරමි. (ර)
හාමුදුරුවනේ, ඔය වනචාරින්ගේ නම් ටික පොලිසියට දෙන්න. ගම්මු එක්ක බලපෑම් කරන්න මොවුන්ට දඬුවම් දෙන්න කියලා. දානය පිළිනොගැනීමෙන් ඔවුන් මට්ටු කරන්න බැහැ (නි)
අපේ හමුදුරුවනේ, දානය නොගෙන ඉඳීමෙන් පමණක් ප්‍රශ්නය විසදේද. මේ හොරතක්කඩියන් නීතියේ ඉදිරියට ගෙවන්න දායකයිගේ සහයත් ලබා ගන්න. ඔබ වහන්සේට කිසිඳු අාරක්ෂා කරත්වා. (ම)
සියලු දේ අනිත්‍යයි අපේ හාමුදුරුවනේ ! මේ වෙන විනාශයන් දැකල අඩුම තරමේ ඔබ වහන්සේ හරි මේ අපායෙන් මිදෙත්වා (බ)
කිව්වත් වගේ මේ හාමුදුරුවන්ට ආරක්ෂාව සැපයුවොත් යහපති. ඔය ගස් ගෙම්බෝ නහයට අහන්නේ නැති තිරිසන් එවුන්. (ස)
මම හිතුවේ යහපාලන රජයක් යටතේ දැන් ඔයදෙවල් වෙන්නේ නෑ කියල. (ස)