කතරගම ගිය වන්දනාකරුවන්ගෙන් ගසා කෑ වෙළඳුන්ට දැඩි අවවාද කළ බව පොලිසිය පවසයි.
ආප්පය රුපියල් 40 ට විකිණීම හා වැඩි මිලට නවාතැන් සැපයීම කතරගම පොලිසිය මැදිහත් වී නවතා දැමීමට කටයුතු කළ බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩී. පී. කුමාරගේ මහතා පැවැසීය.
නිවාඩු දිනවල අධික ජනකායක් කතරගම පැමිණි අවස්ථාවේදී ඇතැම් වෙළඳුන් ප්‍රදේශයේ ජංගම කඩ සාදාගෙන ආප්ප, බීම බෝතල් වැනිදෑ වැඩි මිලට විකුණූ බව දැනගත් පසු කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපාලි කාරියවසම් මහතාට දැනුම්දීමෙන් මෙසේ වෙළඳුන්ට අවවාද කළ බවත් කිසිදු භාණ්ඩයක් වැඩි මිලට විකිණීමට ඉඩක් තබා නැති බවත් බස්නායක නිලමේවරයා පැවැසීය.
වෙළඳුන්ට අවවාද කිරීම ගැන සෑහීමකට පත්වන්නේ දැයි කතරගම මහ දේවාලය අසල සිටි වන්දනාවේ පැමිණි කතකගෙන් විමසූ විට පැවසූයේ පොලිසියෙන් බේරුණත් වැඩිමිලට බඩු විකුණූ වෙළඳුන්ට දෙවියන්ගෙන් නම් බේරුමක් නොවන බවයි.
දේවාල භූමියේ නොමිලේ කෑම බීම සැපයීමටද සනිපාරක්ෂක කටයුතු සඳහාද දේවාලයේ සේවකයන්, හමුදා අංශ සහ කතරගම පොලිසිය මැදිහත් වි සියලු පහසුකම් සලසා ඇති බවද කුමාරගේ මහතා කීවේය.
කතරගම අවට වෙළඳාම් කරන වෙළඳුන්ද, පොලිසිය ද , පාරිභෝගික අධිකාරිය, මොනරාගල දිසාපති සමග සෞඛ්‍ය සේවා නිලධරයන් සමග ළඟදීම සාකච්ඡාවක් පවත්වා මෙවැනි දේ සිදු නොවීමට වග බලාගන්නා බවද බස්නායක නිලමේවරයා සඳහන් කළේය.
කතරගම පූජා භූමියට සම්බන්ධ පුද්ගලයකු පැවසූයේ කතරගමට වන්දනාකරුවන් ගේ පැමිණීම නතර වුවහොත් එහි ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනාටම බඩගින්නේ සිටීමට සිදුවන බවයි. එවිට කතරගම ආර්ථිකයම කඩා වැටෙන බවත් ඔහු කීවේය. මේ තත්ත්වය හඳුනාගෙන කතරගමට එන වන්දනාකරුවනට ඉහළම සැලකිලි දැක්විය යුතු බවත් ඔවුන් ගසා නොකෑ යුතු බවත් ඔහු පැවසීය.
කතරගම එකමුතු වෙළඳ සංගමයේ සභාපති කේ.පී.ජී. බන්දුල මහතා පැවසූයේ කතරගම පූජා නගරයේ ස්ථිර කඩ හිමියන් 120ක් පමණ තම සංගමයේ සාමාජිකයන් බවයි. පාරිභෝගික අධිකාරියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පරීක්ෂණය යටතේ වෙළහෙළඳාම් කරන තම සාමාජිකයන්ගෙන් කළු කඩ වෙළඳාමක් කිසිවිටක සිදුනොවන බව ඔහු කීවේය. එවැනි දේ සිදුවනුයේ 300- 400 ක් පමණ වන තාවකාලික හා අනවසර වෙළඳුන්ගෙන් බව ඔහු පැවසීය. කතරගමට සෙනග එන විට ලොරියකින් හෝ ට්‍රැක්ටරයකින් අවුත් ආප්ප කඩ, තේ කඩ හා වෙනත් කඩ අටවන බවත් පසුදා එළිවෙන විට එම කඩය එතැන නැති බවත් ඔහු සඳහන් කළේය. මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබී නැතැයිද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේ පීකේ කියන්නේ? මොනවද මේ කියන කතා? (නි)
කතරගම දෙවියන්ට ඕවට දඩුවම් කරනවානම් පසුගිය කාලේ ගසාකාපුව හැටියට දැන් සියගාණක් දඩුවම් ලැබිල තියෙන්න ඕනේ මේවා බොරු බයිලා (බ)
වහාම මෙම වෙළඳ මාෆියාව නැවැත්විය යුතුයි (නි)
මෙයාලට අඩු වලිගයක් හා අන් දෙකක් පමණි. (කෞ)
ඔය තැන, තැන අටවාගත්ත තැන් වලින් ආප්ප කාපු අයට කතරගම දෙවියන්ගේම පිහිටයි.! (බ)
හොඳ ගාණක් හම්බ කරගන්න ඇති (නි)
අහිංසක මිනිස්සු අවුරුද්දට එක සැරයක් ආප්පයක් වැඩි ගණනකට විකුණලා දුප්පත් පවුලක් ආරක්ෂා කරගෙන අමාරුවෙන් ජීවත් වෙන දෙමාපියෝ සුඛෝපභෝගී වාහනයකින් කතරගම ගිහින් රුපියල් හතළිහකට ආප්පයක් කෑවහම පව් සිද්ධ නොවේ (බ)
පස් පවින් තොරව ජීවත්වන්න. එවිට දෙවියන් ඔබව නිතැතින් ආරක්ෂා කරනු ඇත. (නි)
ඇයි අවවාද නීති විරෝධී ලෙස වෙළදාම් කළ අයට දඩුවම් කරන්නේ නැද්ද ? රටේ නීතිය කෝ ? (බ)
කතරගම දෙවියන් ඕවට අහක බලාගන ඉන්නේ නැහැ. වෙලාව ආවාම නීතියෙන් නැතත් දෙවියෝ බලාවි. (ර)
දුවේ පුතේ අම්මේ තාත්තේ අද ඉඳල වැඩි මිලට බඩු විකුනන්ට එපා හොඳ අවවාදයක් හෙට ඉඳල නියම මිලට බඩු විකුනෙයි අනේද කියන්නේ... (ර)
වැඩි මිලට විකිණුවා නෙවෙයි ඒ කෑම කාපු උදවියට බඩේ අමාරුවක් ඇවිත් රෝහල් ගත කරත් ඔච්චරයි. (ර)
අවවාද මොකටද දඬුවම් දුන්නනම් හරි. (ර)
අහිංසක මිනිසුන් කීයක් හෝ වැඩියෙන් උපයන්නේ මාළිඟා තැනීමට නොවේ (ම)
මිනිස්සු මිත්‍යා විශ්වාස පසුපස යනවා. ඔච්චර සෙනගක් බලාගන්න එක දෙවියෙකුට පුලුවන්ද. අද ඉන්න බෞද්ධයෝ පින,පව සහ කුසල, අකුසලය අතර වෙනස වත් දන්නේ නෑ. මම ඕක ගොඩක් හාමුදුරුවරුන්ගෙනුත් අහල තියෙනවා. ගොඩක් දෙනෙක් දන්නේ නෑ. දන්නවා කියල හිතාගෙන ඉන්න දේවල් වැරදියි. (ස)
මා පදිංචි රටේ නම් ආගමික උත්සවයක් හෝ වෙන අවස්ථාවක් වෙනුවෙන් හෝ තාවකාලික කඩයක් ඉදිකිරීමට අවශ්‍ය අය නගර සභාවෙන් ඒ සඳහා මුදල් ගෙවා අවසරයක් ලබා ගත යුතු වෙනවා. සනිපාරක්ෂක විදියට කෑම මහජනයාට සැපයීමට ඒ වෙළඳුන් බැඳී සිටියත් ඒක නම් මෙහේ උනත් හරියට වෙන්නේ නැහැ. (ස) ශ්‍රී ලංකාවේ වගේ මෙහේ මිල පාලනයක් නම් නැහැ. පාරිභෝගිකයා අඩුම මිලක් සොයන නිසා වෙළඳුන් අතර විශාල මිල වෙනසක් නැහැ.
මම හිතන්නේ හේවගේ හරි. දෙවියොත් දකින්නේ එලෙසයි. ඒකයි දඬුවම් නොදෙන්නේ. (ස)
මටත් මේ වගේ දෙයක් සිදුවුණා කතරගමදී. නමුත් වෙළඳසැල් හිමියෙකුගෙන් නම් නොවෙයි, මුණගැහුන කපු මහත්තයෙකුගෙන්. සවස පූජාව වීඩියෝ කිරීමට මා දේවාලය ඇතුළේ හිටපු කපු මහත්තයෙකුගෙන් අවසර ලබාගෙන මගේ වැඩේ කරන අතර එතුමා මා වටේ පරිභ්‍රමණය වෙමින් සිටින බව මට දැනුනා. මගේ කටයුත්ත නිමාකර මා දෙවොලින් පිටවුණාට පසුව එම කපු මහත්තයා මට ආශීර්වාද කර, නළලේ මොනවාදෝ ආලේප කර පඬුරක් දමන්න යැයි කිවුවා. මම එයාගේ අතේ තිබුන වට්ටියට නෝට්ටුවක් දැම්මා. එයා ඒක මදි කියා තව ඉල්ලුවා. "මහත්තයා, මම කරපු ආශිර්වාදයට, කන්නලවුවට මීට වඩා දෙන්න ඕනෑ" කියද්දී මම යන්න ආපහු හැරුනා. එයත් මොනවාදෝ මතුරමින් යන්න ගියා...... වෙළෙන්ඳන්ට විතරද තණ්හාව තියෙන්නේ කියා මට දැන් හිතෙනවා. (නි)
අප නුදුටු නොදකින දෙවියන් පසුපස යනවට වඩා , බුදු බන අනුව ජිවත් වනවානම් රට මිට වඩා යහපත් කියා සිතේ. (ර)
පොලිසිය දිගු කාලයකට පස්සේ සිය ආදර්ශ පාඨය (ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී) ට අමිල වටිනාකමක් එකතු කරලා. කඳ සුරිඳුගේම පිහිටයි. (ර)
වැඩේ වැරදි තමයි. නමුත් කතරගම දෙවියෝ ඕව බලන්නේ නැහැ. දැක්කත් ඇස් පියාගෙන සිටිනවා.හැමදාමත් පුජා වට්ටි වලින් කෙතරම් ගසා කෑමක් කරනවාද? මගේ රට ඉන්න මෝඩ පුතා කතරගම දෙවියන්ට රත්තරන් මාලයක් පුජා කරන්න කියල මුදල් එව්වා. මගේ බිරිදත් මාලයක් අරන් කතරගම දේවාලයට ගිය. රත්තරන් මාලය දුටුවා විතරයි කපු රාළට පෝලිමත් අමතක වෙලා විශේෂ පුජාවක් කරන්න කපුවකු ඇයට දුන්නා මොන මොනවාද කිව්වා. ඇතුලට ගියා .ඔන්න දෙවියන් ගසාකන හැටි එනිසා කතරගම දෙවියන් දැන් කතරගම අත්හැරලා ගොස් ඇති. මම නම් දන්නා විදිහට දෙවියන්ට අවශ්‍ය පින් පමණි. හැමෝම දෙවියන්ව විකුණගෙන කනවා. (බ)
මේක නතර කළ එක නම් හොඳයි (නි)